
(යොහාන් භාසුර)
කළු සහ නිල් මුද්‍රාව සහිත පාවිච්චි නොකළ ගෘහස්ථ ගෑස් සිලින්ඩර පාරිභෝගිකයාගෙන් ලබාගෙන අදාල සිලින්ඩර වර්ගයෙන්ම රතු මුද්‍රාව සහිත පිරවූ සින්ඩරයක් ලබාදිය යුතු බව ලිට්‍රෝ ගෑස් සමාගම සියලුම අළෙවි නියෝජිතයන්ට දැනුම්දී තිබේ.
පාරිභෝගිකයා අදාල සිලින්ඩරය බාරදෙන අවස්ථාවේදී අළෙවි නියෝජිතයා සතුව රතු මුද්‍රාව සහිත තොග නොමැතිවුවහොත් තොග ලැබුණු පසු ප්‍රමාදයකින් තොරව පාරිභෝගිකයාට ගෑස් සිලින්ඩර ලබාදිය යුතු බවත් කිලෝ 12.5, කිලෝ 5 සහ කිලෝ 2.3 කළු සහ නිල් මුද්‍රාව සහිත භාවිතා නොකළ සිලින්ඩර පාරිභෝගිකයන්ගෙන් භාරගැනීම අනිවාර්ය බවත් ලිට්‍රෝ සමාගම අළෙවි නියෝජතයන්ට දැනුම් දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිවැඩක් වෙන්නේ නෑ. අමාරුවෙන් ගෑස් සිලින්ඩරේ ගෙනියන්නේ පාවිච්චි කරන්න මිස හැඩ බලන්න නෙවෙයිනේ...
මාර විසදුම. ගෑස් ටැංකි ගෙදර ගෙනත් තියාගෙන පාවිච්චි නොකරන හරක් ඉන්නවා නම් හොඳයි. කාට කියන්නද මේවා...? හරි නම් මේ සමාගම්වල ලොක්කෝ මහ උළු ගෙදර යවන්න ඕනෑ. සීල් කඩපු නැති එකට අලුත් එකක්... ඇලඩින්ගේ පහන වගේ. නීතියක් නැති රටක ජනතාවට ආදරය නොකරන දේශපාලුවන් ඉන්න රටක මෙහෙම වෙන එක අහන්න දෙයක්ද?
හැම කාර්යයක්ම අවුල් ජාලයක්.ජනාධිපති ගෙයි වියත් මගෙයි වැඩ