
(යොහාන් භාසුර)
‘කොවිඩ්’ මර්දන පූර්ණ එන්නත්කරණය සඳහා මාත්‍රා තුනම ලබාගතයුතු බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අද (24) පැවසීය
එන්නත් දෙකක් ලබාගෙන තිබෙන පුද්ගලයන් පූර්ණ එන්නත්කරණය සඳහා තෙවැනි මාත්‍රාව හෙවත් ‘බූස්ටර්’ මාත්‍රාව ද ලබා ගතයුතු බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙරට එන්නත්කරණ වැඩපිළිවෙල ආරම්භ කර මේ මස 29 වන දිනට වසරක් සපිරීම වෙනුවෙන් දිවයිනේ සියලු රෝහල් සහ ප්‍රදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයවල විශේෂ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇති බවත් එම රෝහල් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයවල බූස්ටර් එන්නත්කරණ විශේෂ වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට සැලැසුම් කර ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා කීය.
සෞඛ්‍ය අමාත්‍යයේදී අද පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා එසේ පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිසි වැඩපිළිවෙලක් සකස්කොට සෞඛ්‍ය කාර්යාංශ වලට අවශ්‍ය එන්නත් ලබාදෙන්න.