(සුරංග රාජනායක සහ සුදත් එස් . කුමාරසිරි)
ගම්පොල පොලිස් කොට්ඨාසයට අයත් පුස්සැල්ලාව පෙරට්ටාසි පොලිස් ස්ථානයට කිසියම් පිරිසක් අද අලුයම එකට පමණ ගල් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පොලිසිය පවසයි .
මෙම ප්‍රහාරයෙන් පොලිස් ස්ථානයේ නාම පුවරුවට හානි සිදුවී ඇති අතර වහලයට ද ගල් ප්‍රහාර එල්ල වී තිබේ .
පෙරට්ටාසි ප්‍රදේශය නුවරඑළිය දිස්ත්‍රික්කයට මායිම් වන අතර එය ගම්පල පුස්සැල්ලාව නගරයේ සිට කිලෝ මීටර් විස්සක් පමණ දුෂ්කර ප්‍රදේශයක පිහිටා ඇත .
මෙම ප්‍රදේශයේ සිදුවන විවිධ අපරාධ මැඩ පැවැත්වීම හා සාමකාමී ජන ජීවිතයක් ගොඩනැගීමේ අරමුණින් මෙම පොලිස් ස්ථාන පිහිටවූ බවද උසස් නිළධාරියෙක් පැවසීය.
කෙසේ වෙතත් මෙම ප්‍රහාරයට වතු ජනතාව නියෝජනය කරන රජයේ ඇමතිවරයෙකුගේ නමක් කියවෙන අතර ඒ පිළිබඳව විමසීමට එම ඇමැතිවරයාට දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කරගැනීමට උත්සාහ දැරුවද එයට ප්‍රතිචාරයක් නොලැබුණි .
මෙම ප්‍රාදේශීය මන්ත්‍රීවරු දෙදෙනකු විසින් මෙවර නිදහස් උත්සවය වෙනුවෙන් මෙම ප්‍රදේශයේ පොල් පැල රෝපණය කර ඇති අතර ඒවා වතු පාලකයන් ගලවා දමා ඇත. ඒ පිළිබඳව මෙම පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර එම පැමිණිල්ල සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග නොගත්තැයි මෙවර පැවැත්වූ කොත්මලේ ප්‍රාදේශීය සභා මාසික රැස්වීමේදී ද එම මන්ත්‍රීවරුන් කතා කර ඇතැයි ද වාර්තා වෙයි.



2025 දෙසැම්බර් මස 16
44
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
838
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
607
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පෙරට්ටායි පොලිසියට ගල් ප්‍රහාරයක්