(ආරියරත්න රණබාහු)
නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ඇති කර තිබෙන නිසා ඕනෑම අයෙකුට ඕනෑම දේශපාලකයෙකුගෙන් බය නැතුව ප්‍රශ්න කළ හැකි යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (20) කෝට්ටේදී පැවසීය.
කිසිවෙකු ප්‍රශ්න මතු කළ පමණින් තමා තරහ ගන්නේ හෝ බනින්නේ නැතැයිද කි අගමැතිවරයා සුදු වෑන් යොදවා ඔවුන් ඩැහැගෙන යන්නේ නැතැයිද කීය.
අගමැතිවරයා මේ අදහස් පළ කළේ පිටකෝට්ටේ පිහිටි සොබාසිරි රිෂෙප්ෂන් හෝටලයේ පැවැති සිංහ සමාජ හා ලියෝ සමාජ ක්‍රියාකාරීන්ගේ හමුවේදීය.
අගමැතිවරයා මෙසේද කීය
‘‘අපි 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ස්වාධීන කොමිසන් සභා ඇති කළා. ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළා.මැතිවරණ කොමිසම ස්වාධීනව ක්‍රියා කරනවා අණ්ඩුවේ අයටත් මැතිවරණ සමයේ කිසි දෙයක් බෙදන්න බැහැ ඉස්සර ආණ්ඩුවේ අය බෙදුවා දැන් අපි නීතියට අනුව වැඩ කරන සමාජයක් ඇති කර තිබෙනවා.
යුත්තිය රජකරන සමාජයක් බිහිකර තිබෙනවා. විනිවිදභාවයක් තියෙනවා. තොරතුරු දනැ ගැනීමේ පනත අනුව ආණ්ඩුව කටයුතු කරන ආකාරයෙන් විමසා දැන ගන්න පුළුවන්" යැයිද පැවසීය.
මෙහිදී සිංහ සමාජයේ සහ ලියෝ සමාජ ක්‍රියාකාරීන් අගමැතිවරයාගෙන් සමාජ, ආර්ථික, දේශපාලන, අධ්‍යාපන ප්‍රශ්න 21 ක් විමසු අතර අගමැතිවරයා ඒ සෑම ප්‍රශ්නයකටම දීර්ඝ පිළිතුරු ලබා දුන්නේය.
විදෙස් අධ්‍යාපනය ලද තරුණ පිරිසක් මෙරට අධ්‍යාපනය සම්බන්ධයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් අගමැතිවරයා වෙත ප්‍රශ්න යොමු කළ අතර අගමැතිවරයා ඔවුන් අගය කරමින් පිළිතුරු දුන්නේය.
විදුලි බල හා බලශක්ති ඇමැති රවී කරුණානායක කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම් මරික්කාර් යන මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ.
COMMENTS
"මල්ලිගේ මාධ්‍යයෙන් කොළපාට ගහක්වත් පෙන්වන්නේ නැහැ" කියලා කතාවක් පැතිරෙනවා. එම මාධ්‍ය ආයතනයට "සජිත්ට කිසිම සහයෝගයක් දෙන්න එපා" කියලා උපදෙස් දීලා තියෙන්නේ ඔබතුමා මයි කියලයි කියන්නේ. අජිත් පෙරේරා "අගමැතිකම රනිල්ට දෙන්නේ නැහැ" කියලා කියන්නේ ඔබතුමා සජිත්ට කකුල් මාට්ටු දාන නිසාලු. ඇත්තද මේ කියන්නේ?...
නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ඇති කර තිබෙන නිසා ඕනෑම අයෙකුට ඕනෑම දේශපාලකයෙකුගෙන් බය නැතුව ප්‍රශ්න කළ හැකි බව සත්‍යය. නමුත් නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ප්‍රයෝජනයට ගනිමින් දුෂිතයන් විසින් කරගෙනු යන ලබන මඩ ප්‍රචාර වහාම නැවත්වීමට රජය ඉක්මනින්ම ක්‍රියා කලයුතුය.
ඒකනේ ඔබතුමා මෙච්චර පැරදී පැරදිත් තවම දේශපාලනේ ඉන්නේ. අනික දැන් කාගෙවත් ප්‍රජා අයිතිය අහෝසි කරලා ඡන්ද දිනන්න බලන්නේ නැහැ.
අම්මපා.... හා ඉතින් කියන්නකො ඔයාගෙ අහිසාර කොහු අබ යාළුවා වන "අර්ජුනය" එක්ක එකතුවෙලා මහා බැංකුවෙන් හොරකම් කල ඒ අපේ මුදල් ප්‍රමාණය කියාද කියල ?? මේ ප්‍රශ්නය අහන්නේ දේශපාලනයේ කෙල පැමිණියාය කියන රනිල් නමැති දේශපාලුවාගෙනි. එබැවින් එම දේශපාලුවාගේ යුතුකම සහ වගකීම නුගත් පුරවැසියකු විසින් අසන ලද ඉහත පැනයට ඍජුවම පිළිතුරු දීමය.
සජිත් ප්‍රේමදාස පොදු අපේක්ෂකයා සෑම කතාවකදීම තරුණ තරුණියන්ගේ අනාගතය ගැන කතා කළත් ඉදිරියේදී "BMICH" වැනි ආයතනයකට ලංකාවේ සෑම පළාතකම අවරණය වන පරිදි තරුණ තරුණියන් වෙනුවෙන්ම ඔහු සමග " A question- and-answer session " සංවාදයක් පැවැත්වීමට අවස්ථාව ලබාදිය යුතුය. "සෑම පළාතකින්ම පැමිණීමට නොහැකි නම් අන්තර්ජාලය මගින් සම්බන්ධ කළ යුතුයි" "මොඩරේටර්" කෙනෙකු අවශ්‍ය නොමැත. සජිත් ප්‍රේමදාසටම එම කටයුත්ත කරගත හැක. ලෝකයේ දියුණු රටවල මෙන් නායකයන් මෙන් ආරක්ෂකයන් සමග පැමිණ ඉතාම ප්‍රයෝජනවත්, අර්ථවත් වැඩසටහනක් පැවැත්විය හැකිය. මෙමගින් තරුණ තරුණියන් සමග මනා සම්බන්ධතාවයක් ඔහුට ගොඩනගා ගත හැකිය.
ප්‍රශ්න කරන්න? අපි බලන් ඉන්නේ ගෙදර යවන්න.
ප්‍රශ්න කරන්න නම් පුළුවන්... ප්‍රශ්නෙට අදාළ පිළිතුර නොලැබෙන එකයි මතුවන ප්‍රශනය... නැතිනම් මතක නැහැ කියන එකයි ලැබෙන උත්තරය...
ප්‍රශ්න කරන්න විතරයි පුළුවන්. උත්තර නෑ.
ප්‍රශ්න කළාට වැඩක් තියෙනවද? ඒකෙන් ප්‍රතිඵල නැත්තන්... උදාහරණයට මහබැංකු කොල්ලය ගැන කොච්චර ප්‍රශ්න කළාද? කෝ ප්‍රතිඵල? සුජීව සේනසිංහ කිව්ව නේද කිසිම හොරකමක් වෙලා නැහැ කියලා?
කොහොම වුණත් පක්ෂයේ නායකත්වය දැන් රට දිනන සජිත්ට දීලා විශ්‍රාම වයසේ ඉන්න ඔබතුමා දැන් ගෙදර ගියා නම් හොඳයි. එතකොට අලුත් සංකල්පයකින් තරුණ නායකයන් සමග රට කරගෙන යයි.
ඔබ තුමා රටට කරපු සේවාව කියා නිම කල නොහැක.
Dinesh, ඔයා ඉක්මනට බෙහෙත් ටිකක් ගන්න
මේ මනුස්සයා තමන්ගේ නම ගහපු පාරක්, ගොඩනැගිල්ලක් තියෙනවා නම් කියන්න පුලුවන්ද? මිනිහා දේශපාලනේ අවුරුදු 50ට වැඩිය ඉඳලා තියෙනවා. 3 සැරයක් පමණ අගමැති වෙලා තියෙනවා.
ඇත්ත, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තිබෙන නිසා බැංකු හොරෙකුට වුනත් එ්ක කරන්න පුළුවන්...
ප්‍රජාතන්ත්‍රවාදෙයි, රටේ දියුණුවයි එක වගේ...