(සිතුම් චතුරංග)
එළැඹෙන ජනාධිපතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙත සහාය ලබාදීමට ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමී විමුක්ති පක්ෂය තීරණය කර ඇති බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක කේ.චන්ද්‍රලිංගම් (තුලසි) මහතා පවසයි.
පුනරුත්තාපනය ලැබූ හිටපු එල්.ටි.ටි.ඊ සාමාජිකයින්ගේ ගැටළු ඇතුළු උතුරේ දෙමළ ජනතාවගේ ගැටළු සඳහා විසදුම් ලබාදිය හැකි එකම පුද්ගලයා සජිත් ප්‍රේමදාස මහතා බවත් ඒ අනුව තම පක්ෂයේ සාමාජිකයින් වන පුනරුත්ථාපනය වූ එල්.ටි.ටි.ඊ සාමාජිකයින් ඇතුළු සෙසු පක්ෂ නියෝජිතයින් සජිත් ප්‍රේමදාස මහතා වෙත සහය ලබාදීමට තීරණය කළ බව සඳහන් කළේය.
ජනාධිපතිවරණය වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය හරහා දෙමළ ජනාතාවගේ ගැටළුවලට සාධාරණ විසදුමක් ලබා ගැනීමට හැකියාවක් පවතින බවත් ඒ අනුව ඉදිරිපත් කළ කාරණා සම්බන්ධයෙන් අද (07) පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අනුමැතිය හිමිව ඇති බවත් පැවසීය.
අතුරුදහන් වූවන්ගේ ගැටළුව හා යුද්ධයෙන් සිදුවූ යුද අපරාධ වෙනුවෙන් සාධාරණය ඉටු කර ගැනීමටද සජිත් ප්‍රේමදාස මහතා හරහා හැකි වෙතැයි තම පක්ෂය අපේක්ෂා කරන බවද චන්ද්‍රලිංගම් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
COMMENTS
බලාගෙනයි සජිත්, මෙතනින් ඡන්ද දෙකතුනක් එකතුවෙන කොට තව දිහාකින් ඡන්ද සිය ගණනක් අඩුවෙන්න පුළුවන්.
හරියට පුනරුත්ථාපනය වූ අය නම් ප්‍රධාන අපේක්ෂකයො දෙන්නටම සහයෝගය දෙන්නෙ නෑ.
හෙට අනිද්දා වෙනකොට හන්දියේ ත්‍රීවීලර් පාක් එකේ කොල්ලෝ ටිකත් සජිත්ට සහයෝගය දක්වනවා කියලා මාධ්‍ය සාකච්චා තියයිද දන්නේ නැහැ. මොන විකාරද මේ? ඔය මොනවා කලත් ආයේ පරදිනවා
උතුරේ රැළි පෙන්නා නිවට නොවන්න. දකුණේ සුනාමිය ඉතා බිහිසුණුයි.
මේ අය ලංකරගන්නට යන පිරිස ගැන අවබෝධයෙන් සිතිය යුතුය.
ප්‍රදාන අපේක්ෂකයෝ දෙදෙනා සංසන්දනය කලොත් සජිත් හැම සාකච්ඡාවකටම ගිහින් එඩිතරව සාකච්ඡාව මෙහෙයවල නියම නායකත්වයක් පෙන්නනවා. අනික් ප්‍රති වාදීන් බැලුවම එන්නෙත් නැහැ හැංගෙනවා. බැලුවම සජිත් නිතරගයෙන් දැනටමත් දිනලා ඉවරයි. ඒකයි මේ හැම පක්ෂයක්ම සජිත් වටා රොක්වන්නේ.
ආණ්ඩුවේ ඉඳන් දේවල් නොකර දැන් මාර දේවල් කරනවා කියලනේ කියන්නේ . විහිළු නෙවෙයිද. මොන විස්වාසයක්ද . මං අහගෙන කියනවා ,මගේ රජයට කිසිම දුෂණ චෝදනා තිබෙන අයට තනතුරු නැහැ කියලා. තනතුරු දීල කියයි ඒ අයට නීතියෙන් එහෙම වෙලා නැහැ කියලා. මුළු රටම දන්නා හොරුන්ට තනතුරු ගන්ඩ පුළුවන්. ඔබ තුමා ආණ්ඩුවේ සියලු අණ පනත් වලට කිසිම විරුද්ධත්වයක් නොකර සියලු දේට අත ඔසවලා දැන් කියන ඒවා.
යකෝ ප්‍රජාතන්ත්‍රවාදීනම් සටන්කාමී වෙන්නේ කොහොමද ? අර 62 තවත් ගොනාට අන්දනවා.
කොහොම කොහොම හරි මේ වගේ සුළු හා වාර්ගික දේශපාලන පක්ෂ හා කුඩා කණ්ඩායම්... එක් ප්‍රධාන දේශපාලන අපේක්ෂකයෙක් පමණක් වටා සන්ධානගත වීම මහජනතාවට තම තීරණය ලබාදීම පහසු කරවනවා.
ගොඩක් ඉහළ ලේකම්ලා ටිකට් බුක්කරලා...