IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමී විමුක්ති පක්ෂයේ සහය සජිත්ට

(සිතුම් චතුරංග)         

එළැඹෙන ජනාධිපතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙත සහාය ලබාදීමට ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමී විමුක්ති පක්ෂය තීරණය කර ඇති බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක කේ.චන්ද්‍රලිංගම් (තුලසි) මහතා පවසයි.

පුනරුත්තාපනය ලැබූ හිටපු එල්.ටි.ටි.ඊ සාමාජිකයින්ගේ ගැටළු ඇතුළු උතුරේ දෙමළ ජනතාවගේ ගැටළු සඳහා විසදුම් ලබාදිය හැකි එකම පුද්ගලයා සජිත් ප්‍රේමදාස මහතා බවත් ඒ අනුව තම පක්ෂයේ සාමාජිකයින් වන පුනරුත්ථාපනය වූ එල්.ටි.ටි.ඊ සාමාජිකයින් ඇතුළු සෙසු පක්ෂ නියෝජිතයින් සජිත් ප්‍රේමදාස මහතා වෙත සහය ලබාදීමට තීරණය කළ බව සඳහන් කළේය.

ජනාධිපතිවරණය වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය හරහා දෙමළ ජනාතාවගේ ගැටළුවලට සාධාරණ විසදුමක් ලබා ගැනීමට හැකියාවක් පවතින බවත් ඒ අනුව ඉදිරිපත් කළ කාරණා සම්බන්ධයෙන් අද (07) පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අනුමැතිය හිමිව ඇති බවත් පැවසීය.

අතුරුදහන් වූවන්ගේ ගැටළුව හා යුද්ධයෙන් සිදුවූ යුද අපරාධ වෙනුවෙන් සාධාරණය ඉටු කර ගැනීමටද සජිත් ප්‍රේමදාස මහතා හරහා හැකි වෙතැයි තම පක්ෂය අපේක්ෂා කරන බවද චන්ද්‍රලිංගම් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 

 

 



අදහස් (17)

ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමී විමුක්ති පක්ෂයේ සහය සජිත්ට

Mahee Thursday, 07 November 2019 03:01 PM

බලාගෙනයි සජිත්, මෙතනින් ඡන්ද දෙකතුනක් එකතුවෙන කොට තව දිහාකින් ඡන්ද සිය ගණනක් අඩුවෙන්න පුළුවන්.

:       288       480

Dilan Thursday, 07 November 2019 03:04 PM

හරියට පුනරුත්ථාපනය වූ අය නම් ප්‍රධාන අපේක්ෂකයො දෙන්නටම සහයෝගය දෙන්නෙ නෑ.

:       48       49

Thilina Thursday, 07 November 2019 03:41 PM

හෙට අනිද්දා වෙනකොට හන්දියේ ත්‍රීවීලර් පාක් එකේ කොල්ලෝ ටිකත් සජිත්ට සහයෝගය දක්වනවා කියලා මාධ්‍ය සාකච්චා තියයිද දන්නේ නැහැ. මොන විකාරද මේ? ඔය මොනවා කලත් ආයේ පරදිනවා

:       871       903

athuraFriday, 08 November 2019 04:13 AM

නැහැ නැහැ ඒගොල්ලෝ ඔක්කොම ගෝඨාභයට ඡන්දෙ දීලා ඉල්ලගෙන කන්නයි හදන්නෙ.

:       164       385

BamunuarachchiSaturday, 09 November 2019 02:05 PM

ඇයි සජිත් රෑට රෑට ගෙදරට ඇවිත් කන්න දෙන බවක් කීවාද? මේ ආණ්ඩුව මේ අවුරුදු 5 රට කරන කොට සජිත් හිටියේ කොහෙද? ඒ කට්ටිය එක්කම නේද සජිත් ජනාධිපති උනානම්ත් රට කරන්නේ?

:       0       0

Finish Thursday, 07 November 2019 05:07 PM

උතුරේ රැළි පෙන්නා නිවට නොවන්න. දකුණේ සුනාමිය ඉතා බිහිසුණුයි.

:       0       11

Bandara Thursday, 07 November 2019 09:18 PM

මේ අය ලංකරගන්නට යන පිරිස ගැන අවබෝධයෙන් සිතිය යුතුය.

:       45       122

Suranimala Friday, 08 November 2019 01:30 AM

ප්‍රදාන අපේක්ෂකයෝ දෙදෙනා සංසන්දනය කලොත් සජිත් හැම සාකච්ඡාවකටම ගිහින් එඩිතරව සාකච්ඡාව මෙහෙයවල නියම නායකත්වයක් පෙන්නනවා. අනික් ප්‍රති වාදීන් බැලුවම එන්නෙත් නැහැ හැංගෙනවා. බැලුවම සජිත් නිතරගයෙන් දැනටමත් දිනලා ඉවරයි. ඒකයි මේ හැම පක්ෂයක්ම සජිත් වටා රොක්වන්නේ.

:       649       515

කණ්ඩම්බි Friday, 08 November 2019 07:43 AM

ඒක නම් සහතික ඇත්ත. හැබැයි ඉතින් කියන කතා තමයි ටිකක් අවුල්. ඒවා ඇහුවාම හෝඩියේ ළමයෙක් වත් ඡන්දය දෙන්නේ නෑ....

:       136       27

සංජීව Friday, 08 November 2019 11:49 AM

ඒකත් සහතික ඇත්ත... මොකද සජිත්ගේ කතාහෝඩියේ ළමුන්ට තේරැම්ගන්න අපහසුයි.. ඒක නිසා හෝඩියේ ළමුන්ගේ ඡන්ද සියල්ලම ගෝඨාට තමයි...!

:       2       0

nimal Friday, 08 November 2019 03:53 AM

ආණ්ඩුවේ ඉඳන් දේවල් නොකර දැන් මාර දේවල් කරනවා කියලනේ කියන්නේ . විහිළු නෙවෙයිද. මොන විස්වාසයක්ද . මං අහගෙන කියනවා ,මගේ රජයට කිසිම දුෂණ චෝදනා තිබෙන අයට තනතුරු නැහැ කියලා. තනතුරු දීල කියයි ඒ අයට නීතියෙන් එහෙම වෙලා නැහැ කියලා. මුළු රටම දන්නා හොරුන්ට තනතුරු ගන්ඩ පුළුවන්. ඔබ තුමා ආණ්ඩුවේ සියලු අණ පනත් වලට කිසිම විරුද්ධත්වයක් නොකර සියලු දේට අත ඔසවලා දැන් කියන ඒවා.

:       3       177

athuraFriday, 08 November 2019 04:15 AM

මේ ආණ්ඩුවේ සජිත් ඇමතිතුමාට නැති බලයක් ගෝඨාභය මහත්මය ආරක්ෂක ලේකම් වෙලා ඉන්නකොට තිබුන අයිය ජනාධිපති නිසා.

:       85       118

ශෙහාන්Friday, 08 November 2019 06:35 AM

වහලුන් ඉන්නකම් සජිත්ලාට හොදයි. ඉතින් ඒ වගේ කෙනෙක් කොහොමත් නායකකමට මොනවටද ?

:       0       11

BamunuarachchiFriday, 08 November 2019 06:49 AM

වැඩක් කරන මිනිසුන්ටයි බලය තිබෙන්න ඕනේ. රෑට රෑට ගෙවල්වලට එබී බලන්න හදන අයට නොවෙයි.

:       1       31

Bamunuarachchi Friday, 08 November 2019 06:46 AM

යකෝ ප්‍රජාතන්ත්‍රවාදීනම් සටන්කාමී වෙන්නේ කොහොමද ? අර 62 තවත් ගොනාට අන්දනවා.

:       0       13

Deepal Nirosh Friday, 08 November 2019 09:46 AM

කොහොම කොහොම හරි මේ වගේ සුළු හා වාර්ගික දේශපාලන පක්ෂ හා කුඩා කණ්ඩායම්... එක් ප්‍රධාන දේශපාලන අපේක්ෂකයෙක් පමණක් වටා සන්ධානගත වීම මහජනතාවට තම තීරණය ලබාදීම පහසු කරවනවා.

:       0       1

narada Friday, 08 November 2019 11:52 AM

ගොඩක් ඉහළ ලේකම්ලා ටිකට් බුක්කරලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 515 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 106 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 317 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site