(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජූලිගේ)
අශිෂ්ටත්වයට පත්වූ ප්‍රජාතන්ත්‍රවාදය ශිෂ්ටත්වයට පත් කළ හැක්කේ ජනතා විමුක්ති පෙරමුණට පමණක් යැයි එහි නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (14) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊළඟ වතාවටත් ජනාධිපති වීමේ නිර්ලජ්ජිත ක්‍රියාවට දැනුවත්ව හෝ නොදැනුවත්ව මහින්ද රාජපක්ෂ අගමැතිවරයා බිලි වූයේ යැයි කී දිසානායක මහතා රාජපක්ෂ මහතා ඡන්ද විමසීමට පෙරම සභාගැබෙන් පිටත්ව යාමට පෙර යන්නදැයි තමාගෙන් විමසූ බව ද කීය.
විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් වූ අවස්ථාවේ කිසිවෙක් ඒ සඳහා බෙදීමක් හෝ ඡන්දයක් ඉල්ලා නොසිටි බවද කී ඒ මහතා විශ්වාසභංග යෝජනාව රාජපක්ෂ මහතාගේ මුහුණ ඉදිරිපිටදී පරාජයට පත්වීම මගින් එතුමාගේ ගෞරවය ආරක්ෂා වනු ඇතැයි සිතන්නට ඇති බවද කීය.
රාජපක්ෂ මහතා පිළිබඳව තමන්ට කණගාටුවක් ඇති බවද කී ජනතා විමුක්ති පෙරමුණේ නායකයා කුමන්ත්‍රණකරුවන් එතුමා උපයෝගී කරගත් බවද කීය.
මේ සඳහා එතුමා වමේ සිටි කණ්ඩායමේ විමල් වීරවංශයට , රෝහිත අබේගුණවර්ධනට , කෙහෙළිය රඹුක්වැල්ල සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු ආදි සියලු දෙනාටම එරෙහිව අධිකරණයේ නඩු විභාග වෙමින් පැවති බවද ඔවුන්ට අධිකරණයට අත තබාගැනීමේ වුවමනාවන් ද තිබූ බවද දිසානායක මහතා ඔවුන්ගේ ඒ වුවමනාවේ ගොදුරක් බවටද මහින්ද රාජපක්ෂ මහතාට පත්වීමට සිදුවූ බවද කීය.
පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු ශාලා අංක 1හි අද (14) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.
( වීඩියෝ රොමේෂ් ධනුෂ්ක සිල්වා )
COMMENTS
මාර කණගාටුවටක් නෙ එක.වීශ්වාස භංගයක් ගෙනත් පස්සෙ කණගාටුවට පත් වීම හිරිම පුදුමයි. නඩු තීන්දුව අවෙත් නැහැ පාර්ලිමේන්තුවෙ විගඩං නටනවා ජනයාට හරිම අාතල් 7 වෙනිදා නඩු තතීන්දුවෙන් පස්සෙ ඔන අාණ්ඩුවක් පිහිටුව ගන්න .නුදුරෙදීම දේශපාලනය කරන්නන් ජනයා පිළිකුල් කරන තත්වයකට පත්වීම සිදු වනු අැත.
ඔව් ඔව් අපි දන්න්නව ඔයාලගේ ප්‍රජටන්ත්රවදේ 88/89 ගණන් වලදී පෙන්නුවේ
අනේ ඔව් අපි අහල තියෙනවා ඒ දවස් වල ලය්ට් කණු වල හන්දි ගානේ ප්‍රජාතන්ත්‍රවාදය ඔයගොල්ලෝ කරවපු හැටි.
දැනට පවතින තත්වය අනුව නම් පුලුවන් දසක දෙකකට පෙර තත්වය අනුව නම් බැහැ
අනේ ඔව්...!!! අද කරපු සේවයට ඉදිරි මැතිවරණයේදී ඉතාම ශිෂ්ඨ විදිහට සලකන්න අපි පුපුල පුපුලා බලාගෙන ඉන්නවා. එන්ඩකෝ ගම්වලට...
කටේ සද්දෙට ඕව කිව්වට මදි. චන්ද ලක්සෙයක් දෙකක් අරන් ඕව ඉතින්..
අද ඔයගොල්ලො කියන චන්ද පදනම් නැති කරගත්ත. ඔයගොල්ලන් රැවටුනා
එදා ප්‍රජාතන්ත්‍රවාදයේ නිවහනවූ පාර්ලිමේන්තුවට බෝම්බ ගහපු අයට අද ප්‍රජාතන්ත්‍රවාදය මතක් වෙලා
කොහේටවත් නැති චාරයක් නැති ඔබලා ළඟ ඇත්තේ ලස්සන වචන ටිකක් පමණි. බඩගෝස්තරය රැකගන්න දාන සෙල්ලම් ටික දැක්කහම කලකිරෙනවා. පළමුව රට රැක ගනිව්... මේ සිංහල අපේ රට... ඔබලා කවුරු වෙනුවෙන්ද මේ මොර දෙන්නේ?
මේ ගොල්ලො ප්‍රජාතන්ත්‍රවාදයේ ශිෂ්ටත්වය ගැන කතා කරන්නේ මුල අමතක වෙච්ච බබාලා වගේ නේද? හරි හරි මහත්තයෝ ඔය යන විදිහට යමුකෝ බලන්න. ඊළඟ ඡන්දයේදී මොකද වෙන්නේ කියලා බලන්න. කියන්න කණගාටුයි කිසිම ප්‍රතිපත්තියක් නැති පක්ෂයක් කියලා. මේ යන්නේ ජනතා විමුක්ති පෙරමුණ කියන රතු අලි පැටවුන්ගේ අවසාන කාලයයි.
මම හිතන් හිටියේ ජවිපෙට යමක් කරන්න පුළුවන් කියලා. ඒ වුණාට ඒ ගොල්ලන්ට දන්නේ හැමදාම විරුද්ධව කතා කරන්න විතරයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් වැරදිව තේරුම් අරන් කියලයි මට නම් හිතෙන්නේ. වචන ටිකක් තිබ්බොත් හැමදාම වැරදි හොය හොයා ඉඳියි. 19 සංශෝධනයේ 70 (1) න් ව්‍යවස්ථා සභාව ජනාධිපතිට කියල විසුරවා ගන්නේ කොහොමද කියන එකට ජනාධිපතිට කරන්න බැහැ කියලා කියනවා. ප්‍රජතන්ත්‍රයක් ගැන කියන්නේ ව්‍යවස්ථා සභාව ගැන විතරක් හිතාගෙන අධිකරණයෙන් පිහිට ගත්තොත් හරි කියලා. ඒ වුනාට විධායකයකුත් තියෙනවා කියලා හිතන්නවත් කැමති නැහැ වගේ... ව්‍යවස්ථා සභිකයින් හිතන් ඉන්නේ ඒ ගොල්ලෝ විතරයි... මහ ජනතාව නියෝජනය කරන්නේ කියලා. ඒ වුණාට මහා ජනතාව නියෝජනය කරන්න තනි පුද්ගලයෙක් හැටියට ජනාධිපතිවරයෙක් ඉන්නවා කියලා දන්නේ නැහැ.
පැවති ආණ්ඩුව මුළු රටටම එපා වෙලා තිබ්බේ.. එහෙම ආණ්ඩුව රැකගන්න දරපු නිර්ලජ්ජිත උත්සාහය දැක්කාම අප්පිරියයි මොවුන්ගේ වචන.. රටේ තීරණාත්මක බලවේගයක් බවට පහසුවෙන් පත්වෙන්න තිබ්බ අවස්ථාව අලියාගේ පිටේ නැඟලා නැති කරගත්තා.. දැන් ඒක ශේප් වෙන්න වචන ගොතනවා. බලමු ඡන්දෙදී මොකද වෙන්නේ කියලා?
ප්‍රතිපත්ති කොමියුනිස්ට් නැතිනම් සමාජවාදීලු , ජාතියක් ආගමක් නැත හැබැයි රකින්නේ ප්‍රජාතන්ත්‍රවාදලු කොයි පැත්තෙන්ද හිනාවෙන්නේ? එහෙනම් මොකද ජනතා කැමැත්ත විමසන්න ගියාම විරුද්ද උනේ? ලබනසැරේ දෙන්නම් බලාගෙන හිටපල්ලා. මෙයාල කලේ රනිල්ගේ කොන්තරාත්තුවක්. ධනවාදීන්ගේ කොන්තරාත්තුවක්.
මෙතුමා හරියට කතා කරන්නේ අපේ රට පහුගිය 26 වෙනිදා ඉදන් ලිබියාවක් වෙලා තිබුනා වගෙයි. මොවුන් දන්නේ නැහැ මොවුන් මේ කලේ ප්‍රජාතන්ත්‍රවාදීව ජනතා කැමැත්තකින් ස්ථාවර රජයක් පිහිටුවලා රට මේ පවතින අවුලෙන් මුදවන්න තිබුණු අනගි අවස්ථාව ජනතාවට අහිමි කල බව. ජවිපෙ විසින් එජාපය රැකගැනීම පිණිස කල මේ වැරදි වැඩේ නිසා අද පටන් රටේ ඇතිවෙන අර්බුද වල හරි අඩකම වගකීම ජවිපෙ සතු වනු ඇත. ජවිපෙ විසින් ජනතා මතය ප්‍රතික්ෂේප කිරීම ඔවුන් ගැන පිළිකුල් සහගත හැගීමක් ඇති කරයි.
මොවුන් වනාහී කිසිදිනක රජයක් පිහිටුවා ගත නොහැකි අන් කිසිම බලවත් පක්ෂයකට රට කිරීමට ඉඩනොදෙන දේශපාලනයෙන් බන්කොලොත්වූ පක්ෂයකි. ද්‍රවිඩ පක්ෂ නිෂබ්දව සිටින්නේ ඔවුන් කල යුතුදේ මොවුන් කරන නිසාය. අන්තිමට වාසිය ගන්නේ ද්‍රවිඩ පක්ෂය. මේදක්වා සිදුවුනේ එයයි.
පලවෙනිදේ, ජේවීපී ශිෂ්ඨාචාරය ඉස්සර නම් ගෙනිච්චේ මරනවා කියලා ලියපු පොඩි තුන්දුවකින්. ඒ නිසා මේ පාරත් එහෙමද අපිට ශිෂ්ඨාචාරය පෙන්නන්න යන්නේ. දෙක, මෙය අලුත්ම ශිෂ්ඨාචාරයක් බව පිළිගන්න වෙනවා ජේවීපී එක බටලන්දට සහයෝගය දෙන නිසා. විජේවීර සහෝදරයා ඇතුළු ජේවීපී විප්ලවය වෙනුවෙන් දිවි පුදපු අනිකුත් අයට මේ ශිෂ්ඨාචාරය දැකල සතුටු කඳුළු පෙරෙනවා ඇති.
දැන් විජේවීරගේ දර්ශනයට පයින් ගහපු වසලයෝ රැලක් තමයි ජේ. වී. පී. එකේ ඉන්නේ. මුන්ට සමාජවාදය තියා බොරුවට හඬ ගහන ප්‍රජාතන්ත්‍ර වාදයද නැත. සිරිකොතේ කසල ශෝධකයින් බවට තමයි මුන් පත්වෙලා තියෙන්නේ.රනිල් වගේ (යු එන් පී ) ද්‍රෝහීන් සමග ගණුදෙන කරන මේ නිවටයින් රට විනාශ කරන එක තමයි කවදත් කරන්නේ.ඔය ඊනියා පක්ෂ දෙකම වැඩ කරන්නේ විදේශයන්ගේ කොටි ඒජන්තයින්ගේ සහ එන් ජී ඕ වලට අනුවය.ජනතාවනි මේ දේශ ද්‍රෝහීන්ව පලව හරිනු.
අපොයි ඔව් අපි මේ ටිකේ තේරුම් ගත්තා ඔහෙලාගේ ශිෂ්ටත්වය. ආයෙ හිතන්න එපා ඔහෙලාට අපේ ජන්දය ලැබෙයි කියල. යූ.එන්.පී එකේන් ලැබෙන දීමනාවලින් බඩරැකගන්න වහලුන්ගෙන් මීට වඩා යමක් බලාපොරොත්තු වෙන්න බෑ. අපිට කවුරුත් එකයි. ඔක්කොම කරන්නේ අපිව අන්දගෙන උන්ට ඕන දේ කරගන්න එක. හරි එවුන් නම් ප්‍රජාතන්ත්‍රවදෙයට ගරු කරනව නම් මොවුන්ට තිබුණේ ඔක්කොටම වඩා බලවත් ජනතා අධීකරණය ඉදිරියට ප්‍රශ්නේ ගෙන යන්න උදව් කරල ඡන්දයකට අදාල පාර්ශව එකඟකර ගන්න එක. මේ අය කලේ අපේ ජනවරම පෙන්වන්න අපිට තිබුණ නිදහස නැති කරපු එක.
ජනාදිපතිවරයා අන්ධයෙක් වෙලා .
අපි හැමෝම මෙච්චරකල් ජවිපෙට තමයි ඡන්දේ දුන්නේ ලොකු කැපකිරීම් කරලා ..... පක්ෂය රැකගන්න ඉල්ලගෙන එයිනේ එකෙක්ට දෙන්නේ නෑ.....
අධිරාජ්‍යවාදීන්ගේ සහය ලබන ආණ්ඩුවලට එරෙහිව කථාකල අය 71දි , 88 සහ 89 යන වසරවලදී 60,000 අධික තරුණයින් රජ්‍ය විරෝධි කැරලි වලට බිළිදීලා දැන් අධිරාජ්‍යවාදීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදි න්‍යායපත්‍රවල රූකඩයක් වි ඇති ආකාරයයි . අධිරාජ්‍යවාදීන්ට එරෙහිව හඬනගා ,සෝමවංශ අමරසිංහ දිවයින පැමිණියේ බ්‍රිතාන්‍යයේ සිටයි. පෙරටුගාමී නායකයා පැමිණියේ ඕස්ට්‍රේලියාවේ සිටයි. මේ අය සමාජවාදීන් නොව අධිරාජ්‍යවාදීන්ගේ ඉත්තන්ය.
රනිලව ආරක්ෂා කරගත හැක්කේත් ඔබටයි!
මේ අය සමාජවාදීන් නොව අධිරාජ්‍යවාදීන්ගේ පස්ස සෝදන කට්ටිය බව පාර්ලිමේන්තුවේදී ඔප්පු කලා
හා හා ඇති ඇති 1971, 1989 රටේ තිබුන ආණ්ඩු පෙරලන්න ගියේ ප්‍රජාතන්ත්‍රවාදෙන්ද? ඔතනින් නැගිටින්න යටට ඇඳන් ඉන්නවාද බලන්න. මහින්ද එලවා දම බලය දෙන්න හදන්නේ කාටද බොල අර බැංකු මංකොල්ල කාපු එවුන්ටම නේද? එකද උඹලාගේ ප්‍රජාතන්ත්‍ර වාදය?
මෙතුමල හැම සිදුවීමකටම කුමන්ත්‍රණයක් ය කියල කියනවා. නමුත් පසුගිය දින කීපයේ ඹබලාගෙ හැසිරීම අනුව නියම කුමන්ත්‍රණ කාරයෝ කවුද කියල මහජනතාවට හඳුනා ගන්න ලැබුනා.. ලබන මැතිවරණයේදි ඹබලාට දෙය්යන්ගෙම පිහිටයි.
මැතිවරණය තියන එක කොහොමද මුලික අයිතිවාසිකම් කඩ වෙන්නේ .හොරුන්ට සහයදීමක් නේ කලේ
ඊළඟ පාර මේ කට්ටිය ඡන්දෙ ඉල්ලගෙන එනකන් මම බලාගෙන ඉන්නේ ආයේ කිව්වොත් කොස්සෙන් ගහල එලව ගන්න විලි ලජ්ජා නැතුව තමන්ගේ නායකව මරපු උන් එක්ක බාල් නටනවා අනුර මහත්තයෝ ඔයාට නම් මේ සැරේ අබ සරණි විජිත , සුනිල් ඔයාලටත් එක්කම හොඳේ
ඔව්, ඔව්, නැට්ට ගිනිගත්ත හනුමා වගේ උඩ පැනගෙන දුවලා රනිල් හාමුට කඩේ ගිහිල්ලා.
හරි පුදුමයි ඔබ තුමාලගේ වැඩ...1989 කාලයේ ඔබලාව සමුල ඝාතනය කල කට්ටියට,ප්‍රා මිනීමරුවන්ට, බටලන්දේ වධකයින්ටනේ ඔබලා දැන් " කඩේ "යන්නේ. මෙය ඇත්තටම දෛවයේ සරදමක්ද..?
88, 89 රජයේ දේපලවලට, බස් කොච්චි ගිනිතියපු, ඔබලාට ආණ්ඩුවක් කරන්න ජනතාව පුලපුලා බලා ඉන්නවා. දවල්ට ලෙනින් රෑට රනිල්. බලාපල්ලා ඔබලා 6 දෙනාම මෙදා පාර පාර්ලිමේන්තු පැත්ත පළාතේ එන්න ලැබෙන්නේ නැහැ..