IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


“ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් ජාත්‍යන්තරය සමඟ අත්වැල් බැඳගන්න ’’

(නිමල කොඩිතුවක්කු)

ප්‍රජාතන්ත්‍රවාදයට සහ මානව අයිතිවාසිකම් වලට ගරු කරමින් ජාත්‍යන්තරය සමඟ අත්වැල් බැඳ ගනීමෙන් රටේ ඉදිරි ගමන් මග සිදුවිය යුතු බව සාධාරණ සමාජයක් සඳහා වන වූ ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා පැවසීය.

ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල වැඩපිළිවෙල සකස් කිරීමට පක්ෂ විපක්ෂ සියළු දෙනා අත්වැල් බැඳගත යුතු බවත් ජයසූරිය මහතා සඳහන් කළේය.

රටේ පවතින දේශපාලන වාතාවරනය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

     "ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සැසිවාරයට සහභාගිවීම අපට සහනයක්. ලංකාව කෙරෙහි විවිධ ආකල්ප පැහැදිලි කිරීමට එය  කදිම අවස්ථාවක්.

ලංකාවට විරුද්ධව ඡන්ද 600ක් ලැබුණු අවස්ථාවේ සෑම රටක් විසින්ම ඔවුන් ලංකාවට ඉතා ඇලුම් කරන බවත්, විරුද්ධව ඡන්දය දීමට සිදුවූයේ ප්‍රතිපත්තිමය කරුණු නිසා බවත් පැහැදිලි කළා.

සත්භාවයෙන් අප ඉදිරිපත් කළ ඉහත කරුණු වලට අමතරව මේ රජය බලයට පැමිණි අවස්ථාවේ සිට ප්‍රජාතන්ත්‍රවාදයට අහිතකර ක්‍රියාදාමයන් ගැන අප ප්‍රසිද්ධියේ අදහස් ප්‍රකාශ කළා.

20 වැනි සංශෝධනය මේ රටේ ජනතාවගෙන් 82% දෙකක් පමණ ප්‍රතික්ෂේප කර ඇති බව අපකළ සමීක්ෂණ තුළින් දුටුවා. ඒ තුළින් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වුණා.

දේශපාලන පලිගැනීමේ චේතනාවෙන්ම බිහිකළ උපාලි අබේරත්න කොමිසමේ නිර්දේශ මුළු රටටම නින්දාවක්, අධිකරණයට අපහාසයක්, ලෝකයේ කිසිම ප්‍රජාතන්ත්‍රවාදි රටක සිදු නොවන දෙයක්. මෙම පනත අගමැතිතුමා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නිසා එතුමාගේ කීර්ති නාමයටත් මෙයින් විශාල හානියක් සිදු වූ බව කණගාටුවෙන් හෝ සඳහන් කළ යුතුව තිබෙනවා. එය පාර්ලිමේන්තු පුස්තකයේ ඇත්තේ එතුමාගේ නමින්.

ප්‍රජාතන්ත්‍රවාදී රටක පැවැත්වෙන මැතිවරණ නිදහස් සහ සාධාරණ විය යුතුයි. අපි දිගින් දිගටම මේ ගැන රට දැණුවත් කළා. ඒ ස්වාධීනත්වය ශ්‍රී ලාංකිකයන්ට ලැබී නැහැ. අපේ ප්‍රධාන චෝදනාව ස්වාධීන කොමිෂන් සභා කිහිපයක උග්‍ර දේශපාලන පත්වීම් කිහිපයක් තිබෙනවා. විපක්ෂයේ නියෝජිතයින් දෙදෙනාගේද එකඟත්වයෙන් මේ නිවැරදි කිරීම සිදුකිරීමට ජනාධිපතිතුමන් විසින් පියවර ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. එසේ නොමැතිව මේ කමිටුව ඵල රහිතයි. අපිට පිළිගැනීමට අපහසුයි.

රටේ ඉදිරි ගමන සඳහා සුදුසු පරිසරයක් ඇතිකර ගැනීම සඳහා විපක්ෂයේ සහයෝගය අනිවාර්යයෙන්ම ලබා ගැනීමට අවශ්‍ය බව අපි සඳහන් කළ යුතුයි. තම සහයෝගය රටේ දියුණුවට ලබාදෙන බව විපක්ෂය කිහිප විටක්ම සඳහන් කර තිබෙනවා. මෙහි දී  ජනාධිපතිතුමා රාජ්‍ය නායකයා වශයෙන් ජාතික නායකත්වය මෙහෙයවිය යුතු බව අප ආයතනය දිගින් දිගටම කියා තිබෙනවා.

අධිකරණයේ ස්වාධීනත්වයට කිසිම ආකාරයකින් බාධා කිරීම මේ රටේ ජනතාව අනුමත නොකරණ බව සඳහන්කළ යුතුයි" යයිද ඔහු එහිදී සඳහන් කළේය.



අදහස් (4)

“ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් ජාත්‍යන්තරය සමඟ අත්වැල් බැඳගන්න ’’

කිරි පුතා Tuesday, 21 September 2021 02:49 PM

මෙයාලා ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ මොනවටද

:       0       0

රණතුංග Tuesday, 21 September 2021 03:07 PM

ත්‍රිකුණාමලය තෙල්ටැංකි ඉන්දියාවට දීම , අයි ඕ සි යට ඉන්ධන සැපයීම ලංකාවට ඉඩදීම කලේ ඔයා තමයි. රට විනාශයට යන මාර්ගයට පාර කපලා. දැන් හරි මාර්ගයට යන පාරත් පෙන්නන්න එනවා... කැතයි හොදේ.

:       3       6

Sriland Tuesday, 21 September 2021 05:04 PM

ආණ්ඩුව ඕනෑවටත් වැඩිය ජාත්‍යන්තරය කියන විදිහට නටනවා. ඒකට හොඳම උදාහරණය කොරෝනාවලට දුන්නු තැන සහ වියදම් කරපු ඩොලර්..., තවම පාසල් වහලා, රට වහලා බාර් ඇරලා..

:       0       0

Raveendra Tuesday, 21 September 2021 08:15 PM

අපේ කරු අයියා දවසින් දවස තරුණ වෙනවනේ ඇත්තටම... හැබෑටම කරු අයියා කන්නේ ජී.එම්. ෆුඩ් ද, නැත්නම් ඔර්ගනික් ෆුඩ්ද? මොකද මේ "බබා වගේ කථා කරනකොට" අපට නම් හිතෙන්නේම පටිට්යේදී නොමිලේ ලැබෙන තණකොළ මිටියයි, පුන්නක්කු බාල්දියයි එපා කියල ගෙදරින් තණකොළ, පුන්නක්කු අරගෙන ඇවිත් ගිලිනවා කියල....ඇහුවට අමනාප වෙන්න එපා ගෙදරින් නේද ඕගනික් තණකොළයි, පුන්නක්කුයි ගේන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1498 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1333 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 475 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site