(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේදී කල්ගිය පරීක්ෂණ කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳව විවාදය ලබන 26 වැනිදා සිකුරාදා නැවතත් පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය ‘ලංකාදීප‘ යට අද(16) පැවැසුවාය.
පරීක්ෂණ කොමිෂන් සභා ( සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ඉකුත් 12 වැනිදා සිකුරාදා මැතිසබයේදී පැවැත්විණි.
මෙහිදී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරිපත්වූ සංශෝධන තවදුරටත් අධ්‍යයනය කිරීමට ඇතැයි ප්‍රකාශවීම නිසා විවාදය වෙනත් දිනකට කල් තැබිණි.
විශේෂ පරීක්ෂණ කොමිෂන් සභා මගින් හෙළිකරගන්නා තොරතුරු හෝ සාක්ෂි පිළිබඳව නැවතත් වෙනම විමර්ශන නොපවත්වා ඒ තොරතුරු මත නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අදාළ විමර්ශන අංශවලට බලතල සපයා දීම මෙම පනත් කෙටුම්පත මගින් ප්‍රතිපාදන සැලසෙනු ඇත.
මෙම පනත් කෙටුම්පතේ ඇතැම් වගන්තිවලට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විරෝධය පළවිය.
COMMENTS
ඔබේ අදහස් එවන්න
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd