IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


පරාක්‍රම සමුද්‍රයේ රළපනාවේ ඇවිදින මං තීරුවට විරෝධය පාති

(ක.ග.කරුණාරත්න)

පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ රළපනාව ගලවා ඉවත්කර ඒ මත ඇවිදින මංතීරුවක් ඉදිකිරීමට එරෙහිව දිස්ත්‍රික්කයේ ත්‍රෛයිනිකායික මහා සංඝ රත්නය අද එම වැව් බැම්ම මතදී විරෝධතාවක නිරත වූහ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් දැනට එහි සිදුකරමින් තිබෙන බැකෝ යන්ත්‍රයක් යොදාගෙන රළපනාවේ කලුගල් ඉවත් කිරීම වහාම නවතාදමන ලෙසට උන්වහන්සේලා බලකර සිටියහ.

පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ ආරක්‍ෂාවට යොදා තිබෙන රළපනාවේ කලුගල් ආදිය ඉවත් කරමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව එහි කිලෝ මීටර් එක හමාරකට අධික දුරකින් යුත් ඇවිදින මං තීරුවක් ඉදිකිරීම සම්බන්‍ධයෙන් ප්‍රදේශයේ ගොවි ජනතාවගෙන් මූලික විරෝධතාව පලවී තිබිණි.

ගොවි ජනතාවගේ සහ ගොවි සංවිධානවල විරෝධය නොතකා මෙම ඉදිකිරීම කරන බව එහි පැමිණ සිටි ස්වේච්චා සංවිධාන නියෝජිතයෝ මහා සංඝ රත්නය වෙත සැලකර සිටියහ.

මහා සංඝ රත්නය වැව් බැම්ම මත වාඩිවී සත්‍යග්‍රහයකද නිරතවූ අතර දැනට පොලොන්නරුවේ ජනතාවගේ හදවත බඳු මෙම වැවේ විනාශය සඳහා යොදවා තිබෙන යන්ත්‍ර සූත්‍ර සහ පිරිස වහාම එම ස්ථානයෙන් ඉවත්කර ගන්නා ලෙසටද වාරිමාර්ග නිලධාරීන්ට බලකර සිටියහ.

පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ.ධර්මසිරි මහතා ඇතුලු රාජ්‍ය නිලධාරීන්පි මහා සංඝ රත්නය විරෝධතාව දක්වමින සිටි ස්ථානයට පැමිණ වැව් බැම්මේ දැනට සිදු කෙරෙන සංවර්ධන කාර්යය තාවකාලිකව නැවැත්විමට සහ ඉදිරියේදී පවත්වනු ලබන සාකච්ජාවකින් පසුව ගනු ලබන තීරණ දැනුම් දීමටත් පොරොන්දුවීමෙන් පසුව මහා සංඝ රත්නය ඒ ස්ථානයෙන් විසිර ගියහ.

 



අදහස් (61)

පරාක්‍රම සමුද්‍රයේ රළපනාවේ ඇවිදින මං තීරුවට විරෝධය පාති

Jay Friday, 27 August 2021 09:37 PM

දැන් කියයි මේ වෙලාවේ උද්ඝෝෂණය කරනව කියලා... මිනිස්සු පාරට බස්සන්නේ ආණ්ඩුවමයි... අනේ මන්දා ප්ලෑන් කරලා කරනවද කියලා...

:       240       121

VithanaSaturday, 28 August 2021 04:20 AM

කණ්ඩලම වැව් තාවුල්ලේ සංචාරක හෝටලයක් හදන එකට විරුද්ධව එදා සටන් කරපු අයම අද පරාක්‍රම සමුද්‍රයේ රලපනාවේ ඇවිදින මංතීරු හදනවා. කාලය මිනිසුන්ව වෙනස් කල හැටි.

:       8       24

රාජන්Saturday, 28 August 2021 08:27 PM

මින් ඉදිරියට ලංකාවේ කරන සෑම ඉදිකිරීමක්ම මල්වතු අස්ගිරි පාර්ශවය ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් අනුමත කළයුතු බවට නීතියක් ගේන්න.

:       5       5

පොඩි මල්ලි Friday, 27 August 2021 09:58 PM

කවුරු මේ තීරණ ගන්නවද දන්නේ නෑ...විහින් නා ගන්න ආණ්ඩුවක් මේක..ලංකාවේ දැන් කරන්න ඕන මේකද..අර ලස්සනට ස්වාභාවිකව තිබුණ තැන පාටගාපු සිමෙන්ති ගල් අතුරලා විනාශ කරන්න යන්නේ..නගර නිර්මාණ කරනවා ලු වර්තමාන ලෝකෙට ගැළපෙන්න කියලා එතන ලොක්කෙක් කියනවා...සුද්දෙක් උනත් කැමති පරණ විදිහට තියන දේවල් බලන්න.එක තමා පෞරාණික වටිනාකම් කියන්නේ...ඔතන බ්ලොග් ගල් ටිකක් අල්ලලා , මල් පෝච්චි තියලා, කොන්ක්‍රීට් බංකු ටිකක් ගහන එක නෙවෙයි නූතන ලෝකේ කියන්නේ...එක හොදයි ටවුන් වල කරන්න කොළඹ වගේ...කොළඹ මිනිස්සු ඔහේ ට්‍රිප් එකක් උනත් යන්නේ කෘතිම නැති සුන්දර වටපිටාවක් බලන්න මිසක් තවත් කොළඹක් බළන්න නොවේ..

:       16       162

ගොබ්බසේනSaturday, 28 August 2021 06:27 AM

මෙහි ඉන්න නිලධාරි පිරිසත්.., දිස්ත්‍රික් ලේකම් හෙවත් දිසාපතිත්, වැව බාර ඉංජිනේරුවාත් නාගරික සංවර්ධන අධිකාරියේ් මහ ලොක්කා සහ මෙම කොට්ඨාශය බාරකාරියත් ඉතාම නින්දිත ලෙසට මෙම විනාශයට කටයුතු කරන බව රූපවාහිනී පුවත් මගින් දැක්කා. මෙවැනි විනාශ කාරයින්ට ජාතිජාතිත් මිනිස් බවක් නොලැබේවා..!!!

:       12       39

රංජිත්Saturday, 28 August 2021 06:45 PM

නුවර එලියේ, සීතා එලිය හා හක්ගල මල් වත්ත අතර කිලෝමීටර් එකක දුර අතර මාර්ගයේ බැම්ම ආදි කාලයේදී සුද්දන් විසින් කළුගල් වලින් බැම්මක් බැඳ තිබුනා. අනාදිමත් කාලයක් තුල වැලි කැටයක් වත් කඩන් වැටුනේ නෑ. නුවර එලිය බදුල්ල මාර්ගය නවීකරනය කර කාපට් ඇතිරීමේදී මෙම බැම්ම බැඳ තිබූ විශාල කලුගල් ඉවත් කරනු ලැබුවා. මෙය සිදුවූයේ 80 ගණන් වල. ඒ ගල් ටිකට උන දෙයක් නෑ. ඉතාමත් වටිනා විශාල ගල් කුට්ටි. ඒවා ඉවත් කලත් පාර ලොකුවට පළල් උනෙත් නෑ. එදා පටන් අද වනතුරුත් හක්ගල කන්ද ඇති පැත්තේ පස් සෝදා යමින් විශාල විනාසයක් අදටත් සිදු වෙනවා. මෑතකදීත් කොන්ක්‍රීට් බැම්මක් බැන්දත් කොච්චර කාලයකටද කියලා කියන්න බෑ. මේ වැඩෙත් ඒ වගේ වෙන්න පුලුවන්

:       0       10

akila Friday, 27 August 2021 10:59 PM

එතකොට මේ චීවර දාරියෝ දන්නවද වැවු බැම්ම ගැන වාරිමාර්ග දෙපාර්තුමේන්තුවේ නිලධාරීන්ට වඩා ? මේ ගොල්ලෝ ඉස්සර හිටියනම් බැම්ම උඩ ඔය පාරට තාර දන්නත් දෙන එකක් නැහැ

:       465       50

Madamulana Friday, 27 August 2021 11:02 PM

මේවා තියාගෙන කන්නද? සිල්ලි හොයාගන්න ක්‍රම තියනවා නම් ජනාධිපතිතුමාට රට හදන්න දීලා ගොන් හරක් ටික පැත්තකට වෙලා ඉන්න රට කන්නේ නැතුව...

:       193       40

ramani Saturday, 28 August 2021 12:15 AM

වහල් දුපතේ චින්තනය.

:       20       119

අශාන් Saturday, 28 August 2021 03:45 AM

සමහර අදහස් දැක්කම තවමත් වහල් මෝඩයෝ ටිකදෙනෙක් ඉන්නවා කියල පේනවා

:       8       28

VithanaSaturday, 28 August 2021 04:15 AM

සල්ලි හොයා ගන්න ක්‍රමයක් තමයි මේ මේවා හදන අයට නම්.

:       5       23

sumuduSaturday, 28 August 2021 05:29 AM

කියල වැඩක් නැ සහෝදරයා. ඔය ඇවිදින මන්තීරුවේ වැදගත් කම මේ අයට තේරෙන්නේ නැහැ. අද යන්ත්‍ර සුත්රවලින් ගොවිතැන් කරලා ඉතා විශාල ලෙස ආදායම් උපදවන පොළොන්නරුවේ ගොවියන්ට , වඩා සුකොපබොගී ජිවිතයක් උරුම කර දිමය් මේ කරන්න හදන්නේ. අනික ගොවියෝනට දැන් ව්‍යායාම නැහැ. මේවගේ පොළොන්නරුවේ ගොවියන ලෝකයේ ඉන්න දනවත් ගොවියන් හා සම තැනකට ගෙන්න ජනාධිපති තුමාගේ උත්සාහයට අකුල් හෙලන්නේ අනිවාර්යෙන් 3% අය.

:       36       13

SurangaSaturday, 28 August 2021 10:40 AM

ජනාධිපතිතුමා පුදුම හැදිල්ලක්නේ හදලා තියෙන්නේ මේ ටික කාලෙට...

:       28       15

පොලොන්නරුවේ වැසියෙක්Saturday, 28 August 2021 11:37 AM

ඔබතුමාගේ මොලය ඇත්තටම තියෙන්නේ කොහේද? අඩුම ගානේ පාරාක්‍රම සමුද්‍රය වැව් බැම්මේ ඇවිදගෙන ගිහින් තියෙනවාද?

:       7       23

සෙනෙවිරත්න Saturday, 28 August 2021 06:53 PM

ලඟදීම ගණිකා වෘත්තීයට අවසර දෙනවා, පිලිෆීනෙ තායිලන්තයේ වගේ

:       1       2

Prase Saturday, 28 August 2021 01:18 AM

ඔය කට්ටිය ගෙන්නලා කුරුණෑගල වැව හදලා තියෙන මන්තිරුව පෙන්වන්න.

:       87       41

VithanaSaturday, 28 August 2021 04:14 AM

මංතීරු නිකන් හදලා වැඩක් නෑ අවශ්‍යතාවයක් නැතුව. ඒවා සමහරුන්ට සල්ලි උපයන ක්‍රම. අවසානෙදි වෙන්නේ ජනතා සල්ලි එක එක්කෙනාගේ සාක්කු වලට යන එක විතරයි.

:       4       20

සුමේධSaturday, 28 August 2021 09:22 AM

මමත් කියන්නේ ඒකම තමයි. මෙයාලාට පෙන්වන්න ඕනෑ කුරුණෑගල වැව, නුවර වැවවල් ටික. ඇයි මෙයාලා තේරුම් ගන්නේ නැත්තේ වැව අසලින් ඇවිදින මංතීරුවක් හැදුවාම වැව තවත් ලස්සන වෙනවා, නැරඹීමට යන ජනතාවත් මේකෙන් ආරක්‍ෂිතයි කියන එක...? මෙයාලාට තේරෙන්නේ නැද්ද දන්නේ නැහැ... එහෙම හැදුවාම සංචාරක කර්මාන්තය දියුණු වෙනවා කියන එක මෙයාලට නොතේරෙනවා ඇති...

:       26       12

gunarathnaSaturday, 28 August 2021 09:49 AM

මේවා කරන්නේ හාමදුරුවරුන්ගේ ඕනෑකමට නොවෙයි. පරිසර සංවිධාන කියලා අටවාගත්තු ඩොලර් කාක්කෝ.

:       21       16

ArunaSaturday, 28 August 2021 10:18 AM

කුරුනැගල වැව පරාක්‍රම සමුද්‍යය හා නොසසදන්න, පරාක්‍රම සමුද්‍යරයේ ආර්කික දායකත්වය , පරිමාව ඉතිහාසය ගලපා බැලුවොත් වටි,

:       9       41

Prase Saturday, 28 August 2021 06:31 PM

මෙතන තියෙන්නේ පරිමාවේ ප්‍රශ්නයක් නෙවෙයි. නගර සංවර්ධනයක්... අපේ මිනිස්සු කැමැතියි වැව උඩ අරක්කු බෝතලයක් ගහලා ඒකත් වැවට විසිකරලා යන්න. මංතීරු හදලා ලයිට් දාලා වැවේ සුන්දරත්වය දකින්න පුටු ටිකක් තිබ්බාම ඔය දේවල් කරගන්න බැහැ. මේකට කියන්නේ කරුමෙ කියලා...!!!

:       6       1

Nimal Saturday, 28 August 2021 03:19 AM

මේක මේ වෙලාවේ අවශ්‍යතාවයක් නෙවෙයිනේ.

:       4       23

Bandula Kendaragama Saturday, 28 August 2021 03:46 AM

වේලි ආරක්‍ෂක විශේෂඥයින් ඇතුළු විශේෂඥයින් විසින් සවිස්තරාත්මක තාක්‍ෂණික තක්සේරුවක් සිදු කර අදාළ බලධාරීන් විසින් අනුමැතිය ලබා දී ඇතැයි මම උපකල්පනය කරමි. එසේ නොමැති නම්, එය වේල්ලේ ආරක්‍ෂක ගැටලු වලට තුඩු දිය හැකිය. "කන්තලේ වේල්ල කැඩීම" පිළිබඳව යූ ටියුබ් හි ඇති යූ ටියුබ් වීඩියෝ කරුණාකර නරඹන්න.

:       2       14

Vithana Saturday, 28 August 2021 04:11 AM

කෝ අපේ ඥානසාර හාමුදුරුවෝ? කෝ අපේ රතන හාමුදුරුවෝ?

:       3       22

Vithana Saturday, 28 August 2021 04:19 AM

අන්න හොඳ කරුණක් හෙලි උනා. වැව් බැම්ම උඩ තාර දාපු පාරක් තියෙනවා නම් මොකටද අමුතුවෙන් ඇවිදින මං තීරුවක්? රටේ අනිත් පාරවල්වල අයිනෙත් ඇවිදින්න මංතීරු තියෙනවද? විෂේශයෙන්ම ඉතාමත් කාර්ය බහුල මාර්ගවල? ඉස්සෙල්ලා ඒවට මංතීරු හදලා එන්න කියමු.

:       4       18

damith Saturday, 28 August 2021 04:39 AM

මං තීරුව හදන්න පුළුවන්ද? බැරිද? කියන එක නොවේ කාරණේ. මුදල් නැති රටක මුදල් අරපරිස්සම් කිරීමේ නාගරික සංවර්ධන අධිකාරියේ නොහැකියාවයි. ඒ කියන්නේ ආණ්ඩුවේ නොහැකියාවයි.

:       2       20

දේවපතිරාජ Saturday, 28 August 2021 04:47 AM

භික්ෂූන් වහන්සේලා වෙනයි, සංඝයා වහන්සේලා කියා හඳුන්වන්න පුළුවන් ස්වාමීන් වහන්සේලා වෙනයි. අද බොහෝ මෙරට බෞද්ධයින් ඒ වෙනස දන්නේ නැහැ...

:       60       6

mahesh weerasingha Saturday, 28 August 2021 05:30 AM

කොමිස් කාක්කන්ට රට බාරදෙන්න කියලා කඩේ ගියා. උන් රජ වුනා. දැන් උන් මදිය තර කරගන්න කොමිස් ගහනවා.

:       68       16

mp Saturday, 28 August 2021 05:53 AM

හාමුදුරුවෝ හදන්නේ කොරෝනා නාන්න....

:       51       6

Sunil Saturday, 28 August 2021 06:34 AM

කළුගල් වලට විකුණාගෙන සීගිරිය, සීගිරි කුරුටු ගී බයිලා කල හැකිය.

:       52       18

අමල් Saturday, 28 August 2021 07:09 AM

හැම හාමුදුරුවන්ට ම චීවරධාරියෝ යනුවෙන් අමතන්න එපා මිනිසුනේ.!

:       6       66

මුණසිංහ Saturday, 28 August 2021 07:51 AM

හැම දේකටම විරෝධය පාන එක දැං කලාවක් බවට පත්වෙලා. අකිල කියපු විදියට ඕක හදන මුල් කාලෙම තාර දැම්මා ද දන්නෙ නෑ. තාර දානකොටත් එපා කියන්න තිබුනා නේ. ඔතන ඇවිදින මං තීරුවක් හැදුවා කියල බැම්මට කිසිම හානියක් වෙන්නේ නැහැ. අනෙක ඔය ගල් පසු කාලීනව දාපුවා. ඒව ඉවත් කිරීමත් සිදුවෙන්නේ නැහැ නේද . ටිකක් එහාට මෙහාට කරන එක විතරයි. අනෙක මං තීරුව නිසා ඔය බැම්ම ශක්තිමත් වෙනව තවත් . දැං ඉතිං මේකටත් ඇති තරමක් ඩිස්ලයික් දාන්න .

:       101       59

jayath Saturday, 28 August 2021 08:14 AM

දන්නා දේ කොරන්න අරින්න එයා දන්නේ ඇවිදින මංතීරු හදන්නයි උද්‍යාන හදන්නයි පරණ ගොඩනැගිලි අලුත් කොරන්නයි විතරයි වෙන දන්නා ඉටිගෙඩියක් නැහැ.

:       5       60

සිරි Saturday, 28 August 2021 08:31 AM

වැවට හානියක් නොවන ආකාරයට ඔතන ඇවිදින මං තීරුවක් හදන එක සරල වැඩක්. ඒක නෙමෙයි ප්‍රශ්නය. ඵෙතිහාසික භූ දර්ශනයකට නාගරික ලක්ෂන එකතූ කිරිම. කිඹුලාවල කරපු එකම පොලොන්නරැවට ආදේශ කිරිම නොකල යුතුව තිබුනා. ඵෙතිහාසික වටපිටාවක මිනිසූන් කාලයක් තිස්සේ අත්දකින ලද දෙයට මැදිහත් විමේදි මීටවඩා සැලකිලීමත් විය යුතුව තිබුනා.

:       3       46

swene Saturday, 28 August 2021 08:53 AM

පොලොන්නරුව වැනි ප්‍රදේශයක ඇවිදින මංතීරු මේ අවස්ථාවේදී අවශ්‍යද ? ඒවායින් බඩු මිල පහත හෙළිය හැකිද? කොරෝනා මර්ධනය කල හැකිද? මේ ආන්ඩුවට පිස්සුද කොහෙද? ප්‍රමුඛතා හඳුනා ගැනීමේ මොලයක් ඇත්තෙම නෑ. භෞතික සංවර්ධනයක් මවාපාලා ජනතාව රැවටීමේ උපායකි මේ.

:       7       48

JUDE PERERA Saturday, 28 August 2021 10:05 AM

කොළඹ ජෝගින් පාත් කර කර හිටපු කෙනාව ජනපති කලාම ඔහොම වෙනවා.

:       26       62

Aruna Saturday, 28 August 2021 10:11 AM

ඹය වැඩිපුර සල්ලි තියෙන අමාත්‍යංශ රඡයේ නොවේද ? පුද්ගලික මුදලින් දුවන්නක්ද ? රටේ ප්‍රමුකතාවය ඡොගින්ද ? කැම අඩුපාඩු මිනිස්සු කොපමනද ? මහඡන මුදල් සුලුතරයකගේ සුඛවිහරනයට යොදවන්නො කොවිඩ් වලට ……….

:       5       39

Gihan Saturday, 28 August 2021 10:12 AM

හොඳ වැඩක් කරද්දීත් යුඑන්පී අය කකුලෙන් අදිනවා.

:       80       34

K.G.G.Thilakarathna Saturday, 28 August 2021 10:23 AM

දියුනු වන ලොකය ත් එක්ක අපි දියුණු වෙන්න ඔනැ එ නිසා වැවට හා වැවි බැමීමට හානියක් නැත්නම් වැඩෙ හොදයි.

:       17       11

sugathSaturday, 28 August 2021 01:27 PM

හැම දෙයක්ම හොදයි චේතනාව හොදයිනම්

:       0       10

Prase Saturday, 28 August 2021 10:31 AM

නුවර වැවේ මංතීරුව අයින් කරන්න කියලා කියයිද මේ අය..?

:       35       10

rohan Saturday, 28 August 2021 10:51 AM

රටට මේ වසංගත සහ මුදල් නැතිම වෙලාවක මේක අවශ්‍යමද.?

:       5       30

Sarasi Saturday, 28 August 2021 11:39 AM

ඔය සල්ලි වලින් ඔය පැත්තේ මිනිස්සුන්ට ගෙවල් ටිකක් හදා දෙන්න..

:       7       28

beempe Saturday, 28 August 2021 11:56 AM

මෙතන සිද්දවෙන්නේ ප්‍රෝඩාවක්, කපටිකමක්, විනාශයක්... ඒ නිසා ඔය තියෙන ගල් පුවරුව ඔහොම්මම තියෙන්න ඇරලා වැව වටේ ඇවිදින්න තියෙන ස්වභාවික මාර්ගය ටිකක් ප්‍රතිසංස්කරණය කෙරුවා නම් තමයි හොඳ... !

:       4       37

අරුණ Saturday, 28 August 2021 12:22 PM

ඔබට සුව පහසු ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය නම්, බඩු මිල අඩු විය යුතුය. ඒ සඳහා රටේ ණය අඩු විය යුතුය. ඒ සඳහා විදේශිකයින්ගේ මුදල් රටට එන ක්‍රමයක් තිබිය යුතුය. ඊට ලංකාවට ගැලපෙන හොදම ක්‍රමය සංචාරක ව්‍යාපාරයයි. ඒ අඩුම කාලයක් තුල වෙනස් කාලගුණික තත්ත්ව අත්විදිය හැකි නිසාත්, පෙන්වීමට ඕනැ තරම් ස්ථාන ලංකාවේ ඇති නිසාත් ය. සංචාරක ව්‍යාපාරය සඳහා රට පිරිසිදු විය යුතුය. පිළිවෙලට තිබිය යුතුය. නරඹන ස්ථානයට ඉතා ඉක්මනින් ප්‍රවේශ වීමට මාර්ග පහසුකම් තිබිය යුතුය. මේ සඳහා ඔබට මට කල හැක්කේ පවතින කුමන හෝ රජයක් කරන ව්‍යාපෘති වලට සහයෝගය දීම හා, රට පිරිසිදුව තබා ගැනීමට අවශ්‍ය විනය පවත්වා ගැනීමයි. එවිට මුදල් රටට ගලා ඒ. බඩු මිල අඩු වේ. ඔබේ ජීවිතට පහසු වේ.

:       36       5

වියත්තුSaturday, 28 August 2021 05:41 PM

ආණ්ඩුවේ මෙවැනි කොන්ත්‍රාත්තුවලට පත්කරලා තියෙන්නේ තමන්ගේ ඉව හා ගෙදර කුස්සිය හදන්න අවශ්‍ය බුද්ධිය පමණක් පාවිච්චි කළ හැකි ජාතියේ අයව... නගර නිර්මාණ ශිල්පීන් කැඳවලා අදහස් ගන්නේ නැත්තේ එ්කෙන් තම සාක්කු පුරවා ගැනීම පමාවන නිසා වගේ. දවසට දෙකට එක ආණ්ඩුවක් ඇතුළත මලු පුරවාගෙන දියුණු රටකට දෙකකට ගිය පලියට සංචාරක කර්මාන්තය ගැන අදහස් ඉවෙන් ගන්න බැහැ. ශ්‍රී ලංකාවේ මෙම කර්මාන්ත කෝණය ප්‍රංශ හෝ ස්විස් මොඩලය නොවන බව පරීක්ෂකයින් හා සැබෑ කලාකරුවන් දන්නවා... අනික මෙම ජලාශයේ සැබෑ ප්‍රයෝජනවත් වටිනාකම ජීවිකාව ගෙනියන ගොවියන් දන්නවා. උමා ඔය වගේ යෝජනා ඇති කරලා... ගම්පහ කුඹුරු මැද්දේ ගොවියන්ට ජොගින් කරන්න ආරාධනය කරන්නා වාගේ මං තීරු හැදුවේ ඇයි කියලා ජනතාව දන්නවා. ඒත් මේ මෝඩ මේසන් බාස්ලා දිනපතා රට තව තව ණය කරවමින් ජනතාවට බර පැටවීම නැවැත්වුවේ නැත්නම් මේක පෘතුගීසියක් හෝ ග්‍රීසියක් වීම හිතුවාට වඩා වේගවත් වේවි.

:       1       9

අශාන් Saturday, 28 August 2021 12:49 PM

තිස්සවැවත් තියෙන්නේ ඔය වගේමා පෞපෞරාණික තැනක. නමුත් එදා හදපු ඇවිදින ම්ංතීරුව අද කොච්චරනම් පාවිච්චි කරනවද මිනිස්සු. හොද් දේවල් පරිසරයට හානියක් නොකර කිරීමට ජනතාව උදවු කල යුතුය

:       26       9

manthiru lokka Saturday, 28 August 2021 02:08 PM

කඩේ යන හැටි විතරක්

:       6       40

kamal Saturday, 28 August 2021 01:29 PM

මේ හරි දෙයක් කියලා මම නම් හිතන්නේ නැ

:       2       7

Santa Saturday, 28 August 2021 01:57 PM

ලොක්කට පුලුවන් මෙච්චරයි වගේ පේන්නේ කිසිම ජාතික දැක්මක් නැ වගේ අපේ 2 බලාපොරොත්තුව

:       2       10

asil raja Saturday, 28 August 2021 02:01 PM

අපි සල්ලි හම්බකරගනන හදනකොට හාමුදුරුවෝ පාරේ ඉදගෙන විරුද්ධ වෙනවනේ

:       3       8

janabala asamagi Saturday, 28 August 2021 02:03 PM

හාමුදුරුවෝ අර මක්කටැයි බිම ඉදගත්තේ

:       4       6

ranjith Saturday, 28 August 2021 06:03 PM

අපේ රජවරු ඉදිකරලා තියෙන වැව්, අමුණු ටික තිබුණේ නැතිනම් අද රටක් නෑ. ඒ නිසා මේ රජවරු ඉදිකරලා තියෙන වැව්, අමුණු ටිකට අත තියන්නේ නැතිව වෙන තැන්වල ඔය කරන දෙයක් කරන්න රටේ ඕනෑ තරම් ඉඩ තියෙනවනේ. මේ සාපය පරිසර විනාශය නිසාමයි.

:       1       9

Saku Saturday, 28 August 2021 08:44 PM

දැනටමත් එහි ඇවිදීමේ මාවතට අවශ්‍ය වන්නේ ප්‍රතිසංස්කරණය කිරීම පමණි. ජලාශය ආරක්ෂා කිරීමට අවශ්‍යයි. ජනතාවගේ දියුණුව සඳහා හොඳ ව්‍යාපෘතියක් හඳුනා ගන්න. ද්විත්ව ක්‍රීඩාවක් විය හැකිය.

:       1       1

Bandula Kendaragama Sunday, 29 August 2021 01:29 AM

නිසි ඉංජිනේරු තක්සේරුවක් නොමැතිව වේලි වලට බාධා කිරීම පිළිබඳ කදිම උදාහරණයක් නම් 1986 අප්‍රේල් 20 දින කන්තලේ වේල්ල අසාර්ථක වීමයි.

:       0       2

Bandula Kendaragama Sunday, 29 August 2021 02:29 AM

කරුණාකර කියවන්න ...... ලංකාවට 2017 ඔක්තෝම්බර් 25 වන බදාදා දින වේල්ල ආරක්‍ෂක ව්‍යවස්ථා සම්පාදන අවශ්‍යයි - ආනන්ද කන්නන්ගර විසිනි. ... මෙන්න පාඨය ........ ලංකාවේ ඇති වේලි විශාල සංඛ්යාවේ තත්වය සැලකිල්ලට ගෙන අපේ රටට සියලු වේලි කළමනාකරණය කිරීම සඳහා නෛතික රාමුව සපයන වේලි ආරක්ෂණ නියාමන රාමුවක් (ඩීඑස්ආර්එෆ්) ඉතා ඉක්මනින් අවශ්ය වේ. දැනට වික්ටෝරියා ප්‍රාන්තයේ වේලි ආරක්‍ෂක නියාමකයෙකු ලෙස සේවය කරන ඉංජිනේරු සිරාජ් පෙරේරා මෙම අදහස් පළ කළේ ඉහළ පෙළේ සම්මන්ත්‍රණයක සහ සංවාදයකදී ...

:       0       4

ලංකාවට යන කල Monday, 30 August 2021 06:18 PM

ලංකාවෙ හුඟක් දේශපාලකයො ඕලෙවලුත් ෆේල්. ඉගෙනගත්තු කට්ටියයි නිලධාරි ටිකයි මේ රට කොහොමත් බංකොලොත් වෙනවා කියලා දැනගෙනම තම දරුවන් රට යවා උගන්නන්න අවශ්‍ය සල්ලි හම්බ කිරීම ඔලුවෙ තියාගෙන දඟලනවා. ඔය සම්මන්ත්‍රණ ඒගොල්ලන්ට අවශ්‍ය නෑ. වේලි නඩත්තු කල බව ඡන්ද දායකයාට ඔප්පු කරන්න ඡායාරූපවලින් බැරි නිසා මාකට් කරන්න බෑ කියල ඒ ගොල්ල දන්නවා. සිස්ටම් චේන්ජ් එකක් නැතුව අපි වල පල්ලටම යන එක නවත්වන්න බෑ. වහල්ලුන්ටත් වගේ වගක් නෑ නිසා කරන්න දෙයක් නෑ.

:       0       2

Bandula Kendaragama Sunday, 29 August 2021 03:09 AM

"වේලි ආරක්‍ෂක උපදේශන මධ්‍යස්ථානයක් පිහිටුවීම සහ වේලි ආරක්‍ෂක නියාමන යාන්ත්‍රණය" පිළිබඳව 2020 ඔක්තෝබර් 26 දිනැති කැබිනට් සංදේශ අංක 11/2020 දරන තත්ත්වය කුමක්ද ? ප්‍රමාදය කුමක්ද ?

:       0       3

Bandula Kendaragama Sunday, 29 August 2021 03:48 AM

ලංකාවේ වේලි වල ආරක්‍ෂාව සම්බන්ධයෙන් ගත් කල, ලංකාවේ නියාමන යාන්ත්‍රණයක් නොමැත. කන්තලේ වේල්ල අසාර්ථක වීමේදී මෙන් සෑම ටොම්, ඩික් සහ හැරීටම තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කිරීම් කළ හැකිය. වේලි ආරක්‍ෂක ඉංජිනේරුවන් කණ්ඩායමක් 2017 දී ව්‍යාපාරයක් දියත් කර "වේල්ල ආරක්‍ෂාව" පිළිබඳ නීති සම්පාදනය කරන ලෙස රජයට බල කළේ එබැවිනි. එහි ප්‍රතිඵලයක් වශයෙන් 2020 ඔක්තෝබර් 26 දිනැති කැබිනට් සංදේශය අංක 11/2020 ඉදිරිපත් කරන ලදී. කෙසේ වෙතත්, එතැන් සිට, නොදන්නා හේතුන් මත, නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කිසිදු ක්‍රියාමාර්ගයක් නොගනී ...

:       0       3

Priyantha Sunday, 29 August 2021 05:22 AM

අප කවුරු කැමති අකමැති වුවත් පවතින යථාර්තයට මුහුනදිය යුතුය. නුතන ලෙෳකික දියුණුව යනු විශ්වය විනාශය කරා ගෙනයාමට මනසින් දියුණුයැයි කියනු ලබන මිනිස් සත්වයා විසින් තනමින් යන මාර්ගයයි. ප්‍රශ්ණය වනුයේ මුලු ලොවම විනාශයට යන මාවතේ පුරුකක් වන අප සිට ගන්නා ස්ථානයයි එහි මුල් කොටසේද, මැද කොටසේද, අග කොටසේද යන්නයි. ඒ ස්ථානය සදහා ගහ මරා ගැනිමයි.

:       0       0

C.K.Lankaputhra Sunday, 29 August 2021 07:25 AM

කන්තලේ වැව් බැම්ම උඩ කෝවිල් ගමට උඩු පැත්තේ ජලසම්පාදනයේ වතුර පොම්පගාරයක් ඉදිකරන්න පයිල් ගහලා 1986 අප්රේල් 26 වැනිදා සිදුවුන මහා විපත්තිය දැන් කාටත් අමතකද?

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

පොලිස්පති අවුලට ව්‍යවස්ථා සභාවත් උණුසුම්
2024 ජුලි මස 27 1051 2

පොලිස්පතිවරයා පත් කළ ආකාරය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේදී අද (26) සිය විරෝධය පළ කර ඇතැයි වාර්තාවේ.


ආර්ථිකය හදන ගමන නොකැඩී ගෙන යමු
2024 ජුලි මස 26 590 1

මෙරට ආර්ථිකය නිවැරදි මගකට යොමු කෙරෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සම්මත කර ගැනිමට සහාය වූ පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ වෙත සිය ස්තුතිය පළ කරන බ


සුමන්තිරන්ලා වෙනත් පක්ෂයක එල්ලෙති
2024 ජුලි මස 26 2515 6

දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම් .ඒ සුමන්තිරන් මහතා පැවසීය.


‘‘අගමැතිට නඩු අහන්න කියන්න‘‘
2024 ජුලි මස 26 2473 4

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබා දෙන නියෝග ක්‍රියාත්මක කිරීමට රටේ ජනාධිපතිවරයා හා ව්‍යවස්ථායකය බැඳී සිටිනවා , පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී එම අධිකරණ


විහාරහල්මිල්ලෑවේ ගොවීහු කුඹුරට යන්න පාරක් නැතිව හූල්ලති
2024 ජුලි මස 26 260 0

කැබිතිගොල්ලෑව විහාර හල්මිල්ලෑව ගමේ ’’මහ කාඩිගල’’ වැව යටතේ ඇති කුඹුරු යායට පාරක් නොමැති නිසා ගොවීන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දෙන බව මහා කාඩිගල කුඹුර


‘තරුණ පරපුර ඉල්ලූ වෙනස දෙන්න මම එනවා’
2024 ජුලි මස 26 2851 5

රටේ තරුණ පරපුර වෙනසක් ඉල්ලා ගාලුමුවදොර අරගලයක් කළ බවත් ඔවුන් ඉල්ලා සිටින වෙනස ලබාදීමට තමන් ඉදිරිපත්ව සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1157 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site