




(ක.ග.කරුණාරත්න)
මහවැසි හේතුවෙන් පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය පිටාරගැනීමට ආසන්න තත්වයේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි.
මේ වනවිට එහි ජල මට්ටම අක්කර අඩි 105,000 ක් දක්වා ඉහළ නැඟ තිබෙන බවත් එය 95%ක් ඉක්මවා ඇතැයිද තවත් අක්කර අඩි 10,000 ක් ඉක්මවන ජල ප‍්‍රමාණයක් වැවට ලැබුණු පසුව වැවේ වාන්දොරටු විවෘත කිරීමට සිදුවනු ඇති බවද පරාක‍්‍රම සමුද්‍රය වාරිමාර්ග ඉංජිනේරු අසේල උදයංග මහතා පැවැසීය.
පොළොන්නරුව දිස්ත‍්‍රක්කයේ වැව්වල ජල පෝෂක ප‍්‍රදේශවලට ප‍්‍රමාණවත් වර්ෂාපතනයක් මේ දිනවල ලැබෙමින් පවතින නිසා දිස්ත‍්‍රික්කයේ මහ වැව් සියල්ලකම ජල මට්ටම සතුටුදායක ලෙස ඉහළයමින් තිබෙන බව පොළොන්නරුව කලාප වාරිමාර්ග අධ්‍යක්‍ෂ එස්. කේ. හේවාගම මහතා ප‍්‍රකාශ කළේය.
මේ වනවිට මින්නේරිය වැව 66 5ක් පමණ පිරී තිබෙන අතර දැනට එහි ජල මට්ටම අක්කර අඩි 72,463 ක් පමණ වේ. කවුඩුල්ල ජලාශයේ දැනට පවතින ජල මට්ටම අක්කර අඩි 97,300කි. එය වැවේ මුළු ජල ධාරිතාවෙන් 93 %ක් පමණය. ගිරිතලේ වැවට ලැබී තිබෙන ජල ප‍්‍රමාණය අක්කර අඩි 15,903කට ආසන්නය. ඒ අනුව වැව පිරී ඇත්තේ 74% ක් පමණය.
මේ අතර මොරගහකන්ද ජලාශයද මේ වනවිට 79%කට ආසන්න මට්ටමකට පිරී පවතින බවත් ජලාශයේ දැනට අක්කර අඩි 308,020 ක ජල ප‍්‍රමාණයක් තිබෙන බව එහි වාරි නිලධාරීහු පැවැසූහ.
2025 දෙසැම්බර් මස 18
69
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
137
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
935
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පරාක්රම සමුද්‍රය පිටාර මට්ටමේ
prasanna thenuwara Friday, 20 December 2019 09:48 AM
සතුටුදායක ආරංචියක්...