IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පයාගල පොලිසියේ ගිනි අවියක් අතුරුදන්

( බිමල් ශ්‍යාමන් ජයසිංහ )

පයාගල පොලිස් බාරයේ තිබූ පිස්තෝල ගිනි අවියක් නැති වී ඇතැයි පයාගල පොලිසිය කියයි.

එම ගිනි අවියට අයත් ජීව උණ්ඩ 6 සහ මැගසීනය ගිනි අවි බහාලන ආරක්ෂක පෙට්ටියේ තිබී හමු වී ඇත.

නැති වූ ගිනි අවිය මීට දින 2 කට පමණ පෙරදී දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති වරයා වන උප පොලිස් පරීක්ෂක වරයා රාජකාරි සදහා රැගෙන ගොස් එදිනම උප සේවා රාජකාරියේ නිරතව සිටි කාන්තා පොලිස් කොස්තාපල් වරිය වෙත භාරදුන් බවට අදාල පොත් පත් වල සටහන්ව ඇතැයි පොලිසිය කියයි.

ඊයේ දහවල් අදාල උප පොලිස් පරීක්ෂක වරයා රාජකාරි සදහා රැගෙන යාමට අදාල ගිනි අවිය උප සේවා රාජකාරියේ නිරතව සිටි නිලධාරීයාගෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී එය නැති වී ඇති බව දැනගෙන ඇත .

ගිනි අවිය නැති වීම සම්බන්ධයෙන් කලුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස් පති විජිත් ගුණරත්න පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස මහත්වරුන්ගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී නිශාන් සිල්වා මහතා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත. 



අදහස් (6)

පයාගල පොලිසියේ ගිනි අවියක් අතුරුදන්

tharindu Thursday, 16 April 2020 02:02 PM

පොලිසිය අස්සේ ඉන්නෙත් හොරුනේ... ඉතින් කොහොමද අපි පොලිසිය විශ්වාස කරන්නේ?

:       0       106

saradiyel Thursday, 16 April 2020 04:48 PM

අයියෝ අයියෝ ඔකවත් බලාගන්න බැරිද හැබෑටම...?

:       0       140

dilan Friday, 17 April 2020 02:40 AM

ජනාධිපතිතුමනි, තමන්ගේ පිස්තොලේ ආරක්ෂා කරගන්න බැරි පොලිසිය කොහොමද සාමාන්‍ය ජනතාව වන අපිව ආරක්ෂා කරන්නේ? කරුණාකර පොලිසියත් හමුදාවටම බාර දෙන්න. මක්නිසාද යත් පහුසිය දිනවල අපි දැක්ක හමුදාවේ විනය, ශික්ෂණය සහ කැපවීම

:       3       2

kapila Friday, 17 April 2020 03:31 AM

අපිට දාන සද්ද හැටියට බයේ බැහැ. ඒ වුණාට මොකවත් තියාගන්න බැරිද හැබෑටම...!!!

:       0       2

WCA Friday, 17 April 2020 05:37 AM

පොලිසියේ හැටි ඔකෙන්ම පේනවා

:       0       1

Asanka Friday, 17 April 2020 07:31 AM

ඕක පොලීසියෙන්ම අතපසුවීමකින් වෙනත් තැනක තියන්න ඇති. මේ දිනවල පොලීසි වල ගොඩක් කලබල.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 639 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site