(නිමන්ති රණසිංහ)
සිය පෙම්වතිය යොදා ගනිමින් මෙරට ප‍්‍රධාන පෙළේ ප‍්‍රකෝටිපති ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටි තුනක කප්පමක් ඉල්ලූ බව කියන මාධ්‍ය ආයතනයක අළෙවි විධායකයකු කොළඹ අපරාධ කොට්ඨාසය අද (01) අත්අඩංගුවට ගෙන ඇත.
කාන්තාවක සමඟ මෙම කෝටිපති ව්‍යාපාරිකයා ඔහුගේ සුඛෝපභෝගි මෝටර් රථයේ සිටියදී ලබාගත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන ව්‍යාපාරිකයාගේ බිරිඳට ලබා දෙන බව පවසමින් මෙම සැකකාර අලෙවි විධායකවරයා රුපියල් කෝටි තුනක කප්පමක් ඉල්ලා ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසයේ උසස් නිලධාරියක් පැවසීය.
කප්පම්කරු සිය කප්පම් මුදල පැමිණීලිකරුගේ පෞද්ගලික ලේකම්වරිය වෙත ලබා දෙන ලෙසට කළ දැනුම් දිමකට අනුව බත්තරමුල්ලේ පිහිටි පැමිණීලිකරුගේ ප‍්‍රධාන කාර්යාල ගොඩනැගිල්ලේදී එම ලේකම්වරිය පොලීසිය විසින් අත්අඩගුවට ගෙන ඇත්තේ ඉකුත් ඉකුත් 25 වැනිදා පෙරවරුවේදීය. ඇයගේ ජංගම දුරකතනය අත්අඩංගුවට ගෙන ඇති පොලීසිය ඒ ඔස්සේ පරීක්ෂණ පවත්වමින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකාරිය ද වසර 15කට ආසන්න කාලයක් සැකකරු සේවය කළ මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදිනියක ලෙස සේවය කර තිබූ 35 හැවිරිදි එක්දරු මවක් වන බවත්, පසුව සැකකාරිය එම මාධ්‍ය ආයතනයෙන් ඉවත්වී පැමිණීලිකාර කෝටිපති ව්‍යාපාරිකයාගේ පෞද්ගලික ලේකම්වරිය ලෙසට සේවයට බැදී ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වූ බව අපරාධ කොට්ඨාසය සදහන් කරයි.
ඒ අනුව සැකකාරිය ඉකුත් 23 වැනිදා කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 15 වැනිදා තෙක් රක්ෂිත බාරයේ තැබීමට අධිකරණය නියෝග කර ඇත.
COMMENTS
මේවගේ. අයට පෙම්වතිය. කිව්වොත් පෙම්වතියට. කියන්න දෙයක්. නැහැ. ගසාකන්නියක් , හරි. යක්ෂණියක්. හරි කියමු
මා ගාවටත් එවන්නකො කප්පම් ටිකක් ඉල්ලගෙන....
මාධ්‍ය ආයතන වලට දොස් කියන්න එපා. ඒ ගොල්ලෝ තමයි හතරවැනි රාජ්‍යය.
මාධ්‍යය සහ කලාව කියන්නේ අපේ රටේ කාන්තාවට විලි ලැජ්ජාවක් නැති කරවන කාරණා දෙකක්. ඔය දෙකටම යොමු වුණු බහුතරයක් කාන්තාවන් දන්නේ කාරණා දෙකයි. එක්කෝ තමන්ගේ පවුල කඩාගන්න. නැති නම් අනුන්ගේ පවුලක් කඩලා තමන්ට පවුලක් හදා ගන්න. කිසිම වැදගත් මව්පියෙකු ඔය වෘත්තීන් වලට තමන්ගේ ගැහැණු දරුවෙකු යොමු නොකරන තරමට හොඳයි.
ලංකාවේ සමහරු උපන්ගෙයි අනුන්ගේ දේවල් කඩා වඩා ගන්නයි පුරුදු වෙලා තියෙන්නේ. එක්කෝ කප්පම් නැත්තම් හොරකම් හෝ බලහත්කාර අයිතිකරගැනීම්. මාතර පැත්තෙන් කොළඹට ඇවිත් පදිංචි වුන හැම කෙනාම වගේ නෑදෑයන්ගේ ඉඩම් තන්හාවෙන් බේරෙන්න එහෙන් චුත වුනඋදවිය. පිටරට ගිය මිනිස්සුන්ගේ දේපල අයිති කරගන්න ලංකාවේ නෑදෑයෝ බලන් ඉන්නවා. කසාද බැඳපු නැති මාමාගේ ඉඩම් වලට , ගෙදර ඉන්න පුංචි අම්මාගේ රත්තරන් බඩු වලට උරුම කම් කියන්න ළමයින්ට පොඩි කාලේ සිට පුරුදුකරනවා. තමන්ගේ මහන්සියෙන් සාධාරණව හම්බු කර ගන්න දරුවන්ට පොඩිකාලේ සිට පුරුදු නොකළ අරුමය තමයි.
හැබැයි මේ ව්‍යාපාරික මහතා ඒ කාන්තාවට නිවසක් අරන් දීලා කියලා උසාවියේදි කියනවා ඇහුණා.