IMG-LOGO

පෙමට පිටුපෑ සිසුවිය පොරෝ පහරින් මරැට

(ප්‍රසන්න පත්මසිරි සහ පාලිත ආරියවංශ)

ජාත්‍යන්තර කාන්තා දිනය යෙදි තිබු අද (8 ) දින සවස පාසල නිමවී නිවස  බලා යමින් සිටි සිසුවියක තියුණු පොරෝවකින් පහරදී ඝාතනය කර ඇති බව හාලිඇල පොලිසිය කියයි.

හාලිඇල උඩුවර වත්ත පහළ කොටසේ පදිංචි ධර්මරාජ් ලිබියා නැමති 18 හැවිරිදි පාසල් සිසුවිය මෙසේ ගාතනය කර තිබෙන බව පොලිසිය කියයි.

උඩුවර වත්තේම පදිංචි බව කියන සැකකරු ප්‍රදේශයෙන් ඵලා ගොස් ඇති බවත් පොලිස් කණ්ඩායම් හතරක් යොදවා සැකකරු අත් අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව බදුල්ල ජේෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතා කියයි.

හාලිඇල දෙමළ විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි ඝාතනයට ලක්වු සිසුවිය පාසල නිමවී බසයෙන් ගමන්කර එයින් බැස උඩුවර වලස්බැද්ද මාර්ගයේ පාගමනින් යන අතරතුර ඇගෙන් ආදරය අයැද සිටි තරුණයෙකු පොරෝවෙන් හිසට කිහිපවරක් පහරදී ඝාතනය කර තිබෙන බව පොලිසිය කියයි.

වසර කිහිපයක සිට ඝාතනයට ලක්වු තරුණියගෙන් ආදරය අයදිමින් සිටි සැකකාර තරුණයා පසුගිය වසරේදි සිසුවියගේ මවට 
හා සහෝදරයෙකුට පොරෝවකින් පහරදීමක් සම්බන්ධයෙන් සමථ මණ්ඩලයේ නඩුවක් පැවැත්වෙන බවද පොලිසිය කියයි

ඝාතනයට ලක්වු සිසුවිය සම්බන්දයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වා පශ්චාත් මරණ පරීක්ෂණය සදහා බදුල්ල මහ රෝහලට මෘත
ශරීරය ගෙන යන බව පොලිසිය කීය,

බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතාගේ උපදෙස් මත හාලිඇල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුවන් ගුණතිලක මහතාගේ උපදෙස් මත නිළධාරීහු පරීක්ෂණ සිදු කරති,



අදහස් (5)

පෙමට පිටුපෑ සිසුවිය පොරෝ පහරින් මරැට

69ශ්‍රී 2019 Tuesday, 08 March 2022 05:12 PM

අනේ මන්දා, මේවාට මොනවා කියන්නද කියලා? දෙදෙනෙකුට පොරොවෙන් පහර දීලත් සමථ මණ්ඩලය වෙතට යොමුකිරීම මිනී මරුවගේ බිය දුරුකිරීමක් වියහැකියි. හොඳටම තිබුණු රටක්..., මොනවා නැතත් ඉන්න (අසරණයින්ට නැතත්) හිටින්න රටක් තියෙනවනේ..!

:       1       1

ranjith Tuesday, 08 March 2022 05:13 PM

මරණ දඬුවම නැතිව දරුණු අපරාධකාරයින්ට ගැලවෙන්න පුළුවන් නිසා මේ අපරාධ වැඩිවෙනවා.

:       0       1

හීන්බණ්ඩා Wednesday, 09 March 2022 03:37 AM

ආදිවාසි පෙම්වතෙක් ද කොහෙද? දියණියනි, ඔබ‍ට නිවන්සුව ලැබේවා...!

:       1       1

මහේෂ් Wednesday, 09 March 2022 03:43 AM

අනේ මෙහෙම මෝඩ හරක්. හදිසිකෝපය. දැන් ඉතිං ලැබෙයි ආදරේ. බලෙන් ලබාගන්න ආදරේ මොකටද? පව් මේ මෝඩ කෙල්ලෝ, කොල්ලෝ කරන වැඩ නිසා අසරණ දෙමව්පියන් විඳවනවා.

:       0       1

සිසිල් සුදේශ් Wednesday, 09 March 2022 06:52 AM

මේ අපරාධකරු මීට පෙරද පොරවකින් පහර දී ඇති බව සඳහන්. ඒක සමථ මණ්ඩලයට දමලාලු. ඒ වගේ බරපතල අපරාධයක් සමථ මණ්ඩලයට දමන්න පොලිසියට පිස්සුද? බොහෝ විට දැන හැඳුනුම්කම් මත පොලිසිය මේ වගේ ලිස්සලා යන එකෙන් සිදු වූ විපත පේනවද

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 124 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2249 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 695 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site