
(ඉන්දිකා රාමනායක)
දිවයිනපුරා ගෑස් පිපිරීමේ සිද්ධීන් 13 ක් අද (21) දිනය තුළ වාර්තා වී ඇති බව පොලිස් මුලස්ථානය කියයි.
අද අලුයම 4.00 සිට පස්වරු 3.00 දක්වා කාලය තුළ මෙම අනතුරු වාර්තා වී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
මෙම අනතුරු හෝමාගම, දඹගල්ල, හතරලියැද්ද, වලස්මුල්ල, ගණේමුල්ල, මීගලෑව , දුම්මලසුරිය, වීරවිල, කඹුරුපිටිය, කඩවත , කිරිබත්ගොඩ, පල්ලේකැලේ, නවගමුව යන ප්‍රදේශ වලින් වාර්තා වී ඇති බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම සිද්ධීන් අතරින් 05 ක්ම බස්නාහිර පළාතින් සහ 8 ක් පිට ප්‍රදේශ වලින් වාර්තා වී ඇත. මෙම අනතුරුවලින් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැත.
පසුගිය නොවැම්බර් මස 01 වැනි දින සිට අද (21) දක්වා දින 50 ක කාලය තුළ ගෑස් පිපිරීමේ සිද්ධීන් 860 ක් වාර්තා වී ඇති බවද පොලිසිය කියයි.

COMMENTS
පක්ෂ පාට බදාගෙන එක රටක මිනිස්සු වෙලත් රණ්ඩු වෙන බැන ගන්න මිනිස්සු ඉන්න රටක් මේක.ඒ මාන්සකිකත්වය නැති වන තාක් කල් මෙම රට දියුණු නොවන අතර දුෂ්ට දේශපාලුවන් රජ කරනවා.දැන්වත් එය තේරුම් අරගෙන බුද්ධියෙන් කටයුතු කරන්න.චන්දය ලං උනාම මෙම දුශිතයෝ ටික අපිට නොදැනීම අපව නැවත රවටනවා.ඒකට අහුවෙන්න එපා.අපේ දුර්වලතාවයක් තියනවා අපි හැමදේම ඉක්මනට අමතක කරනවා.ඒකෙන් දේශපාලුවන් ප්‍රයෝජනය ගන්නවා.චන්දය ලං උනාම අත්‍යවශ්‍ය දේවල් කිහිපයක් මිල අඩු කලාම අපිඅට ,ඒ සියලු දේවල් අමතක වෙනවා.එසේ නොවී මොවුන්ගේ අදුරදර්ශී වැඩ කොමිස් ගැහිලි හොදින් මතක තබා ගෙන එන චන්දයේදී වත් බුද්ධිමත්ව මොවුන්ට පාඩමක් උගන්වමු .