IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


පුපුරණ කාබනික පොහොර ගැන සොයා ගිය ගමන

(කාංචන කුමාර ආරියදාස)

කාබනික දියර පොහොර ඇසුරුම් පුපුරා යෑමට ප්‍රධානතම හේතුව ඇසුරුම් සදහා උසස් තත්වයේ ප්ලාස්ටික් කෑන් හා බෝතල් නොමැතිවීමත්, ප්‍රවාහනයේදී සහ ගබඩා කිරීමේ දී මෙම කාබනික දියර පොහොර ප්‍රතිවිරුද්ධ ලෙස ගබඩා කිරීමත් බවත් දේශීය දියර පොහොර නිෂ්පාදකයෝ පවසති.

දිවයිනේ තැන තැන රජය විසින් ගොවීන්ට නොමිලේ ලබාදෙන දියර පොහොර ඇසුරුම් පුපුරා යෑමේ සිද්ධීන් රැසක් වාර්තාවිය , පොළොන්නරුව දිස්ත්‍රික්කයට වී සහ අතිරේක බෝග සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ගොවීන්ට නොමිලේ ලබාදෙන කාබනික දියර පොහොර නිෂ්පාදනය කරන ස්ථානය සොයා ගිය අවස්ථාවේදී එහි නිෂ්පාදකකරුවන් මේ බව සඳහන් කළහ.

පොළොන්නරුව දිස්ත්‍රික්කයට අවශ්‍ය දියර පොහොර හබරණ තරැස්කොටුව ප්‍රදේශයේ නිෂ්පාදනය කරනු ලබයි.මෙම ස්ථානයේ සිදු කෙරෙන ක්‍රියාදාමය පිළිබඳව මෙන්ම ජනතාව නඟන චෝදනා පිළිබඳව එහි හිමිකරු සහ කළමනාකරුවන්ගෙන් සේවකයන්ගෙන් කරුණු විමසීමදී කළ ප්‍රකාශයය් මේ.

රජයේ සහනාධාර යටතේ පොළොන්නරු දිස්ත්‍රික්කයේ බෙදාහරින කාබනික දියර පොහොර ආයතනයේ හිමි හිමිකරු සි .පි . නාගොල්ලේ ගෙදර මහතාගෙන් විමසීමේදී කියා සිටියේ මෙවන් දෙයකි. පොලොන්නරුව දිස්ත්‍රික් ගොවීන් සඳහා මෙම දියර පොහොර රජයට ලබා දීම සිදු කරන්නේ මමයි. ඉතා වගකීම්කින් පරිශ්‍රමයක් දරමින් සීයට සීයක් කාබනිකව දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන මෙම උසස් තත්වයේ කාබනික දියර පොහොර ය නිෂ්පාදනය මා නිෂ්පාදනය කරනවා.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ඉවත ලන මුහුදු මාළු කොටස් හබරණ හතරැස් කොටුව ප්‍රදේශයේ පිහිටි මෙම නිෂ්පාදනාගාරයට රැගෙනවිත් ඒවා කුඩුකර දියර බවට පත්කරමින් මාසයක පමණ කාලයක් මෙම ස්ථානයේ විශාල ප්ලාස්ටික් බැරල් වල තබා තවත් අමු ද්‍රව්‍ය රැසක් එක් කරමින් මෙම දියර පොහොර නිපදවන බව ද එමෙන්ම ඒවා ඒ සියලු තත්ත්ව පරික්ෂා කිරීම් සිදු කොට වාර්තාවක් ලබා ගැනීමෙන් අනතුරුවව ගොවි සංවිධාන වෙත නිකුත් කිරීම් සිදුකරන බව මෙම ආයතනයේ කළමනාකරු අසංක සමරසේකර මහතා අප සමඟ පැවසීය.

 

 



අදහස් (7)

පුපුරණ කාබනික පොහොර ගැන සොයා ගිය ගමන

චන්දන Monday, 13 December 2021 10:46 AM

කොම්පෝස්ට් ස්වභාවික පොහොර නිපදවන ආකාරය පිළිබඳව ජනතාව දැනුවත් නැති බව පේනවා . දියුණු රටවල් ටොයිලට් වලවල්වලින් ගන්න ඝන ද්‍රව්‍ය දිරාපත් වන ක්‍රමවේද භාවිතා කර පොහොර ලෙස භාවිතා කරනවා . ලංකාවෙ ත් එය ඉතා සාර්ථකව මහරගම තරුණ සේවා සභාවෙත් , අකුරැස්ස නිල්වලා අධ්‍යාපන පීඨය තුළ ත් ජපන් ආධාරයෙන් සිදු කරනව.

:       3       7

aseMonday, 13 December 2021 12:26 PM

දියුණු රටවල ඔය කියන වලවල් නැහැ... සියලු දේ නල පද්ධතියකින් එකතු කොට නැවත බැක්ටීරියා යෙදීම තුළින් පිරිසිදු කොට ජලය මුදා හරියි. දැනට නුවර ක්‍රියාත්මක මෙවැනි ව්‍යාපෘති ගැන සොයා බලන්න...

:       1       2

චන්දන Monday, 13 December 2021 02:54 PM

මම කියන්නේත් ඒකම තමා. එහි ඇති ජලය පිරිසිදු කර ස්වාභාවික ජල මාර්ග වෙත මුදා හරිනවා. ඝන ද්‍රව්‍ය පොහොර ලෙස ගන්නවා. මෙම ක්‍රමය නාගරික තට්ටු නිවාස වලට ඉතා ගැලපෙනවා. අපේ ජනමාධ්‍ය ටොයිලට් වලවල් ඉහිනවා කියල ප්‍රචාරය කිරීම මොන අරමුණක් ඇතිව කරනවද ප්‍රශ්නයක් .

:       1       3

චන්දිම Monday, 13 December 2021 11:19 AM

මාළු සිරුරු කොටස් ආශ්‍රිතව නයිට්‍රජන් බහුලව තිබෙන බවට යම් පිළිගැනීමක් තියෙනවා. ඒත් ඒවා යූරියා පොහොරවල තියෙන ආකාරයට ඉක්මණින් භෝග ශාකතුළට අවශෝෂණය කරගන්නා ආකාරයේ රසායනික ව්‍යුහයකින් පවතිනවාද කියලා හොඳට පර්යේෂණ කරලාද මේ බය නැතුව දාන්න කියන්නේ..? ජාතික අස්වැන්න සමග අත්හදා බැලීම් කරන එක හරි අවදානම් වැඩක්...

:       0       1

ජන හඩ Monday, 13 December 2021 01:04 PM

මෙම මාළු දිරාපත් වීමේදී පත්වන එක් එක් තත්වයන් ඕනෑම ජීවියෙක් මැරුණම පසුකරන තත්වයන්ට සමානයි. මෙහි විද්‍යාත්මක පසුබිම දන්නා දියුණු රටවලට ගොස් මේ අංශය ගැන දැනුවත් භාවයෙන් ඉන්නා විද්‍යාඥයන්ගෙන් වාර්තාවක් ලබාගත්තේ නැතිද? එක් විද්‍යාඥයෙකුගෙන් පමණක් නොව කිහිප දෙනෙකුගෙන් වාර්තා ගත යුත්තේ එක් විද්‍යාඥයෙකුට නොපෙනෙන පැත්ත අන් අය දකින බැවිනි. ඒත් සෑම ව් මෙම මාළු දිරාපත් වීමේදී පත්වන එක් එක් තත්වයන් ඕනෑම ජීවියෙක් මැරුණම පසුකරන තත්වයන්ට සමානයි. මෙහි විද්‍යාත්මක පසුබිම දන්නා දියුණු රටවලට ගොස් මේ අංශය ගැන දැනුවත් භාවයෙන් ඉන්නා විද්‍යාඥයන්ගෙන් වාර්තාවක් ලබාගත්තේ නැතිද? එක් විද්‍යාඥයෙකුගෙන් පමණක් නොව කිහිප දෙනෙකුගෙන් වාර්තා ගත යුත්තේ එක් විද්‍යාඥයෙකුට නොපෙනෙන පැත්ත අන් අය දකින බැවිනි. ඒත් සෑම ව්‍යාපෘතියක්ම එක් කණ්ඩායමක සාක්කුවල මුදල් පුරවන උපාය මාර්ගයක් වී ඇති පසුබිමක මෙය ගොවියන්ට අතුරු ප්‍රශ්න ගෙන දෙන විහිළුවක්වීම පුදුමයකුත් නොවේ.

:       1       3

-Ratne Monday, 13 December 2021 01:36 PM

නිසිලෙස පොහොර බවට පත්වීමට පෙර ඇසුරුම් කර බෙදාහැරීම හේතුවෙන් අධික දුර්ගන්ධය මෙන්ම, ඇසුරුම් පුපුරායාම සිදුවීමට පුළුවනි.. කාබනික පොහොර නිෂ්පාදනයට මාස 3, 4 කාලයක් බලාගෙන හිටිය නොහැකි බවත්, ඒවා ඉක්මණින්ම සකස්කර යුතු බවටත් ඇමතිවරයකු විසින් උපදෙස් දීමක් මීට ඉහත මාධ්‍යවල දුටිමි. මේ එහි ප්‍රතිඵලය විය හැකිය...

:       0       1

සිල්වා Tuesday, 14 December 2021 06:49 AM

නිසි සැලසුම් හො අවබෝධයක් නොමැතිව කිසිවක් කළ නොහැකියි. නිෂ්පාදකයා සිට පාරිභෝගිකයා දක්වා නිසි සැලසුම් සහ අවබෝධය ලබාදිය යුතුයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 762 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 907 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 376 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site