IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


පාපන්දුවේ මගඩි රැසක් හෙළිවේ

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

අවසන් වරට පැවැත්වූ පාපන්දු නිලවරණය  සංවිධාන කිරීම  සඳහා  නිලවරණ කමිටු සභාපතිට රුපියල් රුපියල්  හත් ලක්ෂ පනස් දහසක මුදලක් ගෙවීම සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) විශේෂ  අවධානය යොමුවී ඇත.

මේ අතර පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති මනිලාල් ප්‍රනාන්දු මහතා එම සම්මේලනයට ලැබුණු  රුපියල් කෝටි 7කට ආසන්න මුදලක් අවභාවිතා කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්ද  අවධානය යොමුවූ බව කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී  පෙරේදා( 3) රැස්විය.

පාපන්දු සම්මේලනයේ අවසන් වරට පැවැති නිලවරණය සංවිධානය කිරීම  වෙනුවෙන් නිලවරණ කමිටු සභාපතිට රුපියල් හත් ලක්ෂ  පනස් දහසක  මුදලක්ද අනෙකුත් සාමාජිකයන් දෙදෙනාට රුපියල් හය ලක්ෂය බැගින්ද  ගෙවීමට මුදල් අනුමත  කිරීම ගැටළු සහගත බව එම කමිටුව පෙන්වා දෙයි .

කෝප් කමිටුව 2021 වසරේ අප්‍රේල් මස 22  වැනිදා  රැස්වූ අවස්ථාවේදී  මෙම මුදල් ගෙවූ බවට කිසිදු නිලධාරියෙකු ප්‍රකාශ නොකළ බවත්  අප්‍රේල් මස 20 වැනි දින එම මුදල් ගෙවා ඇති බව දැන් පැවසීම සැක සහිත බවත් කාරක සභාවේ සභාපතිවරයා  එහිදී පැවසීය.

මේ සම්බන්ධයෙන්  අභ්‍යන්තර වශයෙන් විමර්ශනයක් සිදුකර සති  02 ක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කාරක සභාව ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මහතාට  දැනුම් දුන්නේය.

කළුතර පාපන්දු ක්‍රීඩාංගනය ඉදිකිරීම සදහා ඉතාලි පාපන්දු ක්‍රීඩකයන්ගේ සංගමය පරිත්‍යාග කළ යූරෝ 40,400ක්ද(රු.6,287,670), ආසියානු පාපන්දු සම්මේලනය තරඟ පැවැත්වීමට ලබා දුන් ඩොලර් 60,000ක්ද(රු.6,415,290),පෞද්ගලික සමාගමක්  සුනාමියෙන් විපතට පත් අයට නිවාස 20ක් ඉදිකිරීම සදහා ලබා දුන් රුපියල් කෝටියක් ද   ආසියානු පාපන්දු සම්මේලනය විසින් පරිත්‍යාග කරන ලද ඩොලර් 200,000ක්ද  පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති මනිලාල් ප්‍රනාන්දු මහතා විසින් අවභාවිත කරනු ලැබීම පිළිබඳ කාරක සභාවේ විශේෂ අවධානය මෙහිදී  යොමුවිය.

පාපන්දු සම්මේලනයේ හිටපු මුදල් කළමනාකරු තරඟ විනිසුරුවන් ලෙස ව්‍යාජ නම් ඇතුළත් කර  රුපියල් හාර කෝටියකට වැඩි මුදලක්   ලබා ගෙන ඇති බව 2020 වසරේ අගෝස්තු මාසයේදී අනාවරණය වී ඇති අතර, එම මුදල් මෙතෙක් අයකර නොගෙනීම සම්බන්ධයෙන්ද  කාරක සභාවේ අප්‍රසාදය පළ විය.

මේ පිළිබඳවද සොයා බලා වහාම දන්වන ලෙසද කාරක සභාවේ සභාපතිවරයා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාට තවදුරටත් නිර්දේශ කළේය.

සම්මේලනය ක්‍රීඩා තරඟාවලි සහ ක්‍රීඩා සම්මන්ත්‍රණ පැවැත්වීම සඳහා තරඟ සංවිධායකයන්ට ලබා දී තිබුණු, එහෙත් පියවා නොතිබුණු අත්තිකාරම්වල එකතුව 2018 වර්ෂයේ රුපියල් 2,252,067 ක් හා 2019 වර්ෂයේ රුපියල් 1,465,997 ක් බවද කාරක සභාවේදී අනාවරණය විය.


එමෙන්ම ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාව කඩිනමින් සංශෝධනය කරන ලෙසද  කෝප් කාරක සභාව  එම සම්මේලනයට දැනුම් දුන්නේය.

එම සංශෝධන මගින්  සම්මේලනයේ නිලධාරි මණ්ඩලයේ ධූර කාලය වසර 01 සිට වසර 04 දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන ලෙසද කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්‍ය චරිත හේරත් මහතා  නියෝග කළේය.

පාපන්දු සම්මේලනයේ විධායක සභාවට ඡන්දයෙන්  සාමාජිකයන් 10 දෙනෙකු  පත් කළද සභාපතිවරයා  තවත් සාමාජිකයන් 18 දෙනෙකු පත්කිරීම සිදුකරන බව මෙහිදී අනාවරණයවූ අතර මෙය  විශාල ගැටලුවක් බව කමිටුව පෙන්වා දුන්නේය.

එම තනතුරු 18 පුරප්පාඩුව පවතින හෙයින්  පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාව සංශෝධනය කරන තෙක්   එම පුරප්පාඩු සම්පූරණ කිරීමකින් තොරව තවදුරටත් හිස්ව තබන ලෙස කාරක සභාව  නිර්දේශ කළේය.

සම්මේලනය 2030 වසර දක්වා සං‍යුක්ත සැලැස්මක් සකස් කර ඇතත්, එය විධායක කමිටුව අනුමත කර නොතිබුණු බවද මෙහිදී හෙළි විය.

ක්‍රියාකාරී සැලැස්මක් 2017 වසරේ සිට 2020 වසර දක්වා  සකසා තිබුණද එය විධායක කමිටුවේ අනුමැතියට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන්ද කාරක සභාව පාපන්දු සම්මේලනයෙන් මෙහිදී ප්‍රශ්න කළේය.

මෙම කාරක සභා රැස්වීමට අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන රවුෆ් හකීම්, පාඨලී චම්පික රණවක, ජගත් පුෂ්පකුමාර,ඉරාන් වික්‍රමරත්න, ප්‍රේමනාත් සී දොලවත්ත, බී.වයි.ජී රත්නසේකර සහ එස්. රාසමානික්කම් යන මහත්වරුන්ද , ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය සහ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් යන මහත්වරුන්  ඇතුළු  නිලධාරීහු  පිරිසක්ද සහභාගී වූහ. 



අදහස් (0)

පාපන්දුවේ මගඩි රැසක් හෙළිවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 920 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1004 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 401 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site