IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පාන් මිල වැඩි කරන්නේ නෑ - පිට පළාත් බේකරි හිමියෝ

(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)

බේකරි නිෂ්පාදන මිළ වැඩිකිරීමකින් තොරව තිබූ මිළටම අළෙවි කිරීමට කටයුතු කරන බව පිට පළාත් බේකරි හිමියන්ගේ සංගමය කියයි.

එම සංගමයේ කැදවුම්කරු ගාමිණී කන්දේගෙදර මහතා අද (22) දහවල් නිකවැරටියේ දී පැවැති මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය.

ජනතාව ඉතාමත් අපහසුතාවයට පත්ව ඇති මෙම අවස්ථාවේ දී බේකරි නිෂ්පාදනවල මිළ වැඩිකිරීමෙන් වැළකී සිටින්නැයි රටේ සෑම බේකරි හිමියෙක්ම කටයුතු කරන ලෙස එම සංගමය ඉල්ලා සිටී.

කෙසේ වෙතත් අමුද්‍රව්‍ය මිළ ඉහල යාම හේතුවෙන් තමන්ට මිළ වැඩිකිරීමක් අත්‍යාවශ්‍ය වුවත් මෙය ඒ සදහා අවස්ථාව ලෙස නොසලකන බවද එම සංගමය කියයි.

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ රට වසා අසීරුවට පත්ව ඇති පාරිභෝගික ජනතාවට සහ රජයට දක්වන සහයෝගයක් ලෙස මෙම තීරණය ගත් බව කන්දේගෙදර මහතා කීය.

බේකරි නිෂ්පාදන වල මිළ හෙට (23) සිට ඉහළ දැමීමට කටයුතු කරන බව සමස්ථ ලංකා බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය පසුගිය දා නිවේදනය කර තිබිණ.

ඡායාරූප පිට පළාත් බේකරි හිමියන්ගේ සංගමයේ කැදවුම්කරු ගාමිණී කන්දේගෙදර සහ එහි සාමාජික එම්.ඩී.ආර්. සමන්ත යන මහත්වරු මාධ්‍ය හමුවේදී



අදහස් (0)

පාන් මිල වැඩි කරන්නේ නෑ - පිට පළාත් බේකරි හිමියෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 118 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 751 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site