(මහින්ද නිශ්ශංක)
අද (15) මධ්‍යම රාත්‍රීයේ සිට පාන් රාත්තලක මිල රුපියල් 3 ත් 5 ත් අතර ගණනකින් වැඩි කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසීය.
පාන්පිටි කිලෝවක මිල රුපියල් 8.50 කින් වැඩිකිරීම හේතුවෙන් පාන්මිල වැඩි කරන බව ඒ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෝඨා මහතා පැමිණි විට භාණ්ඩ මිල කිසිසේත් ඉහළ නොයනු ඇත.
මෙය පිටුපස දේශපාලන ප්‍රශ්නයක් නැතැයි කිව හැකිද? ඡන්දයට දිනක් තිබියදී මෙය කරන්නේ කොහොමද? මෙයට මැතිවරණ කොමිසම කියන්නේ කුමක්ද?
මැතිවරණයකට තව දවසක් තියලා මේ බේකරි සංගමයක සභාපති යැයි කියාගන්නා පුද්ගලයා එක්තරා අපේක්ෂකයෙක්ගේ පරාජය වහගන්න කරන නින්දිත ක්‍රියාවක්. අනික පාන් මිල අඩු කිරීම සහ වැඩි කිරීම තීරණය කරන්නේ රජය මිස කීපදෙනෙක් එකතුව පිහිටුවාගත් කල්ලියකින් නොවේ. මේ පුද්ගලයා වහාම අත්අඩංගුවට ගත යුතුයි. මැතිවරණ නීති අමුඅමුවේ කැඩීම නිසා..
ජනතාවගේ වාසනාවට දැන්වත් ඉවත්ව යන ජනපතිගෙන් ජනතාවට ලැබෙන අවසන් තෑග්ග..
හෙට ඡන්දය නේද? මේක ඇමරිකන් කම්පැනි එකක්ද?
ඇමරිකන් පුරවැසියෙකු ජනපති වන නිසාද?
පාරිභෝගික අධිකාරිය කියලා එකක් තියෙනවා නේද ? එකේ ඉන්න අයගේ රාජකාරිය මොකද්ද ? අනිත් එක, අපි දැන්වත් පාන් පිටි වලින් මිදිලා ලෙඩ අඩු කරගන්න හිතමුද ? අපි පාන් පිටි පරිභෝජනය නිසා අපේ මුදල් පිට රටට යනවා විතරක් නෙමේ ජාතිය රෝගීන් වීමත් වෙනවා.
ජනාධිපති මැතිවරණයට කලින් දින මෙවැන්නක් සිදුකිරීමට මේ බේකරි මාෆියා සංගමය කටයුතු කිරීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් ලෙස සලකා ඔවුන්ට නඩු පැවරිය යුතුයි. කෙසේ වෙතත්, මේ රටතුළ වර්ජන රැලි මෙහෙයවමින් සිටි සියලුම මාෆියා සංගම් පිටුපස සිටි නායකයා හා එම කල්ලිය ගැන ජනතාව මේ වනවිටත් දැනුවත් නිසා බුද්ධිමත් ජනතාව මේ සිදුවීමත් තවත් එක්තරා නින්දිත ඡන්ද ව්‍යාපාරයක ප්‍රතිඵලයක් ලෙස අවබෝධ කර ගනු ඇත. ජනතාව අන්දන විෂඝෝර නාගයින්ට දඬුවම ලැබෙයි නිසි දින...
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති මේ ගැන මාධ්‍ය වාර්තාවක් නිකුත් කරමින් පිටිමිල වැඩිකර ඇතිබවට පතුරුවා ඇති ප්‍රවෘත්තිය බොරුවක් බව කියා තියෙනවා.
අද නම් පාන් රාත්තල රුපියල් පනහකින් නැග්ගත් මේ ඡන්ද උණ නිසා මිනිස්සුන්ට තේරෙන එකක් නැහැ. හෙටින් පස්සේ තමයි පාන් මිල දැකලා පාන් කියාගන්නවත් බැරිවෙන්නේ...