IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


පන්සලේ ඉඩම හරහා යන්න එපා යැයි කීවාට විහාරාධිපති හිමියන්ට පහරදීලා

ඩී.ජී.සුගතපාල

ගිංතොට ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමියන්ට අද (24) සවස එම ප්‍රදේශයේම පුද්ගලයකු විසින් පහරදි ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.

පොලිසිය පැවසුවේ සැකකරු ඇතුළු තරුණයින් පිරිසක් විහාරස්ථානයේ ඉඩම මාර්ගයක් ලෙස භාවිතා කරමින් නිතර ගමන් කිරිම නිසා එසේ ගමන් නොකරන ලෙස පැවසු විට මෙම පහරදිම සිදුකර තිබේ.

එම අවස්ථාවේ සැකකරු බිමත්ව සිට ඇති බව පරික්ෂණ වලදී අනාවරණය වී ඇත.

සැකකරු අත් අඩංගුවට ගැනිම සඳහා ගාල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.



අදහස් (12)

පන්සලේ ඉඩම හරහා යන්න එපා යැයි කීවාට විහාරාධිපති හිමියන්ට පහරදීලා

Kapila Sunday, 24 May 2020 05:28 PM

ධර්මය උගන්වන මිනිස්සු හරි මාර්ගයට ගන්න පන්සල්වල කිසිම වැටක්, සීමාවක් ගේට්ටුවක් තියෙන්න බැහැ. මිනිහා බේබද්දෙක් කියන්නේ හාමුදුරුවන්ගේ වැඩේ හරියට කරලා නෑ. ලොකු පන්සල් හදාගෙන සැප විඳින හාමුදුරුවෝ ගමේ ම්නිස්සුන්ව දුසිරිතෙන් ගොඩගන්න වුවමනාවක් නෑ...

:       1       256

රවින් Sunday, 24 May 2020 08:08 PM

පන්සලේ භාරකරු හැටියට එසේ කිවහැකි වුවත් පන්සලේ අයිතිය ශාසනේටයි. කෝකටත් ඔය දායක කාරකාදීන්ට කියලා පන්සල් වත්තේ වැට සකස් කරලා දැම්මොත් හොඳ නැද්ද?

:       0       9

BamunuarachchiMonday, 25 May 2020 06:43 AM

ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කතා කර තිබෙන්නේ භාරකාරයා හැටියට මිසක් පන්සලේ අයිතිය නොවෙයි... කොල්ලයි, බල්ලයි පන්සල විහිළුවකට ගත්තා නම් අඬු කඩන්න ඕනේ... කොළඹ හාමුදුරුවරු ඔයිට වඩා බොහොම සැරයි...

:       0       120

chandima Monday, 25 May 2020 12:43 AM

හාමුදුරුවනේ, බුදුහාමුදුරුවෝ උනත් බණ කිව්වේ බණ අහන කෙනා ඉන්න තත්වේ බලලා. මොන එකකට බීපු මිනිහෙක් එක්කල පැටලෙන්න ගියාද? ඕවා ගැන කියන්න දායක සභාවකවත් තිබුනේ නැතිද?

:       0       98

thilak Monday, 25 May 2020 02:52 AM

බුදුදහමේ පිහිටුවීම මගින් මෙවැනි ආරවුල් නිරාකරණය කළ හැකිය..

:       0       55

dhamneth Monday, 25 May 2020 02:55 AM

අපේ හාමුදුරුවන් ගත් ක්‍රියාමාර්ගය නිවැරදිද?

:       13       18

BamunuarachchiMonday, 25 May 2020 06:49 AM

නිවැරදි...! ප්‍රශ්නය මොකක්ද? ඉස්සෙල්ලාම ඉඳලා හිටලා පන්සල මැදින් යනවා... ඊට පස්සේ අඩිපාරක් හැදෙනවා. ඊට පස්සේ කරත්ත ත්‍රීවීලර් යන ට්‍රැක් එකක් හැදෙනවා. ඊට පස්සේ ප්‍රාදේශීය කාරයා ජනතාවගේ පහසුවට තාර දාලා පාරක් කරනවා. අක්කර 40 තිබුන පන්සල් භුමිය අක්කර 5ට බහිනවා... ඊට පස්සේ කෝවිලකුත් හදනවා.

:       37       148

මොකක් උනත් මොකෝMonday, 25 May 2020 08:36 AM

ඉන් පස්සේ පැරණි පන්සල මෑත කාලේ හදපු එකක් වෙනවා.. වෙනත් දෙයක් පැරණිම දෙයක් වෙනවා !!!

:       0       124

saman Monday, 25 May 2020 03:31 AM

ලංකාවේ තිබෙන පන්සල්වල ඉඩම් පරිපාලනයට වෙනම රාජ්‍ය ආයතනයක් පිහිටවිය යුතුයි. ඉස්සර රජ කාලේ මේ වැඩේ කලේ ගිහියෝ මිසක් හාමුදුරුවරු නෙවේ. පන්සල්වල ඉඩම් පරිභෝජනය කරන හිලව්වට පන්සල ආරක්ෂා කිරීම ඔවුන්ගේ රාජකාරියයි. මහණ වෙන්නේ ඉඩම් ආරක්ෂා කිරීමට නෙවේනේ...

:       10       72

samira Monday, 25 May 2020 04:47 AM

කතාව හරියටම දන්නේ නැහැ. එ්වුණාට හුඟක් හාමුදුරුවරුත් ගිහියන්ට හපන්... පන්සල හරහා යන එක ඔච්චර ඇලජික් වෙන්නේ මොකද?

:       3620       89

vidya Monday, 25 May 2020 06:25 AM

ස්වාමීන් වහන්සේට කළ පහරදීම ඉතාම පහත් නින්දිත දෙයක්.., එමෙන්ම පාප කර්මයක්. කරුණාකර දායක සභාව රැස්කොට සාකච්ඡා කරලා, මෙම මිනිසුන්ට යන්නට පාරක් නැතිනම් කරුණාකරලා පන්සලේ ඉඩමෙන් පාරක් හදලා දෙන්න. මත්ද්‍රව්‍ය බීපු මිනිස්සු හැසිරෙන ආකාරය අපි දැකලා තියෙනවනේ...

:       14       12

ArisMonday, 25 May 2020 09:51 AM

ඇත්ත තමයි. පන්සල් වත්තේ එක මායිමක් දිගේ පාරක් දාලා දුන්නා නම් හොඳයි. නැත්නම් මිනිස්සු හැම තැනින්ම යන්න ගියාම බණ භාවනා කරමින් සිටින ස්වාමීන් වහන්සේලාට කරදරයක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 976 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1028 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 407 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site