(සුජිත් හේවාජුලිගේ )
රජයේ සේවකයන් නොවන අඩුආදායම්ලාභී පිරිස්වලට රුපියල් පන්දහසේ දීමනාව යළිත් ලබාදීමට රජය තීරණය කර ඇතැයි ජල සම්පාදන සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ලංකාදීපයට පැවැසීය .
ඉදිරි දිනවලදී එම දීමනාව ලබා දීමට නියමිතව ඇති බවත් නාමල් රාජපක්ෂ ඇමතිවරයා ඒ කටයුතු සම්බන්ධීකරණය කරන බවත් ඔහු ප්‍රකාශ කළේය .
රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇතැයි පැවැසූ නානායක්කාර මහතා සමෘද්ධිලාභීන්ට සහ වැඩිහිටි දීමනාව ලබන අයට මේ යටතේ ඔවුන් ලබන දීමනාවට රුපියල් 5000 දක්වා මුදල් එකතු කරන බවද පැවැසුවේය .
කොරෝනා වසංගතය සමග ඇතිවූ ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන රජය මෙයට පෙර අවස්ථා කීපයකදීම අඩු ආදායම්ලාභීන්ට රුපියල් පන් දහසේ දීමනාව ලබා දීමට කටයුතු කර තිබිණ .
රජය මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ එදිනෙදා ජීවනෝපාය කරන පිරිස් විශේෂයෙන් ඉලක්ක කරගෙන යැයි නානායක්කාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
COMMENTS
අර මහින්දගේ වාහන ගෙන්නන්නේ නැහැ කියන බොරුව වගේ... මේ වගේ කතා එක එක කිව්වා ගණන් දාන්න එපා...ඒකෙන් ජනතාව රැවටීමක් විතරයි වෙන්නේ. ඒක නිසා අනුමැතිය ලැබිලද? සල්ලි කොහෙන්ද? කී දෙනෙකුට දෙනවද? ලබාදීමේ ක්‍රමවේදය මොකක්ද වගේ කරුණු හොයලා බලන්න..
අපි සල්ලි කාරයෝ නොවේ. නමුත් කිසිම රජයකින් අපි කිසිම දෙයක් නොමිලේ අරගෙන නැහැ.
සල්ලි අච්චු ගහ ගහ දීපල්ලා. රුපියල තව 50% කින් බහී..
කුලියට ඉන්න අයට මීට කලිනුත් දුන්නේ නෑ. කොරෝනා එන්නත පවා දුන්නේ නෑ. ඒ අය ස්ථීර පදිංචිය නොමැතිකම. පව් අසරණ උදවිය...