(යොහාන් භාසුර)
පානදුර, හිරණ පොලිස් මුරපොලේ නිලධාරීහූ පසුගිය දින දහය තුළ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 20 කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ.
වලාන, බෙක්කෙගම ප්‍රදේශයේ කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 6 මිලිග්‍රෑම් 700 ක් අඩංගු මත්කුඩු කුඩා පැකට් 1000 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට හිරණ පොලිස් මුරපොලේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක සමීර සිල්වා මහතා ප්‍රමුඛ නිලධාරීහූ සමත් වූහ.
එම දින 10 තුළ හිරණ පොලිස් මුරපොලේ නිලධාරීන් කළ වැටලීම් පහකදී හෙරොයින් සමඟ සැකකරුවන් හය දෙනකු අත්අඩංගුවට ගත් බවත් එහිදී බෙක්කෙගමින් සැකකරුවන් තිදෙනෙක්, වලපල, ගල්තුඩේ සහ මෝදර යන ප්‍රදේශවලින් සැකකරු බැගින් ද අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd