IMG-LOGO

පැන්ඩොරා පත්‍රිකා ගැන අනුර අනාවරණයක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

ආන්දෝලනාත්මක පැන්ඩොරා පත්‍රිකා සම්බන්ධයෙන්  මෙරටදී කරනු ලැබූ විමර්ශනවල ප්‍රතිඵල තවමත් ඉදිරිපත් කර  නැති හෙයින්  ජනතාව අතරේ  ඒ ගැන බරපතළ සැකයක් මතුවී ඇතැයි ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්නයක් මතු කරමිනි.

ඔහු එම ප්‍රශ්නය මතු කරමින් මෙසේද සඳහන් කළේය.

ආන්දෝලනයට තුඩු දුන් පැන්ඩෝරා පත‍්‍රිකා මගින් අනාවරණය වූ ශ‍්‍රී ලාංකිකයින් සම්බන්ධව මෙරටදී ආරම්භ කරන ලද විමර්ශනයන්හි ප‍්‍රගතිය ජනතාව දැනගන්නට නොලැබීම හේතුවෙන් මතු වී ඇති ගැටලූකාරී තත්වය පිළිබඳව මෙම සභාවේ අවධානය යොමු කරනු කැමැත්තෙමි.

පසුගිය 2021 වසරේ ඔක්තෝබර් 03වැනිදා ගවේෂණශීලී මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සාමූහිකය නම් සංවිධානයක් විසින් ලෝකයේ රටවල් 35ක හිටපු ජනාධිපතිවරුන්, අගමැතිවරුන්, මෙන්ම ඇමතිවරුන්, විනිසුරුවරුන්, නගරාධිපතිවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් 400කට වැඩි ප‍්‍රමාණයකගේ අයථා වත්කම් උපයා ගැනීම්වලට අදාළ වාර්තාවක් එළිදක්වා තිබුණා. එම සංවිධානය ප‍්‍රකාශ කර තිබුණේ ඔවුන් විසින් රහසිගතව සිදුකරන ලද විමර්ශනයකින් අනතුරුව සත්‍යතාව තහවුරු කර ගත හැකි වූ සිදුවීම් ඇසුරෙන් මෙම වාර්තාව එළිදක්වන ලද බවයි.

පැන්ඩෝරා පත‍්‍රිකා නමින් ප‍්‍රසිද්ධ වූ මෙම ලියවිලි මගින් ශ‍්‍රී ලංකාවේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරියක වූ නිරූපමා රාජපක්ෂ හා ඇගේ සැමියා වූ තිරු නඬේසන්ට අදාළ අනාවරණයක්ද සිදු කර තිබුණා. ඒ අනුව ඔවුන් දෙදෙනා ලේඛනවල පමණක් සඳහන් ව්‍යාජ සමාගමක් මගින් අතිවිශාල ධනයක් හසුරුවා ඇති බවත් ලන්ඩන් හා සිඞ්නි නගරවල සුඛෝපභෝගී නිවාස මිලදී ගෙන ඇති බවත් සඳහන් වුණා. නීතියෙන් සඟවීමේ හැකියාව ඇති විදේශ රටවල ව්‍යාජ සමාගම් හා භාරයන් මගින්, ලංකාවේ ආණ්ඩුව සමග ගනුදෙනු කරන සමාගම්වල උපදේශක කොන්ත‍්‍රාත් ලබා ගෙන ඇති බවත් එම භාරයන් මගින් උපයන මුදල්වලින් වටිනා කලා නිර්මාණ මිලදී ගෙන ඇති බවත් අනාවරණය වී තිබුණා. තිරු නඬේසන්ගේ දිර්ඝ කාලීන ගණකාධිකරණ ආයතනය වන සිංගප්පූරුවේ ඒෂියාසිටි ට‍්‍රස්ට් සමාගමේ රහසිගත විද්‍යුත් ලිපි අනුව ඔහුගේ සමස්ත ධනය ඩොලර් මිලියන 160කට වැඩි බවද ඔවුන් විසින් ගණන් බලා තිබුණා.

එසේම පසුගිය ආණ්ඩුවල ප‍්‍රබල රාජ්‍ය නිලධාරියෙකු වූ දැනට බි‍්‍රතාන්‍යයේ වාසය කරන රාමලිංගම් පාස්කරලිංගම්ට අදාළව අයථා උපයාගැනීම් ඔහු විසින් බි‍්‍රටිෂ් වර්ජින් පත්වල පිහිටු වන ලද සමාගම් හා භාරයන් මගින් විවිධ ආයෝජන සිදු කර ඇති බවටත් බි‍්‍රතාන්‍යයේ දේපළ මිලදී ගැනීම් සිදු කර ඇති බවටත් පැන්ඩෝරා පත‍්‍රිකාවල අනාවරණයන් සිදුකර තිබුණා. 

මේ අනාවරණයන් පිළිබඳව සමාජයේ ඇති වූ පුළුල් සංවාදය නිසා මෙන්ම නිරූපමා රාජපක්ෂ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරිය වත්මන් ආණ්ඩුවේ ප‍්‍රධානීන් සමග සමීප ඥාති සබඳතාවයක් තිබීම හේතුවෙන් ජනාධිපතිවරයා වෙනුවෙන් ජනාධිපතිවරයාගේ නීති අධ්‍යක්ෂ ජනරාල්වරයා එම අනාවරණයෙන් දින 03කට පසුව ඔක්තෝබර් 06වැනිදා අල්ලස් හෝ දූෂණ  විමර්ශන කොමසාරිස් ජනරාල්වරයා වෙත ඉල්ලීමක් කර මාසයක් ඇතුළත ඒ පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා නියෝග කර ඇතැයි ප‍්‍රකාශ කළ බව මාධ්‍ය වාර්තා කළා.

කෙසේ වුවද එවැනි විමර්ශනයක් සිදු වී අවසන් වූ බවට හෝ එහි වාර්තාවක් නිකුත් වූ බවට හෝ ඊට අනුකූළව නෛතික ක‍්‍රියාවලියක් ආරම්භ වූ බවට මේ දක්වා දැනගන්නට නැහැ. විශේෂයෙන් මෙම අයථා ඉපයීම්වලට අදාළ පුද්ගලයින් ආණ්ඩුවේ නායකයින්ගේ සමීපතම ඥාතීන් වී ඇති අවස්ථාවක ආණ්ඩුවේ මෙම පරීක්ෂණ ක‍්‍රියාවලිය පිළිබඳව ජනතාව තුළ තිබෙන්නේ බලවත් සැකයක්.    
          
මෙම තත්වය තුළ මතුවන පහත ගැටලූවලට පිළිතුරු අදාළ අමාත්‍යවරයා විසින් සභාව හමුවේ තබනු ඇතැයි අපේක්ෂා කරනවා.

01. පැන්ඩෝරා ප‍්‍රතිකාවලින් සිදු කරන ලද අනාවරණයන් සම්බන්ධයෙන් රජයේ කවර හෝ ආයතනයක් මගින් විධිමත් විමර්ශනයක් සිදු කරන ලද්දේද?

02. එසේනම් ඒ කවර ආයතනයක් විසින්ද? එයින් එම පැන්ඩොරා අනාවරණයන් පිළිබඳව කුමන හෝ තහවුරු කර ගැනීම් සිදු කර ගෙන තිබේද?

03. පැන්ඩෝරා පත‍්‍රිකාවලින් සිදු වූ අනාවරණයන් පිළිබඳ කවර වූ හෝ නීතිමය ක‍්‍රියාමාර්ග ආරම්භ වී තිබේද?

04. පැන්ඩෝරා පත‍්‍රිකාවලින් කරන ලද අනාවරණයන් සම්බන්ධව ආණ්ඩුවේ ස්ථාවරය කුමක්ද?



අදහස් (1)

පැන්ඩොරා පත්‍රිකා ගැන අනුර අනාවරණයක්

Bamunuarachchi Wednesday, 09 March 2022 10:46 AM

දැන් පැන්ඩෝරා මොන බම්බුවකටද හලෝ? හොයනවා ඩොලර් උපයන ක්‍රමයක්. මේගොල්ලන්ගේ කට්ටිය තමයි කුණු ගොඩ බාන තැන්වල කුකුල්ලු වගේ අවුස්සා අවුස්සා කුණු හොයන්නේ.

:       5       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 45 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2170 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 674 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site