IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


පැන්ඩෝරා ගිය පාස්කි

(නිමන්ති රණසිංහ)

ජනාධිපතිවරුන් දෙදෙනකුගේ සහ අග්‍රාමාත්‍යවරයකුගේ උපදේශකවරයකු මෙන්ම මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකුද වූ ආර්. පාස්කරලිංගම් මහතා සිය වත්කම් රහසිගතව සඟවා ඇති බවට විමර්ශනාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සාමූහිකය (JCIJ) විසින් එළිදක්වන ලද “පැන්ඩෝරා පත්‍රිකා” මගින් තොරතුරු අනාවරණය කර ඇත.

අක්වෙරළ සමාගම්වල වත්කම් රහසිගතව සැඟ වූ ලෝක බලවතුන්ගේ මෙන්ම ධනවතුන් විශාල පිරිසකගේ වත්කම් පිළිබඳ රහස් පැන්ඩෝරා පත්‍රිකා මගින් දැනටමත් හෙළිකර තිබූ අතර, ඩොලර් මිලියන ගණනක වත්කම් සැඟ වූ අයකු ලෙස ඔවුන් මෙවර ආර්. පාස්කරලිංගම් මහතාගේ (පාස්කි) නම ද හෙළිදරව් කර තිබේ.

පාස්කරලිංගම් මහතා 1993 දී ඝාතනයට ලක් වූ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේත් උපදේශක ලෙස1989 සිට 1994 දක්වාත්, පසුව ජනාධිපති වූ ඩිංගිරි බණ්ඩා විජේතුංග මහතාගේ උපදේශකත් ලෙස 1989 සිට 1994 දක්වාත් කටයුතු කර ඇති අතර පසුව මුදල් අමාත්‍යාංශයේ ලේකම් ලෙස ද සේවය කළ බව පැන්ඩෝරා වාර්තාවේ සඳහන් වේ.

ඔහු යහපාලන ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණය කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් 2018 වර්ෂයේ දී එම කමිටුව අහෝසි කළේය.

පාස්කරලිංගම් මහතා ඉකුත් 2012 දී බ්‍රිතාන්‍ය වර්ජීන් දූපත්වල භාරයක් පිහිටුවා ඇති බවත්, එහි සංස්ථාගත ලේඛනවලට අනුව ඔහුගේ රැකියාව වශයෙන් ‘විශ්‍රාමික’ ලෙස සටහන් කර ඇති බවත් පැන්ඩෝරා පත්‍රිකා මගින් හෙළිදරව් කර තිබේ. ඔහු තමා සහ පවුලේ අනෙකුත් සාමාජිකයන් ප්‍රතිලාභීන් ලෙස ලැයිස්තුගත කර ඇතැයි ද එම වාර්තාවේ සඳහන් කර ඇත.

මෙම භාරයට, බ්‍රිතාන්‍ය වර්ජින් අයිලන්ඩ්ස් සමාගමක් සහ නැගෙනහිර කොළඹ පෞද්ගලික වෘත්තීය පාසලක් වන හොරයිසන් ව්‍යාපාරය හා තාක්ෂණීක විද්‍යාලයේ (Horizon College of Business and Technology) කොටස් හිමි සිංගප්පූරු සමාගමක් ද ඇතුළත් වන බව පැන්ඩෝරා වාර්තාවෙන් දක්වා තිබේ.

ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සමූහය (ICIJ) “විකිණීම සඳහා රහස්‍යභාවය” යන තේමාව යටතේ මෙම අක්වෙරළ ව්‍යාපාරය සම්බන්ධයෙන් තොරතුරු හෙළිදරව්ව කිරීමත් සමඟ පාස්කරලිංගම් මහතා මෙම භාරය වසා දැමූ බව පැන්ඩෝරා පත්‍රිකාවෙන් පෙන්වා දී ඇත.

රහසිගත ඊමේල් පණීවිඩවලට අනුව පාස්කරලිංගම් මහතා කිසිදු සැලසුමක් නොමැතිව වහාම එය අත්හැර ඇති අතර, පසුව ඔහුගේ පුතා සහ බෑනණුවන් සඳහා අලුත් භාරයක් නිර්මාණය කර ඇති බව ද එම වාර්තා පෙන්වා දී තිබේ.

 

 



අදහස් (2)

පැන්ඩෝරා ගිය පාස්කි

Sunil Friday, 05 November 2021 05:21 AM

හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට.

:       0       1

Lalith M Friday, 05 November 2021 06:58 AM

ඒ කාලේ එයා විතරක්මද අහුවෙලා තියෙන්නේ. දැන් ගත්තොත් වෙන ව්‍යාජ නම් වලින් ආණ්ඩුවේ සහ පසුගිය ආණ්ඩුවල මැති ඇමැති රජ පැටව් රොත්තම ඉන්න ඕන.

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 92 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 238 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 589 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site