පන්ජාබයේ මන්ත්‍රණ සභාව විසින් අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන්ගේ වැටුප් සහ වරප්‍රසාද වැඩිකිරීමට ගනු ලැබූ තීරණය පිළිබඳව පාකිස්තානු අගමැති ඉම්රාන් ඛාන් මහතා දැඩි විරෝධය පළකර තිබේ.
‘‘මැති ඇමැතිවරුන්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් පන්ජාබ් මන්ත්‍රණ සභාව ගත් තීරණය ගැන මම අතිශය කළකිරීමට පත්වුණා’‘යැයි අගමැති ඉම්රාන් ඛාන් මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පැවසීය.
‘‘පාකිස්තානය වෙත නැවත සෞභාග්‍යය උදා වූ පසු එවැන්නක් තීරණය කිරීම ප්‍රශ්නයක් නැහැ. නමුත් දැන් අපේ මිනිස්සුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමටවත් නොහැකි තත්ත්වයක් තිබියදී මෙවැනි තීරණ ගැනීම පිළිගන්න බැහැ’‘ යැයිද අගමැතිවරයා සිය ට්විටර් පණිවුඩයෙන් පවසා තිබේ.
ඉකුත් බදාදා දිනයේ පන්ජාබයේ මන්ත්‍රණ සභාව එරට මහජන නියෝජිතයන්ගේ වැටුප් හා වරප්‍රසාද වැඩි කරගනිමින් පනතක් සම්මත කරගත්තේය. මන්ත්‍රීවරුන්ගේ වැටුප් සහ වරප්‍රසාද වැඩිකිරීම සම්බන්ධයෙන් වන පළමු වාර්තාව විනාඩි පහක් වැනි කෙටි කාලයක් තුළදී පොදු එකඟතාවකින් ස්ථිර විය.
ඒ අනුව කථානායකවරයාගේ මාසික වැටුප රුපියල් 37,000 සිට රුපියල් 200,000 දක්වාත් නියෝජ්‍ය කථානායකවරයාගේ වැටුප රුපියල් 35,000 සිට රුපියල් 185,000 දක්වා වැඩි වේ. පන්ජාබ් මන්ත්‍රණ සභාවේ මහ ඇමතිවරයාගේ වැටුප රුපියල් 350,000 කි.
පන්ජාබ මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීවරුන් මාසිකව ලබන රුපියල් 18,000ක වැටුප රුපියල් 80,000ක් දක්වා වර්ධනය වන අතර ඔවුන්ගේ උපයෝගිතාව සම්බන්ධ බිල රුපියල් 120,000 සිට රුපියල් 200,000 දක්වා වර්ධනය වේ.
අගමැති ඉම්රාන් ඛාන් මහතාගේ අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන්ට වඩා ඔහුගේ වැටුප් ප්‍රමාණය අඩු බව ඒ මහතාගේ වැටුප් වාර්තාවට අනුව හෙළිවී ඇතැයි මාධ්‍ය වාර්තා කරයි. මෑතකදී ප්‍රසිද්ධ කරන ලද වැටුප් පත්‍රිකාව අනුව අගමැති ඉම්රාන් ඛාන් මහතාගේ වැටුප රුපියල් 107,280කි.
දීමනා ද ඇතුළත් වූ පසු පාකිස්තානු අගමැතිවරයාගේ මුළු වැටුප රුපියල් 201, 574 වන නමුත් බදු මුදල් කපා හැරීමෙන් පසු එය 196,979 බවට අඩු වේ. මෙම වැටුප අමාත්‍යවරුන්ගේ වැටුපට ද වඩා අඩු මට්ටමක පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
(ඩේලි පකිස්ථාන් ඇසුරිනි)
16844

2025 දෙසැම්බර් මස 04
566
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
493
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
422
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පන්ජාබ් මන්ත්‍රීවරුන් වැටුප් ඉහළ දමද්දී ඉම්රාන් ඛාන්ගේ අප්‍රසාදය
පිටිගල මිලානෝ Thursday, 14 March 2019 10:58 AM
අනේ අපිටත් මේ වගේ උතුම් නායකයෙක් පහළ වේවා..! හොරු, මෝඩයෝ, කපටියෝ සහ මිනීමරුවෝ නැතුව...
Amara Thursday, 14 March 2019 02:48 PM
අන්න ෆෙඩරල්
nimal Thursday, 14 March 2019 03:15 PM
අන්න බලන්න රටට ජනතාවට ආදරයක් තියෙන ජනතා නියෝජිතයින්.. අපේ රටේ නායකයින් මොකද කරන්නේ ඉන්න හතර වටේම මන්ත්‍රීවරුන්ගේ පඩිය ඉස්සරලා වැඩිකරනවා. මොකද එතකොට මොනම ප්‍රශ්න ආවත් අගමැතිට විරුද්දව කව්රුත් නැගී සිටින්නේ නැ. නැගී සිටින්නත් බැහැ. මොකද කෝටි ගණන් එම අයවලුන්ගේ බැංකු ගිණුම් වලට බැරකර ඇත.. ඊට පස්සේ ජනතාවට බොරු පොරොන්දු දිදී , දුප්පත් ජනතාවගෙන් සූරාකන බදු මුදල් සහ විදේශ රටවල රැකියාව සදහා පිටත්ව ගොස් සිටින අයවලුන් ගෙන් ලැබෙන විදේශ විනිමයෙන් පාර්ලිමේන්තුවේ වරප්‍රරසාද වැඩි කරමින්, බඩු මිල ඉසිලිය නොහැකි තත්වයකට රැගෙනවිත්, දුගී දුප්පත් ජනතාව අන්ත අසරණ තත්වයකට පත් කරයි...
Hafeel Thursday, 14 March 2019 03:42 PM
මෙහෙත් ඉන්නවා ඔය වගේ දේශපාලකයෝ
Mahee Thursday, 14 March 2019 05:40 PM
මේ පුවතින් අපේ කට්ටිය ගන්නා ආදර්ශය මෙසේය. 'බුදු අම්මෝ, එහෙ පලාබබාල වගේ කට්ටිය විතරක් හය ගුණයකින් පඩි වැඩිකරගෙන. අපි එහෙනම් දහගුණයකින්වත් වැඩිකර ගන්න ඕනැ නොවැ... අදම සටන පටන් ගනිමු. එහෙ මිනිත්තු 5න් යෝජනාව සම්මත වුණාලු... අපිට නම් යෝජනාව සභාගැබට ගේන්නත් කලින් ඒකමතිකව සම්මත කරගන්න පුළුවන්...
Rizwan Friday, 15 March 2019 03:34 AM
කරුණාකරලා අපේ ජනපති,අගමැති සහ අනිකුත් මැති ඇමතිවරුන්ගේත් වැටුප් ගැන අපිට හැඳින්වීමක් කරන්නකෝ
parakkrama Friday, 15 March 2019 07:32 AM
අපේ රට ශ්‍රී ලංකාවනේ. ඉතින් පාකිස්තානයයි පංජාබයෙයි, දේශපාලනඥයන්ගෙයි, දේශ පාලුවන්ගෙයි වැටුප් හා දීමනා වැඩි කරගත්තත් අඩු කරගත්තත් අපිට මොකද? අපි අපේ වැඩේ කරගන්න එක , මහජනතාවට පුළුල් සේවාවක් ඉටු කිරීමට තිබෙන කැපවීම තුලින් ඔවුන් සුඛිත මුදිත කිරීමට ඇති චේතනාවෙන් මිස කාටවත් පාඩුවක් කරන්න නෙවෙයි නේ? ඒ නිසා මෙහෙ මේ ගැන කථා නොකර ඉඳිමු නේද?