IMG-LOGO

පොදු රාජ්‍ය මණ්ඩල පාර්ලිමේන්තු සංසදයෙනුත් නිවේදනයක්

හර්ෂණ තුෂාර සිල්වා
 
 
ශ්‍රී ලංකාව එහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අර්ථ දක්වා ඇති පරිදි සහ ආරක්ෂා කර ඇති පරිදි නීතියේ ආධිපත්‍ය සහ පාර්ලිමේන්තුවේ කාර්යභාරය පවත්වාගෙන යනු ඇතැයි අපේක්ෂා කරන බව පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල පාර්ලිමේන්තු සංසදය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
 
පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල පාර්ලිමේන්තු සංසදය විධායක කමිටුව රැස්වීම් මේ දිනවල බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරදී පැවැත්වෙන අතර එහිදී ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.
 
නොවැම්බර් 14 වැනි දා පාර්ලිමේන්තුව කැඳවීමෙන් පසුව අර්බුද විසඳා ගැනීමට හැකිවනු ඇතැයි පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල පාර්ලිමේන්තු සංසදය බලාපොරොත්තුවෙන් සිටී.
 
පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල පාර්ලිමේන්තු සංසදය නිකුත් කරන ලද අදාළ නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
 
“ ශ්‍රී ලංකාව එහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අර්ථ දක්වා ඇති පරිදි සහ ආරක්ෂා කර ඇති පරිදි නීතියේ ආධිපත්‍ය සහ පාර්ලිමේන්තුවේ කාර්යභාරය පවත්වාගෙන යෑමේ වැදගත්කම පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල පාර්ලිමේන්තු සංසදය මෙමඟින් අවධාරණය කර සිටීයි.  
 
පොදු රාජ්‍ය මණ්ඩලයීය සංවිධානයේ සාමාජික රටවල් 2012 දී අනුමත කරන ලද ප්‍රඥාප්තියට අනුව රාජ්‍ය, ආණ්ඩු, දේශපාලන පක්ෂ සහ සිවිල් සමාජය ඇතුළු සියලු පාර්ශව  ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතිය සහ පිළිවෙත් පවත්වාගෙන යෑමටත් ප්‍රවර්ධනය කිරීමටත් වගකීමෙන් බැඳි සිටින බව සිහිපත් කළ යුතුයි. 
 
ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මූලික ආයතනයක් වනුයේ පාර්ලිමේන්තුව බවත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් පවත්වාගෙන යෑමේදී කාර්යක්ෂම සහ ඵලදායී පාර්ලිමේන්තුවක් අවශ්‍ය බවත් එම ප්‍රඥාප්තියේ සඳහන් වනවා. 
 
පාර්ලිමේන්තුවක් පවත්වාගෙන යෑමේ අවම සම්මත සහ මාර්ගෝපදේශ ද එහි සඳහන්ව තිබෙනවා. පොදු රාජ්‍ය මණ්ඩලයීය ප්‍රඥාප්තියේ මූලධර්ම සහ පුළුල් වටිනාකම් ආරක්ෂා කිරීමේදී එම අවම සම්මත ඉතා වැදගත් බව ද සඳහන් කළ යුතුයි”.
 
මීට පෙර පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම්වරිය ද ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබිණි.  



අදහස් (3)

පොදු රාජ්‍ය මණ්ඩල පාර්ලිමේන්තු සංසදයෙනුත් නිවේදනයක්

Nandalal DE SILVA - France Friday, 09 November 2018 01:19 PM

දඬුකඳ ටික ටික තද වෙනවා වගෙයි ප්‍රජාතන්ත්‍රවාදය කුණු බක්කියට දැමු ශ්‍රී ලංකා ජනපතිගේ අසාමාන්‍ය හැසිරීම පිළිබඳව. ජනපති ඉක්මන් නොකළොත් රට බකල් වීමට ඉඩ ඇත. ලෝක ප්‍රජාවගෙන් අපේ රට කොන්වනු ඇත...

:       583       695

chathuri Friday, 09 November 2018 01:22 PM

14 වෙනිදාට කොන්ද පනතියෙන ජනපතිවරයෙක් සමග අලුත් රජයක්... අගමැතිකම අනුරකුමාර මහතාට. ගොයියෝ, බයියෝ පොළොන්නරුවට...

:       344       408

RNG Friday, 09 November 2018 05:08 PM

මෙයා හීනෙන් කියවනවද කොහෙද ...

:       11       33

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 16 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 600 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site