(නිමල කොඩිතුවක්කු)
පදවිය ප්‍රදේශයේ හදුනාගත් තෘණ ඉඩම් ආණ්ඩුකාරවරයාගේ මැදිහත්වීම මත නිදහස් කරගෙන එම ප්‍රදේශයේ කිරි ගොවීන් වෙත හැකි ඉක්මණින් ලබාදීමට කටයුතු කරන බව පශු සම්පත්, ගොවිපල ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතා පැවසීය.
තෘණ ඉඩම් අක්කර 30,000 ක් පමණ එම ප්‍රදේශවලින් හඳුනාගෙන ඇති බවත් ඉන් භාගයක් හෝ නිදහස් කරගෙන එම ප්‍රදේශයේ ගොවීන් වෙත ලබාදීමට හැකි ඉක්මණින් කටයුතු කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
පදවිය ප්‍රදේශයේ කෑම හිගකම හේතුවෙන් කිරි හරක් මියයාම පිළිබඳ පළවූ මාධ්‍ය වාර්තා සැළකිල්ලට ගනිමින් එම ප්‍රදේශයේ කළ සංචාරයක් අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
කෑම හිඟකම නිසා මේ වන විට දෛනික කිරි නිෂ්පාදනය සීඝ්‍ර ලෙස පහත ගොස් ඇති බවත් මෙහිදී ගොවීහූ පෙන්වා දුන්හ.
දියර කිරි අවශ්‍යතාවය සපුරා ගැනීම ජාතික වැදගත් කමක් ලෙස සළකා රජය මෙවර අය වැය මගින් රුපියල් මිලියන 2000 ක මුදලක් වෙන් කර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.
නිෂ්පාදන වැඩි කර ගැනීම සඳහා කිරි දොවන මැෂින්, තෘණ කැබලි කිරීමේ යන්ත්‍ර සහ උසස් ආරයේ අභිජනන පිරිමි සතුන් කිරි ගොවියන් වෙත ලබා දීමට කටයුතු කරන බවත් හෙතෙම පැවසීය.
මෙම අවස්ථාවට උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්, රජයේ නිළධාරීන් සහ එම ප්‍රදේශවල ගොවීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
COMMENTS
මේ රට කාන්තාරයක් කරලා මිසක් මේ ආණ්ඩුව ගෙදර යන්නේ නැහැ...!!
ඊට පස්සෙ කියයි අලි ගම් වදිනවා කියලා...