(ඩී.ජී.සුගතපාල)
බෝපෙ පෝද්දල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශයේ නිලධාරිණියකට කොරෝනා ආසාදනය වීමෙන් එහි සමාජ සේවා අංශය අද (3) දහවල් සිට තාවකාලිකව වසා දැමිමට පියවර ගත් බව ගාල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් කමල් රණසිංහ මහතා පැවසීය.
එයට අමතරව එම නිලධාරිණියගේ සැමියා සේවය කරන ගාල්ල වක්වැල්ල පාරේ පිහිටි දකුණු පළාත් ජාතික ප්‍රවාහන වෛද්‍ය මධ්‍යස්ථානය ද අද වසා දැමීමට පියවර ගැණිනි.
මේ අතර කොරෝනා ආසාදිතයකුගේ පළමු පෙළ ආශ්‍රිතයකු සේවයට පැමිණිමෙන් කරන්දෙණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් අංශය ද අද සිට තාවකාලිකව වසා දැමිමට පියවර ගත් බව අතිරේක දිස්ත්‍රික් ලේකම් කමල් රණසිංහ මහතා පැවසීය.
බෝපෙ පෝද්දල සහ කරන්දෙණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තාවකාලිකව වසා දමන ලද අංශවල කාර්ය මණ්ඩලය නිරෝධායනය කිරිමට උපදෙස් දුන් බවද කමල් රණසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd