(අජන්ත කුමාර අගලකඩ)
පොදුජන එක්සත් පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ලෙස වෙනස් කිරීමට පොදුජන එක්සත් පෙරමුණ විධායක සභාව අද (30) රාත්‍රීයේ තීරණය කර ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මූලස්ථානයේ අද රාත්‍රී පැවැති පොදුජන එක්සත් පෙරමුණේ විධායක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.
ඒ අනුව පොදුජන එක්සත් පෙරමුණ මින් ඉදිරියට ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ලෙස වෙනස් කිරීමටත් පක්ෂයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමටත් විධායක සභාවේ අනුමැතිය හිමිවී තිබේ.
ඉදිරි මහමැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ , ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ ගණනාවක් එක්ව සන්ධානයක් පිහිටුවීමට හැකිවන සේ මෙම සංශෝධන සිදුකර ඇත.
පොදුජන එක්සත් පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ලෙස වෙනස් කළ බව මැතිවරණ කොමිසන් සභාව වෙත දැනුම් දීමටත් එහි ලකුණු පසුව වෙනස් කරන තෙක් පුටුව ලෙස තැබීමටත් විධායක සභාවේ අනුමැතිය හිමි ව ඇත.
COMMENTS
හරි ෂෝක්, ඔන්න දැන් ඉතින් අලුත්ම මුහුණ අපට ලැබිල "පරණ හොරු රැළම එලවල දාමු" කියන නව පරම්පරාවක් ලැබිලා. රට සශ්‍රීකත්වය කරා එක පිම්මේ දුවන හැටි බලන්න පුළුවන්. මතක් කරන කොටත් වතුර තිබහ එනවා.
නව සන්ධානේ ලකුණ ආප්පේ හරි කටුස්සා හරි කළානම් හරි. දන්න සෙල්ලම් ඔක්කොම දැම්මා දෙවනි පාරටත් ඉල්ලන්න. ඒත් මේ පාර පොළොන්නරුවෙනුත් පැරදියි. යන්තන් නව සන්ධානේ 15 ක්වත් ගත්තොත් එජාපයට සෙට් වෙන්න බලන් ඉන්නේ. එයා සහය දෙන පැත්තටත් අපලයි. හැබැයි මෙයාට දිය යටින් ගින්දර ගෙනියන්නත් පුලුවන්.
නියමයි. ජයවේවා !
භූමියත්, රටත්, ජාතියත්, අාගමත් විකුණගෙන යන අයට පක්ෂය විකුණන් කෑම කජ්ජක්ද..?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාටවත් මනාප නෑ.. 2015 මහා මැතිවරණයේ ප්‍රතිඵල මතකද...? මෙදාත් එහෙම්මයි ළමයිනේ....
එල්ලෙන්න වැලක් නැතිවුනාම මේ වගේ දේවල් වෙනවා.
ඔය වගේ ඒවා හදපුවාම කැඳහැලියක් වෙලායනවා. සිරිසේන වගේ නායකත්වයක් එක්ක මොන පෙරමුණුද? රටට කරපු විනාශය හොඳටම ඇති...
ඔලුවේ කැක්කුමට කොට්ටේ මාරු කරලා හරියනවද ? සලකුණේ වරදක් නැහැ නායකයයි ගොලයින්ගෙයි කොන්ද පන ඇත්නම් ඒ ඇති. ජනතාව බලන්නේ පුද්ගලයා මිසක් සලකුණ නෙමේ. ඡන්දයක් තියෙන හැම වාරයේම ලාංජනය වෙනස් කරනවා. ලොකු අයියගේ පොහොට්ටුවත් එක්ක මේ හා සම්බන්ධ ඔලුවෙන් හිටගෙන ආවත් තනි තීරණ ගන්න බැරි වැරදි වැඩේට යෙස් සර් කියන නිවට රැළක් තමයි ඉන්නේ.
කොයි බෝතලේට දැම්මත් කසිප්පු, කසිප්පුමයි...
ශ්‍රී වෙනුවට සිරි කියලා ආවා නම් හොඳයි කියලා හිතෙනවා.
අති විශිෂ්ඨයි. පොදු ජන සේවය අගය කරමි. ජයවේවා !
පාට, සලකුණු, තනතුරු වෙනස් වෙනවා... නමුත් රට.. මේක අපේ උරුමයද? කරුමයද?