බිමල් ශ්‍යාමන් ජයසිංහ
වසර නවයකට පෙරදී මොරටුව මෝදර වත්ත ප්‍රදේශයේ දී ත්‍රී රෝද රථයක සිටි පුද්ගලයකුට තියුණු ආයුධ වලින් කපා කොටා ඝාතනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් තිදෙනෙකුට මරණ දඬුවම නියම කිරිමට පානදුර බස්නාහිර පළාත් මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා අද (3) නියෝග කළේය.
පුද්ගලයන් සිව් දෙනෙකු නිදොස් කොට නිදහස් කොට නිදහස් කරන ලදී. සිද්ධියෙන් ඝාතනයට ලක්වී තිබුණේ මොරටුව - මෝදර පදිංචිව සිටි අබේකෝන් මුදියන්සේලාගේ චානක නොහොත් ජනක නැමැත්තාය.
මෙලෙස මරණ දඬුවම නියම කරන ලද්දේ මොරටුව මෝදර වත්ත පදිංචි ගම්පොල වඩුගේ සුජිත් කුමාර ෆොන්සේකා (30), ගම්පොල වඩුගේ දිනේෂ් කුමාර ෆොන්සේකා (29), හා වීරතැන්නේ ප්‍රියන්ත ප්‍රනාන්දු නොහොත් කොයියා (40) නැමැත්තන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මනුෂ්‍ය ඝාතන සිදුකරන ඇතැම් අපරාධකරුවන්ට මරණ දඬුවම ලබාදෙන අතර ඇතැම් අයට ඊට වඩා ලිහිල් දඬුවම් ලබාදෙන්නේ ඇයි? චෝදනා සැකයකින් තොරව ඔප්පු වී ඇත්නම් හිතාමතා මනුෂ්‍ය ඝාතන සිදුකරන සියලු අපරාධකරුවන්ට මරණ දඬුවම දිය යුතුයි. ක්ෂණික කෝපය වැනි නිර්ණායක නිසා ලිහිල් දඬුවම් ලබා නොදිය යුතුයි.