IMG-LOGO

පෞද්ගලික දත්ත පනත සම්මත වෙයි

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ආන්දෝලනයට තුඩුදුන් පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව  සම්මතවිය.

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සඳහා ඉදිරිපත් කළේය.

මෙම විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක් අදහස් දැක්වූහ.

පනත් කෙටුම්පතට විරුද්ධත්වය දක්වන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විවාදය ආරම්භයේදී ප්‍රකාශ කළේ‍ය.

ඇමැතිවරයා මේ පනත් කෙටුම්පත ඉදිරිපත් කළේ ක්ෂේත්‍රයේ විශේෂඥයන් රැසක් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා මෙහිදී පැවසීය.

රජය මේ පනතෙන් කිසිවකුගේ නිදහස සීමා කිරීමට බලාපොරොත්තු නොවන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මේ පනත මගින් ජනමාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් පැහැර ගැනීමට උත්සාහ දරන බවට කරන චෝදනාව ප්‍රතික්ෂේප කරන බවද ඔහු කීවේය.

ලෝකයේ රටවල් රැසක මේ පනත සම්මත කරගෙන ඇතැයි පැවසූ අධිකරණ අමාත්‍යවරයා පනත සම්මතවූ පසු එය මේ කලාපයේ සම්මත කළ පළමු රට බවට ශ්‍රී ලංකා පත්වන බවද ප්‍රකාශ කළේය.

ඉන්දියාව පවා මෙවැනි පනතක් තවමත් සම්මත කර නැතැයිද මේ රටේ කෝටි දෙකකට වැඩි ජනතාවගේ දත්තවල පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම පනතේ ප්‍රධාන අරමුණ බවද ඔහු කීය.

මෙය හදිසි පනතක් නොවන බවත් ගැසට් කිරීම නිසා මේ පනත මුළු රටම දුටු බවත් අධිකරණ අමාත්‍යවරයා පැවසීය.

පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත ඉතා ප්‍රගතිශීලී එකක් බව පැවසූ අලි සබ්රි මහතා පනත ගැන බිල්ලකු මැවීමෙන් වළකින්නැයි ඉල්ලීමක් කළේය.

 



අදහස් (1)

පෞද්ගලික දත්ත පනත සම්මත වෙයි

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 10 March 2022 10:41 AM

පණත් සම්මත කිරීමට වඩා ඉතා ඉක්මනින් විසඳිය යුතු වන්නේ රටේ ජනතාව විඳිනා දුකින් ඔවුන් නිදහස් කිරීමයි. තෙල් ගෑස් පෝලිම් ඇතුළු පෝලීම් යුගය අවසන් කරන්නට කිසිම හදිස්සියක් ඇත්තේම නැහැ.බදු වැඩි කරන්නට, භාණ්ඩ සීමා පනවන්නට මහා මොළ අවශ්‍ය නැහැ. පෝර ගැටලුව, බඩු මිල සීග්‍රයෙන් වර්ධනය වීම, අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟය ආදී දේට ඉක්මන් පිළිතුරු අවශ්‍ය වී තිබෙන අවස්ථාවක වෙනත් දේ කිරීමට නම් පුදුම හදිස්සියක් තමයි තියෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1398 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 516 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 598 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site