(ටෝනි කරුණානායක)
නිට්ටබුව අත්තනගල්ල පාරේ පදිංචිව සිටි 30 හැවිරිදි මවක් සහ ඇයගේ සිව් හැවිරිදි පුතුව ගෙල සිර කර ඝාතනය කිරිමේ චෝදනාවට වරදකරු වු විත්තිකරුට වසර 17 කට පසු මරණීය දණ්ඩනය ගම්පහ පුර්වගාමි මහාධිකරණ විනිසුරු ප්‍රශාන්ත ද සිල්වා මහතා අද (16) නියම කළේය .
උල්පතගම ඉන්ද්‍රසාර නමින් 1990 සිට 1994 දක්වා චිවරධාරියකු ලෙස නිට්ටබුව ප්‍රදේශයේ ඇති පිරිවෙනක වාසය කර ඇති විත්තිකරු පැවිදි දිවිය අවසන් කර 1994 දී පොලිස් දෙපාර්තමේන්තුවට සම්බන්ධ වී පොලිස් කොස්තාපල් (35130) අංක යටතේ 1997 වර්සය දක්වා පොලිස්
දෙපාර්තමේන්තුවේ සේවය කර ඉන් ඉවත්ව සංචාරක වෙළෙන්දෙකු ලෙස කටයුතු කල පි.එම්.මැදගෙදර නවරත්න බංඩා (45) නැමැති විත්තිකරුට මෙසේ මරණ දඩුවම නියම කෙරුණි .
විත්තිකරු හසලක උල්පතගම ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.
ඉන්ද්‍රනි වේලාරත්න නැමැති එවකට 30 හැවිරිදි එක් දරු මවව සහ ඇයගේ එවකට සිව් හැවිරිදි පිරිමි දරුවා වු චරිත සපුමල් වේලාරත්න නැමැති දරුවා ව ව්ත්තිකරු විසින් ඝාතනය කර ඇත්තේ නිවසේ තිබූ රන් ආභරණ සහ දේපොළ මංකොල්ලකෑම සදහා බවට මහාධිකරණ යෙදී අනාවරණය විය .
2003 වර්ෂයේ මැයි මස 05 වෙනිදා හෝ ඊට ආසන්න දිනයක දී එම ඝාතන දෙක සිදු කර තිබූ බවට මහාධිකරණයේදී අනාවරණය වු අතර විත්තිකරු ඝාතන සහ මංකොල්ලකෑම් රැසකට සම්බන්ධ අයෙකු බව ටද මහාධිකරණ යේදී වැඩිදුරටත් සදහන් විය.
COMMENTS
ලෝකයේ කාර්යක්ෂමම අධිකරණය....
"එක රටක් එක නීතියක්" තුනෙන් දෙක ගන්නකන් ඕක කරගන්න බැරි වෙයිද අපිට? ඩිෆෙන්ඩර් වලින් පොලිසියේ අය හප්පලා මරණ දේශපාලන සුරතලුන්ටත් එක ලෙසටම නීතිය ක්‍රියාත්මක වෙන විදියට...
බලාගෙන මේ වගේ පුවත් ප්‍රචාරය වුණාම පිට රටවලින් ඇවිත් සම්මාන දෙයි.
17 වසරකට පසු මරණ දඬුවම දිලා මොකටද? මේ දක්වා පැවති සෑම රජයක්ම මෙයට වගකිවයුතුයි. අබ ඇටයක් විතර රටේ අධිකරණය කාර්යක්ෂම කරන්න ක්‍රමවේදයක් හදන්නේ නැතැව කතා කරකර තර්ක කර කර ඉන්නවා හැම රජයම. මේවා පහසුවෙන් හදන්න පුළුවන් තැන්. ඇයි කරන්නේ නැත්තේ? තමන්ට එච්චර වාසියක් නැති නිසා.
මේක හරිම සාමාන්‍ය තත්වයක් වෙලා.ස්ත්‍රී දූෂණ වල තත්වය මීට වඩා අන්තයි.
අතිගරු ජනාධිපතිතුමනි, ලංකාවෙන්ම අකාර්යක්ෂම, අපේ අර රන්ජන් කොලුවාගේ බහටත් නැටවෙන, රටේ අපි වගේ පොඩි අයගේ කිසිම විශ්වාසයකට ගන්න බැරි අධිකරණය ඔපදමලා ගන්නට යොමු වුනොත් ලොකු පිනක්. ඇයි බොලව් 2003 මරපු කෙනෙකුගේ තීන්දුව දැන් දෙන්න අපේ අධිකරණයට අවුරුදු 17ක් කොරෝනා හැදිලා තිබුණද? ඒ මැරුම් කාපු නෝනා අද හිටියා නම් අවුරුදු 47ක මහ කාන්තාවක් නොවැ..., ඒ දරුවා අද හිටියා නම් අවුරුදු 21ක යස අපූරු කොලුගැටයෙක් නොවැ..., කොටින්ම ඒ මිනීමරපු එකා අද අවුරුදු 45 ක නාකියෙක් නොවැ...