ඩී.ජී.සුගතපාල
අක්මීමන හිනිදුම්ගොඩ ප්‍රදේශයේදී පුතෙකු විසින් තම මව සහ පියා ඝාතනය කර ඇතැයි අක්මීමන පොලිසිය පවසයි.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ අක්මීමන හිනිදුම්ගොඩ ආනන්ගොඩ පදිංචිව සිටි කිරින්ද ලියන ආරච්චිගේ චන්ද්‍රපාල (61) සහ කොහොඹන් ප්‍රියන්ති මල්ලිකා (51) යන අඹුසැමි යුවළ බව පොලිසිය පවසයි.
ඔවුන්ගේ පුතා විසින් දෙමව්පියන්ට පහර දෙන බවටඊයේ (18) රාත්‍රියේ ලද පණිවුඩයක් අනුව පොලිස් නිලධාරීන් එම නිවසට ගොස් පරික්ෂා කළ විට පුතා පවසා ඇත්තේ දෙමව්පියන් රැකියාවට ගොස් තවම නිවසට නොපැමිණි බවයි.
ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී තමා දෙමව්පියන් ඝාතනය කළ බව පවසා ඇත. නිවස පිටුපස කසළ ගොඩක සඟවා තිබී මළ සිරුරු සොයාගත් බව පොලිසිය පවසයි.
COMMENTS
කලන්තේ වගේ! ඒක හින්ද මොකවත් ලියන්නේ නැතුව නවත්වන්නම්.
අයියෝ. ආනන්තරීය පාප කර්ම 2 ක් එක වර සිදු කරගෙන ඇත. කල්ප ගණනක් අපායේ දුක් විඳීමට සිදු වනු ඇත, දරුවන්ට බෞද්ධ ධර්මය ගැන කුඩා කල සිට අවබෝධය ලබා දීම දෙමව්පිය යුතු කමයි.
පාර්ලිමේන්තු ආදර්ශය
මිනිසුනට බණ දෙසන අය අාදර්ශවත් නොවීමේ ප්‍රතිඵලයක් ලෙස මිනිසුන් පින පව විශ්වාස නොකරයි.
වනචාරී යුගයේදිවත් නොවුණු දේවල් දැන් අපේ රටේ සිදු වෙන්නේ ....
පව් අහිංසක දෙමාව්පියෝ.!
වරද කොතැනද කියා සියුම්ව සොයා බලා පිළියම් යෙදිය යුතු වෙනවා. වරද ගැන හැමෝම කතා කරනවනේ..
මේ වගේ දේවල් කවදත් වෙනවා. හැබැයි නරක කාලේදී වෙන්නේ පව්කාරයින් රටේ පාලකයින් බවට පත්වීමයි...
රටේ පාලකයනුත් ගහමරා ගන්නවානම් ඇමති කෙනෙක් මන්ත්‍රීවරු කෙනෙක් දෙන්නෙක් මැරෙන්නත් පුලුවන් කියනවානම් මේවා තවතවත් වෙන්න පුලුවන්.
මොන වරදක් තිබුණත් දෙමව්පියන් මරලා කරගත්ත පාප කර්මේට.... ආත්ම ගාණක් නිරයේ දුක් විඳින්න වෙනවාමයි..
අද පවතින අධ්‍යාපනයේ වැරැද්ද
අනේ පවු අසරණයෝ