IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


පෙත්සම් විභාග නිමවනතුරු මනාප අංක ගැසට්ටුව නෑ

(*** රංජන් කස්තුරි)

පාර්ලිමේන්තු මහ මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්‍ඨාධිකරණයට ගොනු කර ඇති පෙත්සම් විභාග නිමවන තෙක් මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් නොකිරීමට මැතිවරණ කොමිෂන් සභාව  තීන්දු කළේය. මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක් ඊයේ පෙරවරුවේ පැවැති අතර එහිදී මැතිවරණ කොමිෂන් සභාව එම තීන්දුවට එළැඹී ඇතැයි වාර්තාවේ.

මහ මැතිවරණයේ ඡන්ද විමසීම ජුනි මස 20 වැනි දින පැවැත්වීමට මැතිවරණ කොමිසම මීට පෙර තීන්දු කළ නමුත් ඊට අදාළ මනාප අංක හා අපේක්ෂකයන්ගේ නම් ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීම කල් දැමීය.

ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාව ඊයේ රැස්වී මනාප අංක ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීමට අදාළ තීන්දුව ගැනීමට නියමිතව තිබුණද කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ සාමාජිකයන් අතර පැවැති දීර්ඝ සාකච්ඡාවකින් පසුව එම ගැසට්ටුව ප්‍රකාශයට පත් කිරීම යළිත් වරක් කල් දමා තිබේ.

මහ මැතිවරණය ජුනි මස 20 වැනි දින පැවැත්වීමට නම් මේ මස 15 වැනි දිනට පෙර මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කිරීම අත්‍යවශ්‍යයෙන්ම සිදුවිය යුතු අතර එය නිකුත් නොකිරීම නිසා ජුනි මස 20 වැනි දින ඡන්ද විමසීම පැවැත්වීමේ නීතිමය අවකාශය ඇහිරී ඇතැයි මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙක් කීය. ඒ අනුව මහ මැතිවරණයේ ඡන්ද විමසීම තව දුරටත් දින නියමයක් නොමැතිව කල්ගොස් තිබේ.

මැතිවරණ කොමිසමේ ඊයේ පැවැති රැස්වීමට මනාප අංක සහිත ගැසට් නිවේදනය නිකුත් කළ යුතු බවට පත්‍රිකාවක්ද ඉදිරිපත් කර ඇතැයිද එම පත්‍රිකාවට කොමිසමේ සාමාජිකයන් එකඟවූයේ නම් ඊයේ මධ්‍යම රාත්‍රියේදී මනාප අංක සහිත අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීමට සැලසුම් කර තිබූ බවද පැවසේ.

මේ අතර දේශපාලන පක්ෂවල ලේකම්වරුන්ගේ රැස්වීමක්ද ඊයේ පස්වරුවේ රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා ශ්‍රවණාගාරයේදී පැවැති අතර එහිදී ආණ්‍ඩු පක්ෂය හැර අනෙකුත් දේශපාලන පක්ෂවල නියෝජිතයන් අධිකරණ තීන්දුවෙන් පසුව මනාප අංක ගැසට් නිවේදනය නිකුත් කිරීමට එකඟතාවය පළ කර තිබේ.

ආණ්‍ඩුවට සම්බන්ධ දේශපාලන පක්ෂ නියෝජිතයන් එහිදී ප්‍රකාශ කර ඇත්තේ මනාප අංක සහිත අති විශේෂ ගැසට් නිවේදනය ඉක්මනින් නිකුත් කළ යුතු බවය.

එහෙත් කොමිෂන් සභාව ආණ්ඩු පක්ෂයේ යෝජනාවට ප්‍රතිචාරයක් දක්වා නැතැයිද වාර්තාවේ.



අදහස් (1)

පෙත්සම් විභාග නිමවනතුරු මනාප අංක ගැසට්ටුව නෑ

Don Wednesday, 13 May 2020 11:55 AM

අප්‍රේල් 20දා මැතිවරණයට දිනය ප්‍රකාශයට පත්කරනවිට රටේ COVID-19 රෝගීන් ගණන 268, දැන් 891 යි. සති 3යි දවස් 2 යි, 623 කින් වැඩිවීම පාලනය සාර්ථකද? පරීක්ෂා කිරීමත් අධි වේගයෙන් සිදුවෙනවාද? මැතිවරණයක් පැවැත්වුවහොත් රට ඉතිරිවේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 495 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 471 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site