IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


පත්වීම් ලබාදීම වළක්වන්නැයි පැෆරල් සංවිධානය ඉල්ලයි

(විනීතා එම් ගමගේ)

රාජ්‍ය ආයතනවල දිගින් දිගටම සිදුවන නිලධාරීන් බඳවා ගැනීම් සහ පත්වීම් ලබාදීම් වළක්වාලීම සඳහා සියලූ අමාත්‍යාංශ ලේකම්වරුන්  දෙපාර්තමේන්තු ප‍්‍රධානීන් දැනුවත් කිරීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නැයි පැෆරල් සංවිධානය රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ජේ.ජේ.රත්නසිරි මහතාගෙන් අද (25) ඉල්ලීමක් කර ඇත.

මැතිවරණ කාලසීමාව තුළ නිලධාරීන් බඳවා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම, බඳවා ගැනීම්, උසස් වීම් හා ස්ථාන මාරු වීම් ලබාදීම නොකළ යුතු බවට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් අවස්ථා ගණනාවකදීම චක‍්‍රලේඛ මගින් දැනුවත් කර ඇතත් දෛනිකව දිවයිනේ බොහෝ පෙදෙස් වලින් නිලධාරීන් බඳවා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ පවත්වන බවත් ඒ සඳහා පුහුණු වැඩසටහන් සම්මන්ත‍්‍රණ වැනි විවිධ ක‍්‍රියාමාර්ග භවිතා කරන බවත් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා වෙත දන්වා යැවී යැයි පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාදීපයට පැවැසීය.

මෙවැනි තත්වයන් හේතුවෙන් මැතිවරණයක් පැවතිය යුතු සුජාතභාවයට කැළලක් වන අතරම දේශපාලන පක්ෂ වලට විවිධ සැක සංකා මතු කිරීමට අවැසි වටපිටාව නිර්මාණය කිරීමක් වන බවත් සියලූ අපේක්ෂයන්ට අගතියකින් තොරව තරඟ වැදිය හැකි සම බිමක මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය වටපිටාව නිර්මාණය කිරීමට සහය වීම සියලූ දෙනාගේ යුතුකමක් බවත් තම ලිපියෙන් අවධාරණය කළ බව ද හෙතෙම කියා සිටියේය.

ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා දින නියම කිරීමට ප‍්‍රථමව රාජ්‍ය ආයතන සතු උපකරණ, දේපල සහ මානව සම්පත මැතිවරණ ක‍්‍රියාකාරකම් සඳහා යොදා නොගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප‍්‍රධානීන් සහ වෙනත් වගකිව යුතු පාර්ශවයන් දැනුවත් කරන ලෙස 2019 අගෝස්තු 22 දා ලිපියකින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අවධානයට යොමු  කළ බව ද හෙතෙම කියා සිටියේය. 

රටක රාජ්‍ය නායකයා තෝරා ගැනීම සඳහා පවත්වනු ලබන ඡන්ද විමසීම අනෙකුත් මැතිවරණ වලට සාපේක්ෂව සුවිශේෂී වැදගත්කමක් උසුලන බවත් එම හේතුව නිසාම කිසිදු අපේක්ෂකයෙකුට අගතියක් හෝ සුවිශේෂී වාසියක් නොවන පරිදි කටයුතු කිරීම මැතිවරණ කි‍්‍රයාවලියට දායකවන සියලූදෙනාගේ  ප‍්‍රමුඛ වගකීමක් වන බවත් හෙට්ටිආරච්චි මහතා විසින් යවන ලද ලිපියේ සඳහන්ව ඇත.

එම ලිපියේ පිටපත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා වෙත යැවූ බව ද හෙතෙම තවදුරටත් සඳහන් කළේය.

 

 

 

 



අදහස් (5)

පත්වීම් ලබාදීම වළක්වන්නැයි පැෆරල් සංවිධානය ඉල්ලයි

Amila Wednesday, 25 September 2019 04:31 PM

ඔයාලගේ අර හිටපු කීර්තිමත් කෙනාට කිව්වානම් හරිනේ.. අනික උද්ඝෝෂණ සහ වැඩවර්ජන ඔයාට පේන්නේ නැද්ද.. බොරු සංවිධාන !

:       0       0

sam Wednesday, 25 September 2019 11:13 PM

හිටපු පැෆරල් ලොක්ක ආණ්ඩුකාරයෙක් උන නේද? මේ ගොල්ලොත් ගැන අපටත් විවිධ සැක සංකා.

:       0       2

ajith Thursday, 26 September 2019 02:35 AM

මහින්ද ආණ්ඩු කාලේ මැතිවරණ අස්සේ ඔය විධියට රජයේ පත්වීම් ලබා දුන්න. ඒවාට පැමිනිලිත් නැහැ. කරපු කෙන් ගෙඩියකුත් නැහැ. බලය තියෙන කොට එහෙමයි. නැතිකොට මෙහෙමයි. එක අතකින් බලන විට මේ වෙලාවේ හරි රැකියා ලබා දෙන එක ලොකු දෙයක්. ඔය කවුරුත් බලයට එන්නනේ ඔය ඔක්කොම කරන්නේ.

:       11       35

Uditha - London Thursday, 26 September 2019 04:14 AM

අර යෝෂිත මහත්තයාගේ අලුත් පත්වීමත් අවලංගු කරන්න.. එකත් නීත්‍යනුකුල බාවයක් නැහැනේ ...

:       0       21

himal Thursday, 26 September 2019 05:13 AM

ඡන්ද දින ප්‍රකාශයට පත්වීමට පෙර සම්මුඛ පරීක්ෂණ හෝ ‍තෝරා ගැනීමේ පරීක්ෂණ නිසි ලෙස පවත්වා ඇත්නම් එම පත්වීම් දීම නවත්වාලීම ගැටළුකාරියි.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 40 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 149 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1001 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site