(නිමන්ති රණසිංහ)
පාතාල ක්‍රියාකරුවන්ට සහ මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන්ට බන්ධනාගාරය තුළ ක්‍රියාත්මක වීමට අවස්ථාව සලසා දෙන බන්ධනාගාර නිලධාරින් සේවයෙන් නෙරපන බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසීය.
සිරගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පාතාල කල්ලි සාමාජිකයින් බන්ධනාගාරයේ සිටම ඔවුන්ගේ ඡාල අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම ඇතුළු නිතීවිරෝධි ක්‍රියාවන්ගේ පැවැත්ම බන්ධනාගාර නිලධාරීන්ගේ හැසිරීම මත රඳා පවතින බව ද ඔහු සදහන් කළේය.
බන්ධනාගාර නිලධාරීන්ගේ ආදර්ශමත් හැසිරීම් තුළින් ඔවුන්ගේ වෘත්තීය ගරුත්වය ආරක්ෂා කර ගත යුතු බවත්, එසේ කිරීමට අපොහොසත් වන අය සේවයෙන් නෙරපා හැරිය යුතු බවත් ආරක්ෂක ලේකම්වරයා පැවසීය.
බන්ධනාගාර තුළ සිදු කෙරෙන නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා මේ වන විට සාධනීය වෙනස්කම් රාශියක් සිදු කර ඇති බව සදහන් කළ ආරක්ෂක ලේකම්වරයා, ඒ හේතුවෙන් නීතිවිරෝධි කටයුතු සිදුවීම තුළ විශාල ලෙස අඩු වීමක් දක්නට ලැබෙන බවද පැවසීය.
ආරක්ෂක ලේකම්වරයා මේ බව සදහන් කළේ, “බන්ධනාගාර තුළ කැරලි සහ ප්‍රාණ ඇපකරුවන් රඳවා ගැනීමේ සිදුවීම් සබැඳි ආරක්ෂක සැලැස්ම සඳහා සූදානම් වීම” යන මැයෙන් බන්ධනාගාර කොමසාරිස්වරුන් සහ අධිකාරීවරුන් සඳහා ගාල්ල උණවටුනේදී ඉකුත් 30 වැනිදා පැවති වැඩමුළුවකට සහභාගීවෙමිනි.
බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරල් වී ආර් සිල්වා (විශ්‍රාමික), බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය සහ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ ජාතික විශේෂඥ ආචාර්ය නිලුපුල් ගුණවර්ධන ඇතුළු මහත්වරු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
COMMENTS
එහෙනම් දියවන්නා වෙන්ම පටන්ගමු නේ
හොද වැඩක්
මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ පාර්ලිමේන්තුවෙත් ඉන්නවා කියල කවුදෝ කිවා වගේ මතකයි. ඒකතාව ඇත්තක්ද බොරුවක්ද කියල හොයන්න උනන්දුවක් නැද්ද ?
කොහොම හිටපු මනුෂ්‍යයෙක්ද මේ
පහුගිය කාලේ දේසපාලුවෙක් බන්ධනාගාරයට ගිහින් යකා නැටුවා. නිලදාරීනුත් බකන්නිලා ගෙන උන්නා. ඒවා ගැන ප්‍රශ්නයක් නැතුව ඇති?
කෑගහන තරමට වැඩ වුනොත් හොඳයි
කතා වගේ වැඩත් තිබ්බොත් හොඳයි
සද්දේ විතරයි. වැඩ නැහැ නේද
උණවටුනේ කිව්වේ අර හාල් මාෆියාගේ හෝටලේ වෙන්න ඇති. ඒවාගේත් හැටි... ලොකු ලොකු අය ලොකු ලොකුවට බෙදාගන්නවා උතුරන්නම.., නැති එකාට ලෙවකන්නවත් නෑ.
කිසිම වැඩකට නැති කතා පමණයි..!!!
මෙයාගේ කයිය විතරයි... බොරු ෂෝ තමයි...
නිකම්ම නිකම් දියාරු චරිත... වයසට ගිය ජෙනරාල්ලාත්, පැන්ෂන් ගිය පොලිස්කාරයාත් සමාජයේ අවලංගු භාණ්ඩ. මේ මිනිස්සුන්ට කිසිම සිවිල් රැකියාවක ප්‍රායෝගික දැනුමක් නෑ. වැඩ බැරි ටාසන්ලා විතරයි...
නින්දෙන් නැගිට්ටද?