(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පුත්තලම දිස්ත්‍රික් රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩලය අද(24) සිදුකරන වැඩ වර්ජනය හේතුවෙන් රෝහල් කටයුතු සම්පූර්ණයෙන් බිඳ වැටී ඇති බව පුත්තලම නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහත්මිය පවසයි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් පවසා සිටියේ පුත්තලම දිස්ත්‍රික්කයේ මූලික රෝහල් 4ක හා දිස්ත්‍රික් රෝහල් එකක් ඇතුළුව රෝහල් 46 ක කටයුතු මෙම කණිෂ්ඨ කාර්ය මංඩලයේ වැඩ වර්ජනය හේතුවෙන් සම්පුර්ළුයෙන් අඩාල වී ඇති බවයි.
කණිෂ්ඨ කාර්ය මණ්ඩලය වැඩ වර්ජනය හේතුවෙන් අඩාල වු රෝහල කටයුතු පවත්වාගෙන යාමට යුද හමුදාවේ 16 වන ගජබා රේජීමේන්තුවේ නිලධාරින් 10දෙනා බැගින් මාරවිල, හලාවත හා පුත්තලම රෝහල් කටයුතු පවත්වාගෙන යාමට ලබා දී තිබු බව යුද හමුදාව පවසයි.
කෙසේ නමුත් කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ වැඩ වර්ජනය හේතුවෙන් රෝහල්වල නේවාසික රෝගීන්ට ලබා දෙන ආහාරවේල පවා සපයා ගැනීමට රෝහල් බලධාරින්ට නොහැකි වී ඇත. මේ නිසා පිටස්තර ස්ථාන වලින් ආහාර සපයා ගැනීමට කටයුතු කරන බව රෝහල් කිපයක අධ්‍යක්ෂකවරු පැවසූහ.
වැඩ වර්ජනය හේතුවෙන් බාහිර ප්‍රතිකාර සම්පුර්ණයෙන් අඩාල වී තිබු අතර හදිසි ප්‍රතිකාර පමණක් සිදුවෙන බව සෞඛ්‍ය අංශ පවසයි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
පුත්තලම රෝහලේ කණිෂ්ඨ සේවකයෝත් වැඩවරති