
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම නගරයේ පැවැති හජ්ජී පොළ සදහා කොරෝනා නීති පසෙක තබමින් විශාල පිරිසක් සහභාගී වී ඇතැයි වාර්තා වෙයි.
පුත්තලම නගර සභාව සංවාධානය කරන මෙම පොළ දින තුනක් පුරා පැවැත්විණි. මෙම පොළට 20 වැනි දා රාත්‍රි සිට 21 වැනි දා අලුයම දක්වා 4000 කට අධික පිරිසක් පැමිණ ඇතැයි ද වාර්තා වෙයි.
මෙම හජ්ජී අවුරුදු පොළ සදහා පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ කිසිදු අවසරයක් ලබා ගෙන නොතිබු බවත් රාත්‍රි කාලයේ පොළ නොපවත්වන ලෙසට උපදෙස් ලබා දි තිබු බවත් සෞඛ්‍ය අංශ කියයි.
වෙළදසල් මිටර් 10 ක දුරින් දුරට පවත්වා ගෙන ලෙසට දැනුම් දි තිබුණද නගර සභාව ගණනකට නොගෙන තිබු බව සෞඛ අංශ පවසයි.
කෙසේ වෙතත් මෙම හජ්ජී පොළට පැමිණ සිටි බහුතරයක් කිසිදු සෞඛ්‍ය ආරක්ෂීත ක්‍රමවේදයන් භාවිතා කරන බවක් පෙනෙන්නට නොතිබුනී .
මේ වන විට පුත්තලම නගරයෙන් කොරෝනා වයිරස ආසාදිත මරණ 10 ක් ද ආසාධිතයන් 300 කට ආසන්න පිරිසක් වාර්තා වි ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.

2025 දෙසැම්බර් මස 04
410
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
448
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
408
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පුත්තලමේ පොළ කොරෝනා රැල්ලකට අතවනයි
Warnakulasuriya Shirantha Wednesday, 21 July 2021 11:20 PM
ලංකාවේ නෙවේද? පුත්තලම....