(එච්. චන්දන සහ හිරාන් ප්‍රියංකර )
නියෝජ්‍ය ඇමතිවරයකු හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ පුත්තලම නගරාධිපතිව සිටි හදිසි අනතුරකින් මිය ගිය කේ.ඒ.බායිස් මහතාගේ මරණය සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු අත් අඩංගුවට ගත් පුත්තලම පොලීසය කියයි.
වනාතවිල්ළුව රාල්මඩුව ප්‍රදේශයේ පිහිටි නගරාධිපතිවරයාට අයත් පුද්ගලික ඉඩමට ගොස් පුත්තලම නිවසට එන අතරතුර එළුවම්කුලම ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇතැයි වාර්තා වෙයි.
ඔහු පැමිණි පුත්තලම නගර සභාවට අයත් නිළ කැබ් රථයේ පිටුපස (තට්ටුවේ) වාඩිවී ගමන් කර ඇති ඇති බායිස් මහතා කැබ්රථය අතුරු මාර්ගයෙන් පුත්තලම එළුවන්කුලම මාර්ගයට පිවිසෙන අවස්ථාවේ බිමට වැටී මුහුණ වැදී තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කරන විටත් මිය ගොස් ඇති බව දැනට කරණ ලද විමර්ශණ වලදී ආණාවර්ණය වී ඇතැයි පොලිසිය පවසයි.
මේ සම්බන්ධව කැබ් රථයේ රියදුරු හා ඔහු සමග ගමන් කළ තවත් දෙදෙනකු මෙලෙස අත් අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධව අත් අඩංගුවට ගත් කැබ් රථය පුත්තලම පොලිස් බාරයට ගෙන ඇත.
තුන්වතාවක්ම පුත්තලම නගරාධිපති ලෙස් කටයතු කල ඒ මහතා මිය යන විට 52 දෙවන වියේ පසුවූ තිදෙරු පියෙකි.
සැකකරුවන් වැඩිදුර විමර්ශණ සදහා වනාතවිල්ළුව පොලීසයට බාර දුන් බව පුත්තලම පොලිසිය කියයි.

COMMENTS
ඒ කියන්නේ සංචාරක සීමා නීති කඩන්නේ දේශපාලකයෝමයි කියන එක. මොහු පුත්තලමට තරමක වැඩකළ කෙනෙක්... ඒ වගේම නොකියාම බැරි දේ මොහු තමයි පුත්තලමේ චණ්ඩියා. මොහුගේ ගෝලයින්ට අවශ්‍ය පරිදි මේ වැඩ කරන්න ඉඩ දුන්නා.
මෙයා මෙයාගේ ඉඩමක නාලා බීලා කැබ් එකේ පිටිපස්සේ තට්ටුවේ ඇවිත් තියෙන්නේ.. මෙයා කරගත්තු ගොන් වැඩවලට දැන් ගෝලයෝ ටිකද පලි..? මෙහෙම ලොක් ඩවුන් කරලා තියෙද්දී බොන පාටි දානවට නීතිය නැද්ද?
මිනිහාව මට්ටු කළේ පුත්තලමේ හිටපු පොලිසියේ රත්නායක මහත්තයා. බය නෑ කෙළින්ම කූඩුවේ දැම්මා..
මෙයා නිරෝධායන නීතිය විතරක් නෙමෙයි... රටේ නීතියත් කඩලා. කෝ ඒවට පොලීසිය...? කොහොමද මෙයා එහාට ගියේ? ඒවාට නීති නෑ.. කොහොමත් පුත්තලමේ තිබ්බේ වෙන නීතියක්.. පුත්තලමේ හොරුන්ට, කප්පම් කාරයින්ට, චණ්ඩින්ට රැකවරණය දුන්නා.
මේක මාර වැඩක්නේ... එය කැබ් එකෙන් වටුණාද? වැට්ටුවාද?
බුරුවගේ පිටේ යනවා වගේ කැබ් එකේ උඩ යන්නේ මොකටද? කැබ් එක ඇතුලේ යන්න ඕනෑ කෙනා තමන්ගේ ගරුත්වය තියන් ඇතුලේ සීට් බෙල්ට් දාගෙන ගියා නම් ඕක වෙන්නේ නැහැනේ.. ගෝලයෝ ඇතුලේ ඉන්දැද්දී ලොක්කා එළියේ ගිහින්...