ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න
විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සහ තියුණු ආයුධ දෙකක් සමග සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ඇතුළු දෙදෙනෙකු අද (03) දා අත්අඩංගුවට ගත් බව වැල්ලම්පිටිය පොලීසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ "පොඩි විජේ" නමැති අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයකු බව පොලිසිය කියයි .
වැල්ලම්පිටිය සිංහපුර ප්‍රදේශයේ නිවාස තුනකට පහරදී තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉකුත් 01 දා ලද පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශනයකින් අනතුරුව සැකකරුවන් දෙදෙනෙකු මෙසේ අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි .
පසුව සිදුකළ වැඩිදුර විමර්ශනයකදී "පොඩි විජේ" නමැත්තා සන්තකයේ තිබී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සහ තියුණු ආයුධ දෙකක් පොලිස් භාරයට ගත් බව කියයි.
සැකකරු ඉකුත් වසර එකහමාරක පමණ කාලයක සිට සිදුකළ අපරාධ රැසක් සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි පුද්ගලයකු බවද පැවසේ .
අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වැල්ලම්පිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
149
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොඩි විජේ අත්අඩංගුවට