බෙංගාල බොක්කට දකුණින් මුහුදු ප්‍රදේශය මැද ඉදිරි දින කිහිපය තුළ අඩු පීඩන තත්ත්වයක් ඇතිවිය හැකි බවත් එය ශ්‍රී ලංකාවට ද බලපෑ හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මේ හේතුවෙන් දිවයිනේ නැගෙනහිර සහ උතුරුමැද පළාත්වලට හෙට (5) රාත්‍රීයේ සිට වැසි වැඩි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව නිකුත් කර ඇති උපදෙස් අනුව නාවික හා ධීවර ප්‍රජාව විමසිලිමත් විය යුතු බව සඳහන් කෙරේ.
උතුර, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වල වරින් වර තද වැසි ඇතිවිය හැකි බවත් අනෙකුත් පෙදෙස්වල පස්වරු 2.00 ට පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
බස්නාහිර,සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ස්ථානවලට ඉදිරි දින කිහිපය තුළ උදය කාලයේ අධික මීදුම සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ගිගුරුම් සහිත වැසි ඇතිවන විට තරමක තද සුළං ද ඇති විය හැකි බවත් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා ප්‍රමාණවත් පුර්වාරක්ෂාවකට යොමුවන ලෙස මහජනතාවගෙන් කරුණිකව ඉල්ලා සිටී.
(28535)
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
පීඩන අවපාතයක් වර්ධනය වන ලකුණු