(ප්‍රේමතිලක පෙරමුණ)
පාඨලී චම්පික රණවක මහතා බේරා ගැනීම සඳහා හැකි උපරිම නීත්‍යානුකූල පියවර අපි ගන්නවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ජනාධිපතිවරණය සඳහා සහාය දුන් පාක්ෂිකයන් සඳහා ස්තූතිය පුද කිරීම වෙනුවෙන් අද (19) අගලවත්තේ එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ පැවැති උත්සවයකදී මේ බව කීය.
"ජනාධිපති මැතිවරණයට සූදානම් වන මුල් කාලයේ දී පොඩි පොඩි කතා තිබුණත්,ජනාධිපතිවරණයේ දී මා ජයග්‍රහණය කර වීම සඳහා පාඨලී චම්පික රණවක මහතා හදවතින්ම කටයුතු කළ බව මා දන්නවා. ඔහු අත්අඩංගුවට ගත් පසු පොලිසියේ මෙන්ම උසාවි සංකීර්ණයේ මම ඊයෙ හිටියා අනතුරක් සම්බන්ධව අත්අඩංගුවට ගත් පාඨලී චම්පක මහතා වෙනුවෙන් නීත්‍යානුකූලව ගත හැකි උපරිම පියවර ගැනීමට අපි සියලු කටයුතු කරනවා.
මැතිවරණ සමයේ දී මගේ ප්‍රතිවාදී ප්‍රධාන කණ්ඩායම කිව්වා එම් සීසී ගිවිසුම රටට බොහොම අහිතකරයි ශ්‍රී මහා බෝධිය වඳින්නත් අපිට පිටරටවලින් ටිකට්පත් ගන්න වෙයි මේක ඉරා දමන්න වුණා කියලා.
මේ රටේ ජනතාවගෙන් ලක්ෂ 69 ක් ඒක හරි කියලා කිව්වා. නමුත් අද සමහරු කියනවා 70% ක් ගිවිසුම හොඳයි ලු. ඒ නරක ගිවිසුම් තියාගන්න හොඳ නෑ ඒවා ඉරලා දාන්න ඕනා . ඒ නිසා මම ඒ අයට යෝජනා කරනවා ගෝල්ෆේස් පිටියට ගෙනල්ලා ඒ ගිවිසුම අපි දෙගොල්ලොම එක්ක එකතු වෙලා ඉරලා දාමු කියලා යැයි සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
COMMENTS
පාඨලී බේරාගන්නවට වඩා හොඳ නැද්ද එයාගේ වැරැදි නිසා අබ්බගාත වුණු තරුණයින්ට සහන සලසන එක..? ඒ වගේම සාක්ෂි?වාකෘති කළ අයට දඬුවම් දෙනු විනා බේරගන්න හදන්නේ ඇයි?
පාඨලී ගැන උණුවෙන හදවත අර තරුණයා ගැනත් ඇති වෙනවා නම් කොපමණ අගේද ?
ඔහු බේරා ගැනීමට නීත්‍යනුකුලව කටයුතු කිරීම ඔබේ වගකීමක්. හැබැයි කවුරු බලයේ හිටියත් නීතිය සමාන වන්නේ සමානයන්ට පමණකි. අසමානයන්ට නීතියද අසමානය.
බේරෙන්න නම් පොහොට්ටුවට එකතු වෙන එක හැර වෙනත් විකල්පයක් නැහැ.
නීත්‍යානුකූලව නම් මොන පියවරක් ගත්තත් කමක් නැහැ. වැඩේ තියෙන්නේ නීතිය නමනවනේ..
බයිලා කියවනවා. ඕවා කියලා ජනතාවට වැඩක් නැහැ.
ඒ කියන්නේ ඔබ ජනාධිපති වුණා නම් නීතිය තවත් නවනවා කියන එක නේද?
හොද ආරංචියක්.
මුලින් ඔබ බේරෙන්න. පසුව පාඨලී බේරන්න. ඒ සියල්ලට පෙර ඉන්න තැනකින් එළියට එන්න.
ප්‍රභාකරන්ටත් ඕකම කිව්වා. ඒත් වැරදි කරොත් නීතියෙන් ගැළවෙන්න බෑ.
දැන් බේරාගන්නේ මෙය වරදක් කරලා නෙවේද තියෙන්නේ. හොදට තේරෙනවා මෙය වැරැද්දක් කරලා තියෙන්නේ කියලා. මෙයාට විතරක් නෙවේ වැරදි කළ හැමදෙනාටම පක්ෂ, ජාති , බලන්නේ නැතුව දඩුවම් දෙන්න ඕන. විනයගරුක රටක් හදන්න එහෙම වෙන්න ඕන. බොරුවට පක්ෂ බදාගෙන මේවා දිහා බලන්නේ නැතුව රටක් විදිහට බලන්න ඕන.
දිවියෝ බේරගන්න එක අමතක වෙලා ඒ ගමන චම්පික බේරගන්නවලු.
තමන්ගේ ප්‍රශ්නවත් බේරගන්න බැරිව අනුන්ගේ ප්‍රශ්න විසඳන්න හදනවා. අර අනතුරට ලක් වුණ තරුණයාට පිහිට වෙන්න බැරිද? පාඨලී බේරගන්න කතරගම ගියා නම් හොදයි.
හොරුන්, මංකොල්ලකාරයින්, අපරාධකාරයින් බේරගන්න තියන වුවමනාවෙන්ම පේනවා රටට ආදරේට නෙමෙයි තමන්ගේ වාසියට ඕනම බලු වැඩක් කරනවා කියලා.
ඔබතුමන්ලාට ඔහොම වෙලා මදි. ගිය අවුරුදු පහේ ඔබතුමාලගේ නායකයා හොරුන්ව අපරාධකාරයන්ව ආරක්ෂා කළා. ජනතාවට වූ පොරොන්දුව ඉෂ්ඨ කළෙත් නැහැ.
මෙතන හරි වැරදි කළ කාටවත් ස්වභාවධර්මයෙන් ගැලවීමක් නැත. ඒ බැවින් ප්‍රවේසමෙන් කටයුතු කිරීම මැනවි... හිටපු යුද හමුදාපතිත් මේ විදියටම රාත්‍රියේදී අල්ලාගෙන ගියා මට මතකයි.
මෝඩ කතා කියන්න එපා සජිත්... අපරාධයක් කරලා බලය අයුතු ලෙස පාවිච්චි කරලා නීතිය නවලා සාක්කි විනාශ කරලා උසාවිය නොමග යවලා බොරුකරලා බේරුණු චම්පික ඔබට මැතිවරණයේදී උදව් කළ නිසා බේරාගන්නවා. නීතියට ස්වාධීනව තීරණ ගන්න ඉඩදී නිහඬව සිටින්න. අපේ රට විනාශ වුනේ නීතියට සිදුවූ දේශපාලන ඇඟිලි ගැසීම් නිසයි..
සජිත් බේබි, මෝටර් සයිකල් රියදුරු සන්දීප් තරුණයා යටකරලා පැනලා ගිය, අයව බේරාගන්නේ, ඡන්දයෙන් පැරදිච්ච තුරුම්පුම පාවිච්ච කරලාද? එහෙනම්, රණවකට වැලිකඩ බෝඩිමේ අවුරුදු 10ක්වත් ඉන්න වෙයි.
මෙයා වටේ ඉන්න අය මොනවද කියන්නේ? මෙයා ඒකම ශබ්ද නගා කියවනවා. පොඩ්ඩක්වත් හිතන්නේ නැහැ, එහෙම බැහැ ජනාධිපතිකම් කරන්න.
අපට දැනෙන විදිහට මෙය සරල රිය අනතුරක් නොවේ. පුවත් අනුව චම්පික මහතා විසින් දරුණු අපරාධයක් කර ඇතිබව සාමාන්‍ය අපට තේරෙනවා. ඇමතිවරයෙක් ලෙස රටට ආදර්ශයක් විය යුතුය. නීතිය අනුව ක්‍රියා කළ යුතුවේ. එමනිසා අප දේශපාලනය සහ නීතිය පටලවා ගත යුතු නැත. නව ජනාධිපතිතුමා නීතියට ගරුකරන බවක් මෙම කෙටි කාලය තුළ අපට පැහැදිලි කර ඇත. ඒ නිසා චම්පික මන්ත්‍රීතුමා වරදක් කර නැතිනම් සජිත් මන්ත්‍රීතුමා බිය විය යුතු නැත. උසාවි සංකීර්ණයේ සජිත් මහතා සිටීමෙන් යහපත ඇතිවනුයේ කාටද? චම්පික මන්ත්‍රීතුමාට ඉන් ඵලක් නොමැත. එනිසා කළයුතුව ඇත්තේ චම්පික මන්ත්‍රීට ඇති චෝදනා වලින් නිදහස් වීමට කරුණු ඇත්ද කියා සොයා බලා උසාවියට හෙලිකිරීමයි. මේ රටට නීතිය අවශ්‍යය. දැන් ජනාධිපති ඒ වෙනුවෙන් දැනට ක්‍රියා කරන බවක් සාමාන්‍ය අපට පෙනේ. ජනපතිතුමනි, නීතිය නොනමා සැමට ක්‍රීයා කරන්න අතළොස්සක් හැර මුළු මහත් බහුතරය ඔබ සමග.
"පාඨලී බේරගන්න හැකි උපරිමය කරනවා" එතකොට අර අබ්බගාත දරුවා බෙරාගන්න යනවාද?
ඊට කලින් පක්ෂයේ සමගිය හදා ගන්න එවිට නිකන්ම චම්පික නිදහස් වේවි.