(ඉන්දිකා රාමනායක)
රාජගිරියේ සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට අකාරයට සාමාන්‍ය මාර්ගයක ධාවනය කිරීමට අවසර නොමැති යතුරු පැදියක් ධාවනය කිරීම, රාජ්යක දේපළ වලට හානි සිදුකිරීම ඇතුළු චෝදනා යටතේ සංදීප් සම්පත් තරුණයාටද නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලා ජාතික හෙළ උරුමයේ කඩුවෙල නාගරික මන්ත්රීැ බෝසෙත් කළහේපතිරණ මහතා අද (22) පස්වරුවේ පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
2016 වසරේදී රාජගිරිය ප්රිදේශයේදි සංදීප් සම්පත් තරුණයා අනතුරකට ලක් කිරීමේ සිද්ධියට අදාළව හිටපු අමාත්යර පාඨලි චම්පික රණවක මහතා ඉකුත් 18 වනදා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන දෙසැම්බර් 24 දින දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාර කර ඇති බවත් එවැනි පසුබිමක අනතුරට ලක්වූ සන්දීප් සම්පත් තරුණයා සම්බන්ධයෙන්ද වහා නීතිය ක්රි යාත්මක කරන්නැයි මන්ත්‍රිවරයා සිය පැමිණිල්ලෙන් ඉල්ලා සිටියේය.
සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ පැවසීය.
‘‘සී සී 1000 යතුරු පැදියක් පදවමින් නිළ රථයේ පිටපස වැදීමෙන් මෙම අනතුරු සිදුවුණා. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා දැනුම් දී තිබෙන්නේ මෙම යතුරු පැදිය සාමන්‍ය මාර්ගයක ධානවය කරන්න බැහැ කියලා.
මෙය ක්‍රීඩා කටයුතු සඳහා භාවිතා කරන යතුරු පැදියක්. මෙවැනි යතුරු පැදියක් සාමාන්‍ය මාර්ගයක ගෙනියනවා නම් රැගෙන යා යුත්තේ වෙනත් වාහනයක පටවාගෙනයි.
සන්දීප් ප්‍රමුඛ මෙම තරුණ පිරිස මෙම යතුරු පැදියෙන් සාමන්‍ය මාර්ගයේ අධික වේගයෙන් ගමන් කිරීම නිසා නිළ රථයේ පටුපස වැදී තිබෙනවා. නිළ රථයද හානි සිදුවී තිබෙනවා.
ඒහිදී හානියක් සිදු වුනානම් එහි වන්දිය යතුරු පැදි හිමිකරුගෙන් ලබාගත යුතුයි. ඒ සම්බන්ධයෙන් නීතිමය කටයුතු කරන්න කියා අපි ඉල්ලා සිටිනවා....‘‘ යැයිද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.
COMMENTS
මෙතන තියෙන්නේ තනිකරම දේශපාලන පළිගැනීමක්, වාහනයේ පිටුපසින් ඇවිත් හැප්පුවා නම් යතුරුපැදි කරුගේ තමයි සම්පූර්ණ වරද..?
ඒක ගැන මේ තප්පුලන මහත්වරු මොකද කියන්නේ බලමු...
එහෙනම් මොන ඉලව්වකටද දෙයියනේ සීන් එකෙන් පලා ගිහින් සීසීටීවී මකලා තර්ජන කරලා මගුල් නැටුවේ... පිටිපස්සෙන් ඇවිත් වැදුණා නම් කිසිම කේස්එකක් නැහැනේ...,
පිටිපස්සෙන් ගිහින් රජයේ වාහනයක් හප්පලා දැන් බයිලා ගහන මේ තරුණයාට වහාම නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනෑ. ඒ වගේම කොහොමද නීතීවිරෝධි බයික් එකක් එයා සාමාන්‍ය පාරේ පාවිච්චි කරේ. අනිවාර්යයෙන්ම කාගේ හෝ හයියක් ඔලුවට අරන් කරපු වැඩක්. අනික ඔහුගෙන් වාහනයට කරපු හානියට අය කරගන්න ඕනෑ.
මොන වරද කළත් අම්බරුවන් කොළ පාටට කඩේ යති.
මන්ත්‍රී බෝසෙත් කළහේපතිරණ?
ඇස් දෙකින් දුටු අයගේ සාක්ෂි වලට අනුව සහ සී සී ටී වී පින්තුර අනුව එය නිගමනය කල යුතුය. මෙතන තර්ක කරන එකින් පලක් නැත.
මෙතන තියෙන්නේ තනිකරම දේශපාලන පළිගැනීමක්
වරද කාගේ අතේ වුනත් මේක දේශපාලන පළිගැනීමක් නොවෙයි කියලා පිළිගන්න කිසිම සාධකයක් නැහැ. විමල් වීරවංශලා කරපු දේවල් වලට තවමත් මොකුත් නැහැ.
ඕවගේ නොවේ ලංකාව අගාදයට ඇදපු, කෝටි ප්‍රකෝටි ආණ්ඩුවේ සල්ලි සාක්කුවේ දාගත්ත බුරුත්තම උපාසක ලීලාවෙන් දෙපැත්තේම ඉන්නවා උන්ට කිසි කරදරයක් නැහැ. මොටර් සයිකල් අනතුර තමා දැනට තියෙන ලොකුම ප්‍රශ්නය.
යතුරුපැදි එලවන්නන් අද මාර්ගවල අංක එකේ නීති කඩන්නන්. වාහනය සාපේක්ෂව කුඩා නිසා ඔවුන් අධික තක්සේරුවෙන් ධාවනය කරන්නේ.
ඔය කතා ඔක්කොම ඇත්තනම් ඔය කියන අහිංසක තරුණයාගේ අම්ම තාත්ත තොත්ත බබ්බු වගේ පුත් රුවන කිසි වරදක් නොකරපු අහිංසක දුප්පත් අයෙක් බවට සුදු පාට කරන එකට ඔවුන්ටත් විරුද්ධව නීති ක්‍රියාත්මක කරන්න ඕනේ.
අතුරු පාරකින් එක්වර නොසැලකිලිමත් ලෙස මහාමාර්ගයකට වාහනයක් දැමා හැරවූවොත් ප්‍රධාන පාරේ එන මෝටර් සයිකලයක් එම වාහනයේ පිටුපස වැදුනානම් වරද වාහනය පැදවූ අයගේ බව මෙයට කලින් අදහස් දැක්වූ බොහෝ අය නොදන්නා බව පෙනේ. සී සී ටී වී දත්ත මැකුවානම් ඒ පාඨලී වරදක් සඟවන්න යැයි සිතීම සාධාරණයි. පාඨලී සිත් පිත් නැති හෘදසාක්ෂයක් නැති අයෙක් බව මෙම අසරණවී ඇති තරුණයා දෙස ඇහැක් ඇර නොබැලීමෙන් පෙණීයයි
මට මෙතනදී මතක්වෙන්නේ ඔතන තියෙන පදිකමාරුවේදී ඔබේසේකරපුර හෝ බණ්ඩාරනායකපුර කෙනෙක් මෙම පදික මාරුවේදී හැපුණා නම් මෝටර් සයිකල්කරුට සිදුවන අලාභය ඉතා ඉහළ බවයි..
මෙය නොතේරෙන්නේ ඇයි? ප. ච. රණවක රිය අනතුර සිදු වීමෙන් පසුව එය වසන් කිරීමට කූට උපක්‍රම මගින් උසාවිය නොමග යවා ඇත. මෙවන් අමන ද්‍රෝහීන්ට නීතිය අනුව දඬුවම් දිය යුතුය.
මට තියෙන්නේ යුරෝප් ලයිෂන් එකක්...