(හසිත රංග ගුණතිලක)
බන්ධනාගාර ගතව සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට නිදහස පතා කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ පිහිටි සමාධි බුද්ධ ප්‍රතිමාව ඉදිරිපිටදී මහා සංඝරත්නය අද (23) පස්වරුවේ සත්‍යග්‍රහයක නිරත වූහ.
සත්‍යග්‍රහයෙන් පසු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් ඉටිපන්දම් සහ පන්දම් දල්වමින් ආණ්ඩුවේ දේශපාලන දඩයමට එරෙහිව සිය විරෝධය පළ කළහ.
මෙම අවස්ථාවට එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකයින් වන රවුෆ් හකීම් , පලනි දිගම්බරන් , මනෝ ගනේෂන් සහ එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි මුග්ධ දේශපාලන චරිත වෙනුවෙන් උතුම් වූ ත්‍රිවිධරත්නයට අපහාස නොකරන්න.
මෙය එක කණ්ඩායමකගේ වැරදි තීන්දුවක් අනික් කණ්ඩායම වේ වැරැද්ද රටට හරියට නිවැරදිව තේරුන්කර දුන්නොත් අනාගතේ ලැබියයුතු තීන්දුව හාත්පසින් වෙනස් වේවි ...!!!
නීතියට පටහැනි දෙයක් කරපු කෙනෙක් වෙනුවෙන් මහජන නියෝජිතයා හැසිරෙන ආකාරය ඉතාමත් පිළිකුල් සහගතයි නේද?
කෝ මේ දෙපැත්ත කන රනිල්?
මෙහෙව් රටට පායාවිද සූරියා?
ඔක්කොම හොරු එකතැනක.
මෙම නීති සම්පාදකයින් අනතුරට ලක්වූ සන්දීප වෙනුවෙන් සත්‍යග්‍රහය කළ නොහැක්කේ ඇයි? මෙය ඔවුන්ගේ සම්පූර්ණ ආත්මාර්ථකාමිත්වය පෙන්නුම් කරයි.
අල්ලන්න කිව්වේ පාස්කු ප්‍රහාරය සහ මහා බැකුව කඩපු අය නමුත් ඇල්ලුවේ පිරිසිදු සිංහල බෞද්ධ නායකයෙක්. මේ ආණ්ඩුව පන්නන සටන මෙතනින් පටන් ගනිමු.
මේවා දියුණු රටවල මිනිස්සු දැක්කොත් කියාවි ගෝත්‍රික යාගයක් කියලා. මිත්‍යා දෘෂ්ටිය ඉහ වහා පැතිරිලාගිය දුපතක්. ලැජ්ජයි.
මටනං හිතෙන්නෙ කරපු පව් මතක්වෙලා දෙවියන් යදිනවා වගේ තම තමන් වෙනුවෙන්. හොර තක්කඩි මූනු ගොඩක් මෙතැන තියෙනවා.
බුදු දහමට නිගා කරමින් පසු ගිය කාලයේ කල දේවල් අමතක වෙලාද?
හොදම බොරු කාරයෝ ටිකයි, බැංකු හොරු ටිකයි, පන්දම් පත්තු කරන් කොහෙද යන්නේ .. මෙහෙම ජෝගියක්. කරපු දේවල් නිසා දහඅට සන්නි නැතුවට ගැලවීමක් නැහැ.
පන්දම් අල්ලන එක අවුරුදු ගානක ඉඳල ඒ ගොල්ලන් කරන එකක් නිසා කමක් නැහැ. ඒ එක්කම අර අනතුරට පත් වූ ළමයටත් සෙත්පතා යමක් කලොත් තමයි වටින්නේ!
ආ.... මේකෙ ඉන්න අය ගෙනුත් වැඩි දෙනෙක් ළගදීම ජම්පර් අන්දවන්න සුදුසු අය. දැන්ම ආගම දහම සිහි කර ගන්න එක හොදයි.
හොරුන්ටත් කණ්ඩායම් ඉන්නවා නේ. ඉතින් ඒ තමයි ලෝකෙ හැටි.
වසල දේසපාලකයන්ව උඩ දම දමා හුරේ දාන මෝඩ මිනිස්සු ඉන්න හරිම අවාසනාවන්ත රටක් විදියට මේ උතුම් මාතෘ භූමිය පත්වෙලා තියෙන එක ගැන දැනෙන්නේ අසීමිත කනගාටුවක්.
දැන් මේ අය කරන්නේ පිළිකා රෝගීන්ගේ බෙහෙත් ටිකත් විකුණගෙන කාපු මිනිහෙකුට තෙරුවණ් සරණ පතන එකද? ඒක වෙනවා හිතාගෙන මේක කරනවා නම් ඔක්කොටම ඉස්සෙල්ලා අං තට්ටුවක් පැළඳ ගත්තොත් හොඳ!
අපිටත් පන්සල් එපා කරවනවා.....
අර පිට්ටනි සුද්ද කරන්න තාප්ප පිරියම් කරන්න ජනතාව එක් රැස් වුවා සේ මේ අමනයින් ඉවත් කිරීමටත් ජනතාව එක් රැස් විය යුතු කාලය පැමිණ ඇති බව හැගේ.
බොරු කාරෝයෝ සහ බැංකු හොරු එක පෙලට, දෙවියන් සිහි වෙච්ච මොහොතක් ...!!!!!!
අර අහිංසක කොල්ලට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරන්න මේ අයට බැහැ
අනේ මන්ද හොරකමක් කලත්, මිනීමැරුමක් කලත්, කුඩු වික්කත් පිරිත් කියන රටක්, අපේ ආගමට ගිය කලක්.
පිටිපස්සෙන් ඇවිල්ල හප්පලා තමන් තුවාල කර ගත්ත මිනිහ වෙනුවට ඉස්සරහින් ගිය මිනිහව හිරේ දාපු එක කොහෙත්ම සාධාරණ නැහැ .. සන්දීප් මාර්ගනීති කඩ කරලා රථ වාහන නීති උල්ලංඝනය කරලා නඩු කිහිපයකට වැරදි කරු වෙන්න සුදුසු කම් ලබල ඉන්න වෙලාවේ එක පාර්ශවයකට විතරක් දඩුවම් දුන්න එක ලොකු අසාධාරණයක් (පක්ෂ භේදයකින් තොරව ප්‍රකාශ කරමි ) මෙයාලටත් මෙහෙම වෙන්නත් ඕන මොකද අවුරුදු 5ක් හොරුන් කියලා පෙනී පෙනී නැලෙව්වානේ .. දැන් ඉතින් කන්නකෝ ආණ්ඩුවේ බත් එක ..
කිසිවෙකුටත් බුදුන් වහන්සේට පන්දම් ඇල්ලිය නොහැකිය. දේශපාලන වාසිය සඳහා නම් පන්දම් අත්‍යවශ්‍ය වේ මෙතන සිදු උනේ තම වාහනය සංඥා ලාම්පු නොදල්වා අතුරු මාර්ගයට හැරවීමත් එම නිසාම පසු පසින් පැමිණි යතුරු පැදිය එහි ගැටිමත්ය පළමු වරද අත් වැරදීමකි දෙවනුව සිදු උනේ වාහනය නොනවත්වා දාවනය කිරීම සහ පොලිසියේ අනුග්‍රහය ඇතිව වෙනත් රියදුරෙක් නඩු කටයුතු සඳහා ඉදිරිපත් කිරීමය.
පන්දම් කාරයෝ කවදත් පන්දම් තැනක් නොතැනක් හරි වැරැද්ද නොබලාම අල්ලති අර අසරණ ළමයට ඉක්මන් සුවය ලැබෙන්න වෙන්න ඇති.
මහා සංඝරත්නය මෙවැනි දේ සිදු කිරීමට පෙර සිතා බැලිය යුතුයි.
හොඳ ලී පාට නෑ. පාට ලී හොඳ නෑ.
එදා සිට නීතියේ තිබ්බ හිදැස් නිසා තමයි අද අපේ රටට මෙහෙම කලක් උදා වුනේ... එක්කෝ නීතිය ස්වාධීන විය යුතුයි... මාරුවෙන් මාරුවට පත්වෙන ආණ්ඩුවලට ගොට්ට අල්ලන්නේ නැතුව...
හොඳ වෙලාවට සීනිගම පොල් ගහන්න කලින් ඇප දුන්නේ...
මේවා හිනා කාල මැරෙන වැඩ.
සංඝ රත්නය ප්‍රතික්ෂේප කරපු අයට සංඝ රත්නයේ පිහිට පතන්න වෙච්චි හැටි?
අනේ එස්එෆ්!
ළමයෙක් හප්පන් ගිහින් පොලිසියේ සාක්ෂි වසන් කළ අය වෙනුවෙන් පෙනී සිටින අපුරුව...
කරන්න ඕන දේ හරියට නොකර දැන් මොනවා කරන්නද?
ඕනෙම දේශපලුවෙක් හොරා කාලා ,මිනි මරලා ,කරන්න තියෙන සේරම ජඩ වැඩ අපේ රටට එරෙහිව අපේ ජාතියට එරෙහිව කරලා එක්කෝ ොආයේම ඊළඟ ආණ්ඩුවට හේත්තු වෙලා ඇමතිකම් ගනියි. බොරුවට දේශපාලන සංදර්ශන තියනවා අලුත් ආණ්ඩුවක් ආව ගමන් ඒ අර ඡන්දේ දාපු මිනිස්සුන්ව පොඩ්ඩක් චුන් කරන්න. මට හිතෙන්නේ මේ වෙන්නෙත් එකම තමයි. අනික දේශපාලු නරියෝ හිරේට දැම්මම ඒ අය ඉල්ලනවා ඇප.එහෙම නැත්නම් උන් යනවා ඉස්පිරිතාලෙකට. කෑම බිම ගේන්නේ ඒ අයගේ අය. මාර සැප ඒ අයට. අහිංසක එකෙක් ගියොත් පොල් ගෙඩියක් කඩලා අහුවෙලා හතර හන්දි කඩල දානවා හත් අවුරුද්දකට හිරේ. දේශපාලුවන්ට ඇප දුන්නත් දෙන්නේ පොඩි ගානක්. අර අහිංසකයන්ට නියම කරනවා ගෙවන්න ලක්ෂ ගණන්. ඇයි ඒ අයට විතරක් එක නීතියක් ...මේක තේරුම් ගන්න කාලේ හරි අපේ රටේ මිනිස්සුන්ට. අපේ අය ආයෙම රැවටෙනවා. මේක හොඳ අවස්ථාවක් තේරුම් අරගෙන එනපාර ඡන්දෙන් අපි හිටපු එක නරියෙකුටවත් ඡන්දෙ දෙන්න එපා. රට ගොඩ ගමු. දේශපාලන පක්ෂ පාට කණ්නාඩි දාගෙන ඉන්න අය මට බනීවි.
සත්‍ය සොයා යනගමනේ බඩවඩා ගත්තෝ හමුවෙනවා දකිනවා. හොර, බොරු, වංචා සඟවා ගත නොහැකිය.
ලැජ්ජා නැති කම තමයි. ගුරුකන්දේ හාමුදුරුවන්ගේ අාදාහනයට කටවහන් හිටපු අය... ගොබ්බයෙක් නිදහස් කරන්න දඟලනවා.