
(මුදිතා දයානන්ද)
‘‘බලාපොරොත්තු අත්හැර නොගනිමු‘‘, ‘‘ගොඩ එමු- ගොඩ නගමු‘‘ යන තේමාව යටතේ 43 සේනාංකයේ ජාතික මහා සමුලූව එහි නායක හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප‍්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර මොනාච් ඉම්පිරියල් උත්සව ශාලාවේදි අද පැවැත්විණි.
ගොඩනගමු යන තේමාව යටතේ හඳුන්වාදිම ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා කථිකාචාර්ය අනුරුද්ධ ප‍්‍රදීප් මහතා විසින්ද ගොඩඑමු යන තේමාව යටතේ වැඩපිළිවෙල හඳුන්වාදිම පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින්ද සිදු කරනු ලැබූහ.
මෙම අවස්ථාවට හිටපු අමාත්‍යවරුන් වන එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, හිටපු කතානායක කරු ජයසූරිය, සාගල රත්නායක, සමගි ජනබලවේගයේ ප‍්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් මද්දුමබණ්ඩාර, හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම, හිටපු අමාත්‍යවරුන් වන සමගි ජලබලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන තලතා අතුකෝරල, කබීර් හෂීම්, මනෝ ගනේෂන් හා හිටපු ආණ්ඩුකාර කිර්ති තෙන්නකෝන් යන මහත්ම මහත්මීන් ඇතුුලූ විශාල පිරිසක් එක්ව සිටියහ.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)


COMMENTS
පොතක් රුපියල් කීයද? පාට ලී වගේ නමක් හොඳයි මෙයාට... මෙයා පාට මාරු කරන නිසාම..
බලාපොරොත්තු අත්හැර නොගනිමු... ‘‘ගොඩ එමු- ගොඩ නගමු අපත් එම අදහසට එකඟ වන්නෙමු. නමුත් ශ්‍රී ලංකාවේ මීළඟ නායකයා කවුරුන් උවද පත්කර ගතයුතු වන්නේ පිරිසිදු ඉතිහාසයක් තිබෙන සංවේදී මානුෂික හදවතක් තිබෙන නීතියට ගරුකරන අවංක සියලු ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් පෙනිසිටින්නකු මිස අවස්ථාවාදී හෝ මමත්වයෙන් පෙළෙන පුද්ගලයින් නොවේ...
ඔක්කොම මේකට වින කටලා කටලා දැන් ගොඩ ගනිල්ලා...
මුන්දැත් කටින්ම "ඥානකතා" පැලකරන අපතයෙක් වෙලා දැන්නම්. බබා වගේ සුද්ද වන්තයා වගේ කතා කරාට සිල්රෙදි ගැලවිලා ගොඩක්කල් නේද ගොයියෝ...?
කෝ මෙතන අනික් වෙන්න ජනපති නෑනේ... ඉන්නම ඕනෑ කෙනා නෑ. මේ ඔක්කොම දේශපාලන ගේම් පමණයි. කපන්න බැරි අත ඉඹිනවා.
"ගොඩ එමු-ගොඩ නගමු" පැහැදිලිවම අදූෂිත, රටට වැඩක් කිරීමට හැකියාව ඇති කොටසක් භේද දුරලා තෝරාගන්න. එවිට ඡන්ද දායකයාට හිතට එකඟව කතිරේ ගහන්න පුළුවන්. මෙතෙක් කල් රට හොරාකාපු හොරුන්ට සහ එම මුදල්වලට මොනවද කරන්නේ කියලා පැහැදිලි කිරීමක් කරන්න. හොරු එකෙක් නෑර ඇතුළට දමන්න. වියත්මගේ වගේ මෝඩයින්ට රැවටෙන්න එපා. කල්පනාකාරී වන්න.
මෙයා තනියම මුදුනා වෙන්න ගිහින් ඔක්කොම අනාගන්නවා.
නඩුවලදි රෝහලට බොරු ලෙඩ පෙන්නා. නඩු කල් ගියාම ලෙඩ හොඳයි.
චම්පක රණවක ළඟ නායකත්වයට සුදුසු දැනුම හැකියාව තිබෙනවා, මගේ යෝජනාව 43 සේනාංකය ජාතික ජන බල වේගයට එකතු විය යුතුයි. රාජපක්ෂලා අනිවාර්යයෙන්ම සජිත් එක්ක ඩීල් දානවමයි. 100% ඒක ෂුවර්
ඔක්කොම හොඳයි. එත් උසාවියෙන් කතා කරාම ඇඳ යටට යන එක තමයි වැරැද්ද.
මේ ගොල්ලන්ට සෙනාංක පිහිටුවන්න සිහිවන්නේ විපක්ෂයට තල්ලු වුණාම, හරියට මෙගාසිටි වගේ...
ජනතාවට ඕනෙවෙලා තියෙන්නේ එක එක්කෙනා බලයට ගේන එක නෙවෙයි. ජනතාවට සහන සලසන රට දියුනු කරන පොදු වැඩ පිළිවෙළයි. ඒකට දූෂණයෙන් තොර වරප්‍රසාද අපේක්ෂා නොකරන කණ්ඩායමක් ලෙස ඉදිරියට එන්න.
රටේ නීතිය තුට්ටුවකට මායිම් කරන්නේ නැති මේ වගේ අයට රට භාරදෙන්නේ කොහොමද.?