
(ළහිරු හර්ෂණ)
අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා 2016 වසරේ පෙබරවාරි මස 28 වනදා ජීප් රථයක් ධාවනය කරමින් සංදීප් සම්පත් නමැති තරුණයකුට බරපතල අනතුරක් කළැයි කියන සිදුවීම සම්බන්ධ නඩුව සැප්තැම්බර් මස 17 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම අද(28) කළේය.
එම නඩුවේ ඉදිරි පියවර සලකා බැලීම සඳහා මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි විත්තිකරුවන් ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, එම අමාත්‍යවරයාගේ රියදුරු ලෙස ක්‍රියා කළ දිලුම් තුසිත කුමාර සහ සිද්ධිය වූ වකවානුවේ වැලිකඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස ක්‍රියා කළ සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල යන මහත්වරු අධිකරණය හමුවේ පෙනී සිටියහ.



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.