(මහින්ද නිශ්ශංක)
අන්තර් පළාත් දුම්රිය හතෙන් දුම්රිය මගීන් 2983 දෙනකු කොළඹට පැමිණ ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
මාසයකට අධික කාලයක් නතර කර තිබූ අන්තර් පළාත් දුම්රිය ධාවන කටයුතු අද පෙරවරුවේ සිට නැවත ආරම්භ කිරීමට් දුම්රිය බලධාරීහු කටයුතු කළහ.
ඒ අනුව මහනුවර සිට දුම්රිය දෙකක්,රඹුක්කන, මහව, හලාවත, ගාල්ල සහ බෙලිඅත්ත සිට එක් දුම්රිය බැගින් ධාවනයට එක් කර තිබුණි.
මහනුවරින් පිටත් වූ පළමු දුම්රියෙන් මගීන් 280ක් ද දෙවන දුම්රියෙන් මගීන් 232ක් ද කොළඹ දක්වා ගමන් කර ඇත. රඹුක්කන දුම්රියෙන් මගීන් 196ක්, මහව දුම්රියෙන් 275ක්, හලාවත දුම්රියෙන් 800ක්, ගාල්ල දුම්රියෙන් 550ක් හා බෙලිඅත්ත සිටි ආ සාගරිකා දුම්රියෙන් 650 දෙනකු වශයෙන් ගමන් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීළඟ ප්‍රවෘත්තිය කොළොඹ ඇවිල්ලා කොරෝනා හදාගෙන යයි...