IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පිට පළාත්වල පාසල් සිසුන්ටත් කොවිඩ් එන්නත්

(ඩයනා උදයංගනී)

‍පාසල් සිසුන්ට එන්නත් ලබාදීම මෙතෙක් සිදුවූයේ බස්නාහිර පළාතේ පමණක් වන අතර පිට පළාත්වල දරුවන්ට එන්නත් ලබාදීම අද (21)  ආරම්භ කෙරිණි.

බස්නාහිර පළාතේ එන්නත්කරණ වැඩසටහන ආරම්භ කළේ අවුරුදු 18 - 19 වයස්වල සිසුන් වෙනුවෙන් වන අතර මෙරට සෑම පළාතකම සිටින අවුරුදු 16ත් 19ත් අතර සියලු පාසල් සිසුන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීම ද හෙට (22) සිට ආරම්භ කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් හා දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට උපදෙස් දී ඇති බවත් මෙම එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව ඔවුන් තීරණය කරනු ඇති බවත් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේය.


ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් රත්නාවලී බාලිකා විද්‍යාලයේදී සිසුවියන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීම

(ඡායාරූප: තිලකරත්න දිසානායක)


නිකවැරටිය මහසෙන් ජාතික පාසලේදී උසස් පෙල සිසුන් සඳහා කොරෝනා මර්ධන එන්නත් ලබාදීම

(ඡායාරූප: ප්‍රියානි මංගලිකා)


හම්බන්තොට දිස්ත්‍රික්කයේ හුංගම විජබා ජාතික පාසලේ දී අම්බලන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්ය මන්ඩලය විසින් පාසල් දරුවන්ට එන්නත් ලබා දීම

(ඡායාරූප: සනත් ගමගේ)


කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලය

(ඡායාරූප: දිනේෂ් උපේන්ද්‍ර)


කෑගල්ලේ පාසල් දරුවන් සඳහා කොවිඩි මර්දන ෆයිසර් ඵන්නත ලබාදීම කෑගල්ල බාලිකා මහා විද්‍යලයේදී සිදුකෙරිණි

(ඡායාරූප: නයෝමි දිල්රුක්ෂි)



අදහස් (0)

පිට පළාත්වල පාසල් සිසුන්ටත් කොවිඩ් එන්නත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site