(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
හීන්දෙනිය - පට්ටිගොඩ ප‍්‍රදේශයේදී අද (30) සවස දුම්රිය අනතුරකට ලක්වූ බව කියන පාසල් සිසුවෙකු වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි වේයන්ගොඩ පොලිසිය කියයි.
ගම්පහ ප‍්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන බව කියන මෙම පාසල් සිසුවා පාසල අවසන් වී නිවසට යාමට වේයන්ගොඩ දක්වා දුම්රියෙන් ගමන් කරමින් සිටියදී සවස හතරට පමණ මෙසේ අනතුරට පත්ව ඇතැයි පොලිසිය සඳහන් කරයි.
දුම්රියෙන් වැටීමෙන් බරපතල තුවාල ලැබූ සිසුවාට වතුපිටිවල මූලික රෝහලේදී මූලික ප‍්‍රතිකාර ලබාදී වැඩිදුර ප‍්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇතැයි පොලිසිය කීය.
සිසුවා දුම්රිය පාපුවරුවේ ගමන් කරද්දී අනතුරට ලක්වී ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇති බවත් අනතුරට හේතුව කුමක්දැයි අනාවරණය කර ගැනීමට වේයන්ගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වන බවත් පොලිස් නිලධාරියෙකු පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd