(මනෝප‍්‍රිය ගුණසේකර)
පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය වළක්වා ගැනීමට හෝ එම ප‍්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීමට ක‍්‍රියා නොකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රික්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්වරුට ඇප නියම කරන්නැයි ඉල්ලමින් කොළඹ මහාධිකරණයට වෙන වෙනම ඇප ඇයැදුම් දෙකක් ඉදිරිපත් කර ඇත.
හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතාට ඇප නියම කරන්නැයි ඉල්ලමින් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා හමුවට ද අනිවාර්ය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාට ඇප නියම කරන්නැයි ඉල්ලමින් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා හමුවටද වෙන වෙනම ඇප ඇයැදුම් දෙකක් ඉදිරිපත් කර ඇත.
හේමසිරි ප‍්‍රනාන්දු මහතාට ඇප ඉල්ලා ඉදිරිපත් කර ඇති පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීම සඳහා ද පුජිත් ජයසුන්දර මහතාට ඇප ඉල්ලා ඉදිරිපත් කර ඇති පෙත්සම ද අද (27) කැඳවීමට අධිකරණ විසින් දින නියම කරන ලදී.
පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය වළක්වා ගැනීමට හෝ එම ප‍්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීමට ක‍්‍රියා නොකිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබු හේමසිරි ප‍්‍රනාන්දු සහ පුජිත් ජයසුන්දර යන මහත්වරුන් අධිකරණයට ඉදිරිපත් කළ මුල් අවස්ථාවේදී කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය විසින් ඔවුන් ඇප මත මුදා හරිනු ලැබුවාය.
කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරියගේ නියෝගයට එරෙහිව නීතීපතිවරයා ඉදිරිපත් කළ අභියාචනයක් සළකා බැලූ කොළඹ ප‍්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා මහේස්ත‍්‍රාත්වරියගේ නියෝගය ප‍්‍රතිශෝධනය කරමින් සැකකරුවන් දෙදෙනා යළි රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කෙරිණි.
ඒ අනුව රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැකකරුවන් දෙදෙනාට ඇප නියම කරන්නැයි ඉල්ලමින් සැකකරුවන් විසින් වෙන වෙනම ඇප ඇයැදුම් පත් දෙකක් ඉදිරිපත් කර ඇත.
එම ඇප ඇයැදුම්පත් සම්බන්ධයෙන් ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගනිමින් මෙම ඇප අයැදුම්පත් අද (27) කැඳවීමට නියම කෙරිණි.
2025 දෙසැම්බර් මස 04
266
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
404
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
388
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පූජිත්-හේමසිරිට ඇප ඉල්ලා මහාධිකරණයට ඇප අයැදුම් දෙකක්